(සුජිත් හේවාජුලිගේ)
රෝගීන්ගේ වැඩිවීමට හේතුව ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය පැතිරීම බව බොහෝ දුරට විශ්වාස කළ හැකි යැයි අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවැසීය .
මේ අතර ඔක්සිජන් අවශ්‍ය කොරෝනා රෝගීන්ගේ සැලකිය යුතු ඉහළ යෑමක් දක්නට ඇති බවත් විශේෂයෙන් බස්නාහිර පළාතේ රෝහල්වල මේ තත්වය කැපී පෙනන බවත් හෙතෙම සඳහන් කළේය .
රෝගීන්ගේ ප්‍රමාණය තවමත් දෙදහසේ සීමාවේ යැයි පවසමින් සතුටුවීම තරම් බරපතළ වරද්දක් තවත් නැතැයි පැවසූ විශේෂඥ වෛද්‍යවරයා ජනතාව සෞඛ්‍ය නීති නිසියාකාරව පිළිපදිමින් කටයුතු නොකළහොත් රෝගීන්ගේ ප්‍රමාණය තවදුරටත් ඉහළ යා හැකි බවද කීවේය .
එසේ වුවහොත් පසුගිය මැයි මාසයේ තිබූ තැනට රට යළි ගමන් කළ හැකි බවද හෙතෙම පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩෙල්ටා, කැන්ඩොස් වෙයිද දන්නේ නැහැ නේද?
මෙවැනි අවදානම් තත්වයක් ඇති මොහොතේ , සම හරක්ට විහිළුවක් .හරිම කණගාටුයි කියන්න මෙවැනි උනුත් අප අතර ඉන්න එක ගැන.සවසකට යටත් පිරිසෙන් 50ක් වත් මියයනව.
තත්ත්වය ඉදිරියේදී භයානක වෙනවා. එය තේරුම් ගෙන කටයුතු කළොත් 5000 ඉල්ලාගෙන කෑ ගහන්න ඕනෑ වෙන්නේ නැහැ. ඔය උද්ඝෝෂණ කරන අය විශේෂයෙන්ම...