IMG-LOGO

2025 පෙබරවාරි මස 12 වන බදාදා


යාපනය සරසවියේ කඩා දැමූ ස්මාරකය යළි ඉදිකරයි

 

(ලක්ෂ්මී ජයකොඩි)

කඩාබිඳ දැමුණු යාපනය විශ්ව විද්‍යාලයේ මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකය යළි ඉදි කිරීම සඳහා වන මුල් ගල් තැබීම එම විශ්ව විද්‍යාලයේ උප කුලපති එස්. සිරිසත්ගුණරාජා මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද  (11) උදෑසන සිදු කෙරුණි.

ඒ සමඟ මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකය කඩාබිඳ දැමීමට විරෝධය පළ කරමින් විශ්ව විද්‍යාල  ආරම්භ කර තිබුණු මාරාන්තික උපවාසයද එම සිසුහු අවසන් කළහ.

යාපනය විශ්ව විද්‍යාල උපකුලපතිවරයා හා උපවාසයේ නිරත වු සිසුන් අතර පැවති සාකච්ඡාවකින් පසුව සිසුන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට උපකුලපතිවරයා එකඟ වී තිබේ.
එම සාකච්ඡාවෙන් පසුව මාරාන්තික උපවාසයේ නිරතව සිටි සිසුන්ට උපකුලපතිවරයා විසින් කැඳ ලබාදි උපවාසය අවසන් කරනු ලැබීය.

ඉන් පසුව එම සිසුන් හා එක්ව උපකුලපතිවරයා කඩාබිඳ දැමුණු ස්මාරකය පැවති ස්ථානයේම අලූත් ස්මාරකයක් ඉදි කිරීමට මුල්ගල් තැබුවේය.
යුද්ධයෙන් මිය ගිය යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් සේවකයින් නිළධාරීන් සිහිපත් කිරීම වෙනුවෙන් යාපනය විශ්ව විද්‍යාල පරිශ‍්‍රයේ ඉදිකර තිබුණු මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකය පසුගිය (08) වනදා රාති‍්‍රයේ එම විශ්ව විද්‍යාලයේ පරිපාලනයේ උපදෙස් මත කඩාබිඳ දැමීය.

එයට දැඩි විරෝධයක් දැක්වු එම විශ්ව විද්‍යාල සිසුන් එදින රාති‍්‍රයේ සිට අද උදෑසන දක්වා මරාන්තික උපවාසයක නිරත වුහ.

 


 ( ඡායාරූප -රොමේෂ් මධුෂංක) 
 



අදහස් (26)

යාපනය සරසවියේ කඩා දැමූ ස්මාරකය යළි ඉදිකරයි

ලුම්බිණි Monday, 11 January 2021 06:01 AM

මුලින්ම කඩපු එකත්, පසුව යලි හදන එකත් දෙකම මෝඩ වැඩ...

:       2       43

fairoosMonday, 11 January 2021 07:35 AM

මේ ආණ්ඩුව ආපු දා ඉඳන්ම කරන්නේ ඕක තමයි. ගැසට් ගහනවා...ආපහු කැන්සල් කරනවා.

:       11       34

BamunuarachchiMonday, 11 January 2021 11:36 AM

හලෝ ආණඩුව නොවෙයි ඕක කැඩුවේ ඔහෙලගේම කුලපතියි. ආණ්ඩුව කැඩුවා නම් නැවත ඉදිකරන්න තියන්නේ නැහැ.. එ්ක මතක තියා ගන්න. ගොන් පාට් දාන්න එපා..

:       29       8

අනුර පැස්කුවල් Monday, 11 January 2021 02:05 PM

අනිත් බයියෝ ඔළුව කකුල් දෙක අස්සේ ගහගෙන ඉන්න වෙලාවක බමුණුආරච්චි වගේ කීප දෙනෙක් නිර්භීතකමට හරි, ගොන්කමට හරි මෙහෙම ප්‍රතිචාර දාන එක ගැන සන්තෝෂයි.

:       4       26

BamunuarachchiTuesday, 12 January 2021 01:59 AM

පොහොට්ටුවේ බයියන් කවදත් නිර්භීතයි. අපි දැක්ක යහපාලනේ කබ්බන් බලයේ ඉන්න සුලුජාතිකයින් ඉල්ලුවොත් ගෙදර අයත් දෙන්න සූදානමින් සිටි බව. සමහර අය මුස්ලිම් වෙන්නත් සූදානමින් සිටියා. සිංහල අපි කාටද බය?

:       1       0

පිටිගල මිලානෝ Monday, 11 January 2021 06:57 AM

ඔය වැඩේ රනිල් කරානම් රනිල්ව පට්ට ගහලා. නන්දසේන කරාම මීක් නෑ.

:       13       59

rasikaTuesday, 12 January 2021 06:28 PM

රනිල් කළේ ඔය සිල්ලර වැඩ නොවේ. ගිනි තියන එක, ජෙප්පන්ට දඬුවම් දෙන එක.. තමයි.

:       0       0

ජයන්ත මිලානො Monday, 11 January 2021 07:05 AM

මෝඩයින්ගේ සහ විහිළු කාරයින්ගේ රට....

:       5       47

Sk Monday, 11 January 2021 07:11 AM

දෙගොල්ලන්ම වෙනස් නේ... අපි රැවටුණා.

:       3       35

දිමුත්Tuesday, 12 January 2021 05:07 AM

අපි වෙනසක් බලාපොරොක්කු වුණාට වැඩක් නැහැ. වෙනසක් නැහැ.

:       0       0

chathuri Monday, 11 January 2021 07:29 AM

ඔය ස්මාරකය කැඩීම පිටුපසත් ඉන්නේ නන්දසේනම තමයි. නමුත් දැන් හැමපැත්තෙන්ම හිරවෙලා. ඒ මදිවට ජාත්‍යන්තරයෙන් තර්ජන... මාර්තු මාසේ ජිනීවා මානව හිමිකම් ආයතනයෙන් අපිට ඔලුව උස්සන්න බැරිතරම් පීඩනයක්... අන්තිමට පහතටම වැටුණා.

:       17       48

BamunuarachchiThursday, 14 January 2021 08:12 AM

එහෙනම් රට අසාද්සාලි, බදියුදීන්ලාට දෙමු නේද? අත උස්සන්න බලන්න. මේ ගොල්ලෝ එක අතක් නොවෙයි අත් දෙකම උස්සයි. ඒ තරම් ජාති මාමකයින්...

:       0       1

Rata Perata Monday, 11 January 2021 07:34 AM

එතකොට නන්දසේන තුමාත් ඉන්නවද?

:       8       33

BamunuarachchiWednesday, 13 January 2021 12:11 PM

අන්න එහෙම කතා කරන්න... ගොන්පාට් දාන්නේ නැතිව...

:       0       0

Prabha Monday, 11 January 2021 07:51 AM

ඔය මොන පිළිමෙත් අන්තිමේට ලගින්නේ කපුටන්... හැමදේම උණුසුම තියෙන්නේ පොඩි කාලයයි.

:       0       31

ara Monday, 11 January 2021 08:40 AM

සෑම ඉසව්වකම වර්ගවාදය පැතිරිලා ඔවුනොවුන් ඇන කොටාගන්න ආසන්නයි. කොමියුනිස්ට් වාදීන්ට මැදිහත් වන්නට සිදුවේවි. විනාශය නවත්වන්න නම්.... එසේ නැතිනම් එකිනෙකාට ගරු කරන්න උගන්වන නවතම දර්ශනයක අවශ්‍යතාවය තදින් දැනේ...

:       5       15

අතුල සයුදි Monday, 11 January 2021 08:45 AM

අනේ ලක්ෂ්මි.... නොදන්න මගුල් කතා නොකර ඉන්නවද? මේක හදලා තියෙන්නේ 2018 යමපාලන කාලයේ, යුද්ධයෙන් මියගිය විශ්ව විද්‍යාල සිසුන්, නිලධාරින් සිහිපත් කිරීමට නෙමෙයි මියගිය ත්‍රස්තවාදීන් සිහිකිරීමට... තමන් සිදුවීම් වාර්තා කළාට පාඨකයන්ගේ මොල හෝදන්න යන්න එපා. සිද්ධියක් උඩින් පල්ලෙන් අතගාන්න එපා.

:       23       13

chandaniMonday, 11 January 2021 10:31 AM

කාගේවත් නොවෙයි ඔබේ මොලය ශුද්දකර ගන්න. ඔබ වැනි මෝඩයින් තවමත් හිතන්නේ ලෝකය තියෙන්නේ ලංකාව ඇතුලේ කියලා. ගෙම්බා ළිඳ ඇතුලේ ඉන්නකම්ම හිතන්නේ ළිඳෙන් පිට ලෝකයක් නැහැ කියලා. ඔබ ඉන්න බයියන්ගේ ළිඳෙන් එළියට ගොස් ලෝකය දෙස බලන්න. එතකොට තේරේවි අපිව ලෝකය පිළිගන්නේ කවුරුන් ලෙසද කියලා. අපි තවමත් වනචාරින් ලෙස සලකන රටවල් තිබෙන බව ඔබ දන්නවද? ඒ අපේ දේශපාලුවන්ගේ වනචාරී ගෝත්‍රික වැඩ නිසයි. විශේෂයෙන්ම පොහොට්ටුවන්ගේ...!!!

:       21       22

BamunuarachchiMonday, 11 January 2021 11:46 AM

හලෝ එයාගේ මොලෙයි ලෝකේ ගැනයි, ටොයියෝ, බයියෝ ගැනයි දොඩවන්නේ නැතුව එය වැරදි කියන්න තමාගේ අදහස ඉදිරිපත් කරන්න. නිකන් පල් හෑලි දොඩවන්නේ නැතිව... මේ ස්මාරකය ඉදි වුනේ මොන අවුරුද්දේද කියලා කියලා තිබෙනවා. එ්කෙන් අපි දැනගත්තා හිටපු ආණ්ඩුව අර අලිමංකඩ පාමංකඩ නොදන්නා ගොබ්බයින් කියලා...

:       19       8

Asanga Monday, 11 January 2021 12:00 PM

මටනම් පේන්නේ කඩේ යන අය බොහෝය කියලයි.

:       2       11

BamunuarachchiTuesday, 12 January 2021 07:04 AM

ඒ කාලෙනේ ක්‍රෝටන් ගස් වටේ ගියේ ක්‍රෝටන් කොළ කන්න දැන් කඩවල බඩු තිබෙනවා. ඉතින් කඩේ යන එක කියන්න දෙයක්ද?

:       0       0

fairoos Monday, 11 January 2021 01:30 PM

බමුණුආරච්චි බයියෙක් බව අපි හැමෝම දන්නවා. අම්මපා තාමත් කඩේ යනවනේ..

:       4       25

කුමාර Monday, 11 January 2021 04:51 PM

හැමදෙනාම දන්නේ සිද්ධිය ගැන තැන්තැන් වලින් අහුලාගත් කොටස් විතරක් බවයි පෙනෙන්නේ. 2018 දී ශිෂ්‍ය සංගමය මෙය හදන්න සූදානම් වෙද්දි රජයේ බලපෑම මත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඒක නතර කරන්න උත්සාහ කළා. ශිෂ්‍යයන් වැඩේ නතර කළ බව පෙන්නුවා. ඔවුන් සිහිවටනය රහසේ වෙන තැනක ඉදිකරලා එක රැයක් තුළ සරසවි භූමියට ගෙනැවිත් සවි කළා‍‍. මෙය මියගිය ත්‍රස්තවාදීන් සිහිකිරීමට නොව මුල්ලිවයික්කාල් හිදී මියගිය බව කියන සිවිල් වැසියන් වෙනුවෙන් ඉදි කරන ලද්දක්. යාපනය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයා ට තනතුර අහිමි වීමට මූලික හේතුව වූයේද මෙම ස්මාරකයයි.

:       0       0

Hafeel Monday, 11 January 2021 05:53 PM

අනේ නන්දසේන සර් බලයේ හිටියා නම්, මෙහෙම වෙන්න නැහැ.

:       0       0

nilmini Tuesday, 12 January 2021 02:18 AM

බමුණු අයියේ, මේ ගොල්ලන් කියන ඒවා ගණන් ගන්න එපා. කවුරු මොනවා කිව්වත් ලෝකය ගෝලාකාර නොවේ. පැතලියි කියලා මේ ගොල්ලන්ට තේරුම් කරන්න දෙන්න බැහැ.

:       0       1

BamunuarachchiTuesday, 12 January 2021 07:01 AM

මල්ලී 2007 සිට ඩයස්පෝරාව එක්ක හැප්පුණු මට මේ ගොල්ලෝ කවුද? අන්න ගොයියෙකුට හම්බවෙලා අවුරුදු 4ක් බරපතල වැඩ ඇතිව රෙදි අපුල්ලන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

’අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය’ අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්
2025 පෙබරවාරි මස 12 56 0

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ටවර් හෝල් රඟහල පදනම 5 වැනි වරට සංවිධානය කළ ’’අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය’’ ‘ටවර් නාට


සැඟවූ කීරි සම්බා කිලෝ 15,000ක් පිටකොටුවේ
2025 පෙබරවාරි මස 12 170 0

පිටකොටුව ප්‍රදේශයේ කළ වැටලීමකදී සගවා තිබූ කීරි සම්බා කිලෝග්‍රෑම් 5 අසුරන 3,000 ක කිලෝග්‍රෑම් 15,000 ක් භාරයට ගෙන නඩු පැවරූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි


හොරෙන් ගෙනා කෝටි 4ක සැප රිය සමග අයෙක් මාට්ටු
2025 පෙබරවාරි මස 12 316 0

නීති විරෝධීව කන්ටේනර් රථයකින් මෙරටට රැගෙන ආ කෝටි 4ක් පමණ වටිනා මොන්ටීරෝ ජීප් රථයක් සමග හෝටල් සමූහයක කෝටිපති ව්‍යාපරිකයෙක් ඊයේ (11) පැලවත්ත, ජපන් මිත්‍රත


වාද්දුවේ සිද්ධියට පොලිසියේ 4ක් අත්අඩංගුවට
2025 පෙබරවාරි මස 12 172 0

වාද්දුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරි පුද්ගලයකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් අනතුරුව වා


ලංකාව ලකුණු 49කින් ඕස්ට්‍රේලියාව පරාජය කරයි
2025 පෙබරවාරි මස 12 293 0

ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග දෙකකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12) පැවැති පළමු තරග


චීන්නුන්ට කසිප්පු විකිණූ චීනෙක් අත්අඩංගුවට
2025 පෙබරවාරි මස 12 236 1

වැල්ලම්පිටිය බ්‍රැන්ඩියාවත්ත ප්‍රදේශයේ නිවෙසක කසිප්පු පෙරා ෂැෂේ පැකට්වල අසුරා කොළඹ අවට සහ වරාය වැඩබිමිවල සේවය කරනු ලබන චීන ජාතිකයන්ට කසිප්පු අලෙවි


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 122 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 125 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 910 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site