(රංජන් කස්තුරි)
තොරතුරු තාක්ෂණය සඳහා වූ ව්‍යාපාර මධ්‍යස්ථානයක් යාපනයේ පිහිටුවීමට ඉන්දීය රජය රුපියල් කෝටි 25ක මූල්‍ය ප්‍රදානයක් ලබා දීමට එකඟතාව පළකර තිබේ.
එම නාගරික මධස්ථානය මගින් උතුරු පළාතේ තොරතුරු තාක්ෂණ සේවා හා අනෙකුත් වෘත්තීය සේවා සඳහා අවස්ථාවක් හිමි වන බවද ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
මීට අමතරව පුනරුත්තාපනය හා නැවත පදිංචි කිරීම සඳහා විවිධ සංවර්ධන ව්‍යපෘතීන් යටතේ රජය උතුරු පළාතේ නිවාස 46000ක් ඉදිකර ඇති අතර 1990 හදිසි ගිලන් රථ සේවාවක්ද එම පළාතේ ක්‍රියාත්මක කර තිබේ.
COMMENTS
යාපනයටයි වතුකරයටයි ඉන්දියානුවන් දක්වන මේ අනුකම්පාව ගැන සැකයක් එජාපයින්ට නැත්තේ ඇයි.
බමුණු, ඉන්දියානුවන්ගේ මේ අනුකම්පාව ගැන සැකයක් ඇතිකර ගැනීමට තරමටවත් එජාපය මුහුකුරා ගිහින් නැතිබව හොඳින්ම ඔප්පුවෙනවා. අපි කියමු ඔය එජාපයේ දේශපාලන ඔස්තාර්ලාට හැකිනම් ' ඉන්දු ලංකා ගිවිසුම ගැන නැවත සමාලෝචනයක් ' කිරීමට ඉන්දියාවට යෝජනා කරන්න කියලා. එක්කෙනෙක්වත් " හා ..හොඳයි.." කියන්නේ නැහැ. මේකට ගොඩාක් හේතු සාධක තියෙනවා.
"මීයක් කඩන්නේ අත ලෙවකන්නද?" කියලා මගේ සීයා අහනවා. මෑත කාලයේදී රාමේශ්වරම් හරහා හනුමා පාලමක් හදන්නත් ඉන්දියාව දැගලුවා. ඒක නම් දැන් හිරවෙලා වගෙයි. ඉන්දීය අගමැති මෝදිගේ රට 100% සංවර්ධනය වෙලා තිබෙන නිසාද මේ විදියට අසල්වැසි අපේ රටට ආදරේ කරන්න පටන් ගත්තේ? එරටේ දැන් දුගද හමන මුඩුක්කු නැද්ද? හැම ඉන්දියානුවෙකුටම ගස්මුල් නොසොයා ශරීර කෘත්‍යය කිරීම සඳහා නවීන පන්නයේ වැසිකිලි පද්ධති තිබේද? සතුන්ටවත් ගිලින්න බැරි තරමට කුණු වූ, බාල්දි නොපෙරලා රසවත් කෑම සොච්චම් හොයන පවුල් දැන් මෝදිගේ ඉන්දියාවේ දකින්න නැද්ද? මේ විදියේ ලැයිස්තුවක් ලියන්න ගියොත් හෙට එළිවෙයි, ඉවර වෙනකොට! කොහොම උනත් ධනවත් මෝදී අත දිග හැරලා දෙනවා නම්, අපිත් ඒකෙන් උපරිම ප්‍රයෝජන ගැනීමේ කිසිම වරදක් අප දකින්නේ නැත! කොහොම උනත් අපේ රට කරවන අයත් ටිකක් විමසිල්ලෙන් ඕවා බාරගන්න ඒක සුබයි! "දෙන දෙවියෝ ගෙට ගෙනවිත් දෙනවා", එහෙම කියන්නේ ආච්චි!
සෑම විටම වහල් අදහස් දරන අයටයි කියන්නෙ. දෙමල ජාතිකයන් ගොඩක් දක්ශයි තොරතුරු තාක්ෂණයට. ඔවුන්ව මෙවැනි දෙයකට යොමු කිරීම ඉතාම වටිනවා. යම් දවසක එය ලංකාවේ විදේශ විනිමය උපයන්න දායක වෙනවා. සිංහල දෙමල සෑම දෙනාවම එකතු කරන් රට දියුණු කරනවා ඇරෙන්න වහල් සිතුවිලි වලින් රට දියුණු වෙන්නෙ නැත.
ඔය උඩ අදහස් දාලා තියෙන අයට කරදරයක් වුණොත් අර ඉන්දියන් ගිලන් රථ වලට එහෙම කතා කරන්න එපා.
තිස් වසරක යුද්දයෙන් උන් හිටි තැන් අහිමිව, වඩාත්ම බැට කෑ උතුරේ සාමාන්‍ය ජනතාවට යමෙක් උදව් කරන්නට ඉදිරිපත් වීම හොඳ දෙයක්. දකුණේ මෙන්ම උතුරේ පුරවැසියන්ටත් එකසේ අධ්‍යාපන, රැකියා අවස්ථා තිබිය යුතුයි. මෙවැනි දේ මොන රජයක් ලංකාවේ තිබුනත් සිදුවිය යුතු දේවල්ය.
ඉන්දියාවේ අය මිලියන ගානක් ගස් යට බුදියනවා, යන්න වැසිකිලි පහසුකම් නැහැ, දවසක් හැර දවසක් බඩට මොනවා හරි දා ගන්නවා, මෙහෙම රටක් මෙච්චර ලංකාවට ආදරේ මොකද?? එන පොට හොද නැත.
බමුණුගේ කතාවෙන්ම පේනවා උතුරේ ඉන්නෙත් ශ්‍රී ලාංකිකයෝ කියලා පිළිගන්න තාම සමහරක් කැමති නැහැ කියලා ලංකාවේ කොහේ උනත් සංවර්දනය වෙනවා නම් ඒක හොද නැද්ද? ඇයි උතුරේ ඉන්න මිනිස්සු දකුණේ අයට වඩා පහලින් ඉන්නම ඕනෙද?
රටකින් රටකට අධ්‍යායාපනය නැංවීමට උදව්වීම සම්බන්දයෙන් අපි හැම සතුටු වියයුතුයි කියා මට හිතෙනවා, එත් ඔව්න් යාපනයට විතරක් උදව් කිරීමට සැරසෙන්නේ තමන්ගේ රටේ ඉන්දියාව තුල යම්කිසි දේශපාලන වාසියක් ලබාගැනීමට නම් එම සම්බන්දයෙන් ගැටළුවක් තිබේ. මොකද ලංකාව කියන්නේ ඔව්න්ගේ දේශපාලන අතකොළුවක් නෙමෙයි. ඒවගේම ඒවත් සමග එක ප්‍රශ්න, ලැබෙන වාසියට වැඩ බොහොම දරුණුයි.. ජාති බේදයක් නැතිව අපි හැමෝම ඒකෙන් විදෙව්වා. ඉතින් අපි බුද්ධිමත් වෙමු. පුළුවන් නම් අපේ දේශපාලන නායකයින් දැනුවත් කරමු.
අද ලංකාව පිට රටට කියක් ණයද? අධික පොලියට ණය අරන් තිබෙන්නේ කොහෙන්ද? මේ ගැන නොදැන ලිදේ ඉන්න ගෙම්බන් සේ ජාති වාදී නොවන්න. 1980 කාලයේදී ආසියාවේ ලොකුම පුස්තකාලය කුමක්ද? යාපනය . එයට මොකද වුනේ? සිරිල් මැතිව් (එජාප) 1983 කළු ජූලියට පෙර 1978-82 දී උඩින් ගොස් ගිනි තිබ්බ. එහි ප්‍රතිඵලය ? 1983 කළු ජුලිය , 30 අවුරුදු යුද්දය .දෙපැත්තේම සිංහල , දෙමල කොල්ලෝ මරුන . රට ? කොරියාවට, එතියෝපියාවට , බංගලිදේශයට වඩා පහළට. "මෑත කාලයේදී රාමේශ්වරම් හරහා හනුමා පාලමක් හදන්නත් ඉන්දියාව දැගලුවා." -ප්‍රංශයේ සිට සිල්වා සහ බමුණු, විජිත් යන ඉහළ රටට ආදරේ කරන අය කියන්න ලංකාව චීනයට කියක් ණයද? පොලිය? අප ණය උගුලේ වැටි ඇති බව පිටරට නායකයන් කීප දෙනෙක්ම පවසා ඇත.ඉන්දියාව ලවා හනුමා පාලමක් ණයක් ලෙස නොව, අදාරයක් ලෙස හදා ගත හැකිනම් ? ඉන්දියාව ණය දී ඇත්තේ ආදාර ලෙස හෝ අඩු පොලියටය.
ඉන්දියාව වතුකරයේ සහ යාපනයේ ජනතාවට අනුකම්පාව ආදරය උදෙසා ආධාර කරනවා නොවෙයි. එහෙමනම් වතුකරයේ ජනතාවට දෙරටේම පුරවැසිකම නොතිබූ කාලයේ භාර නොගත්තේ ඇයි? උතුරු මුහුදු සිමාවේ මාළු ටික බාගෙන යන්නේ ඇයි? මේවා දකුණු ඉන්දියාවේ ඡන්ද බලාපොරොත්තුවෙන් කරන දේවල් වෙන්න පුළුවන්.
ගමගේ මෙතැන සිංහල නම් වලින් සුළු ජන වාර්ගිකයින් ලියන බව පෙනෙනවා. ඒකයි දමිලයින් ගැන විශාල කැක්කුමකින් කතා කොරන්නේ.
පෙනෙන විදිහටනම් අපට හොරෙන් උතුර ඉන්දියාවේ ප්‍රාන්තයක් කරගෙන වෙන්න ඇති. ගමගේ කියන විදිහට උතුරේ IT දක්ෂයෝ සිටින නිසා තම රටේ සිටින දෙමල්ලු ගැන සිතනවාට ලංකාවේ උතුරේ ඉන්න දෙමල්ලු ගැන කැක්කුමක් ඇතිවෙලා වගෙයි. කිඹුලා කට අරින විට ඇස් වැහෙනවාලු . සිංහලයාටත් පිනට කන්න ලැබෙන විට කවුද දෙන්නේ මොනවද දෙන්නේ මොකටද දෙන්නේ කියන්න බලන ඇස් වැහෙනවාලු. අන්තිමට හක්ක පටස් කාලා තමයි නවතින්නේ.