IMG-LOGO

2024 පෙබරවාරි මස 22 වන බ්‍රහස්පතින්දා


යාන් ඔයේ වැලි කැණිම් කළ බැකෝ යන්ත්‍ර යටවෙයි

පැතුම් දර්ශන
 
 
නොසිතූ පරිදි පහළ යාන් ඔය ව්‍යාපෘතියට ජලය පිරවීමත් සමඟ එහි වැලි කැණීම් කළ තමන් සතුව තිබූ බැකෝ යන්ත්‍ර හතක්, වැලි සෝදන යන්ත්‍ර 50ක්, විදුලි උත්පාදක යන්ත්‍ර දහයක් ,ජල මෝටර් 50ක් ,ටිපර් රථ එකක්, සහ ගොඩ දමා තිබූ වැලි කියුබ් අසුදහසක්, සම්පූර්ණයෙන් ජලයට යට වී වැලි ව්‍යාපාරිකයෝ පවසති.
 
මෙලෙස යටවූ දෑ වල වටිනාකම රුපියල් කෝටි සියයකට ආසන්න  බව ඔවුහු කියති.
 
භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය මඟින් දුන් නීත්‍යනුකූල බලපත්‍ර ලබාගෙන රජයට ගෙවිය යුතු බදු මුදල් ද ගෙවා  වැලි කැනීම් සිදුකර තිබියදීත් තමන්ට සිදුව ඇති පාඩුව දරාගත නොහැකි බවද ඔවුහු පවසති.
 
වැලි ව්‍යාපාරිකයින් පවසන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිසි අධ්‍යයනයකින් තොරව යාන් ඔය ජලාශයට ජලය පිරවීම හේතුවෙන් තමන්ට මෙවන් විපතකට මුහුණ දීමට සිදුවි ඇති බවයි.
 
පහළ යාන්ඔය ව්‍යාපෘතියෙ ජලයෙන් යටවන ප්‍රදේශවල වැලි කැණීම් සඳහා මුලින්ම අවසර ලබාදුන්නේ 2015 වසරේදීය. එතැන් පටන් අවස්ථා කිහිපයකදී බලපත්‍ර දීම තාවකාලිකව නවතා දැමුණ ද 2018 වසරේ අගෝස්තු මාසයේ අග භාගය දක්වා බලපත්‍ර ලබාදීම සිදුකෙරිණි.
 
එහිදී දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් පැමිණි ව්‍යාපාරිකයන් 200 කට ආසන්න පිරිසක් වාහල්කඩ, මාවතවැව, අලියාකඩ, වාගොල්ලාකඩ, යන ප්‍රදේශවල වැලි කැනීම් වල නිරත වූහ.
 
මේ පිළිබඳව අදහස් දැක්වූ වැලි ව්‍යාපාරිකයකු මෙසේද කීය.
 
"අද අපිට හිඟා කන්න වෙලා තියෙන්නේ. අනපේක්ෂිත විදිහට ජලාශයට වතුර පෙරෙව්වා. ඒ වෙනකොට අපි ආයෝජනය කරලා ඉවරයි. ප්‍රායෝගික හේතු මත එකපාර වතුර පිරෙන කොට අපට වැලි ඉවත් කරගන්නවත් අපේ මැෂින් ඉවත්කර ගන්නවත් විදිහක් නැති වුණා. 


2018 වසරේ අගෝස්තු මාසයේ අග භාගයේ මුලින්ම කැණීම් බලපත්‍ර දෙනකොට ජලාශයට වතුර පුරවනවා කියල කිව්වෙ නෑ. ඒ නිසා අපි ආයෝජනය කලා. අපි රජයට මේ වෙනකොට කෝටි සියයකට වැඩි ප්‍රමාණයක් ගෙවලා තියෙනවා. වැඩ කරගෙන යනකොට අපට කිව්වා වතුර පුරවනවා කියලා. ඒ වෙනකොට අපට කරන්න දෙයක් තිබුණෙ නැහැ. දැන් අපි ගොඩ දාපු වැලි ඔක්කොම යටවෙලා. අපේ භාණ්ඩ ගොඩක් යට වෙලා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව මේකට වග කියන්න ඕනෙ.අපි හතර වටේට ණය වෙලා . ජලාසේ පිරෙව්වට වැඩක් නෑ කිසිම ප්‍රයෝජනයක් නෑ. වම් ඉවුර දකුණු ඉවුර තාම වැඩ ඉවර කරලා වත් නෑ. බොරුවට වතුර පුරවගෙන."
 
මේ සම්බන්ධයෙන් අප පහළ යාන්ඔය ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ උදය හේමකුමාර මහතාගෙන් කළ විමසීමේදී ඔහු මෙසේ කීය.
 
 
" දකුණු ඉවුරේ අපට දැන් වතුර දෙන්න පුළුවන්. අපට පරික්ෂා කරන්න ඕනෙ කම තිබුණා. ඒ නිසා වතුර දෙපාරකට පෙරෙව්වා. හැම ගේට්ටුවක්ම පරීක්ෂා කරලා බැලුවා. වතුර එන්නේ මේ කාලයේ විතරයි. අපි කිව්වා නොවැම්බර් 1 වැනි දා වතුර පුරවනවා කියලා. ඒත් මේ අය එක විශ්වාස කළේ නෑ. දැනට වතුර අඩු කරන්න බෑ . නමුත් මාර්තුවලින් පස්සෙ ටික ටික වතුර අඩු වෙනවා. මාර්තු වලින් පස්සේ තමයි අපි වතුර අඩු කරන්නේ. මම දැන් පාරු දෙකකට අවසර දීලා තියෙනවා වතුරට යටවෙලා තියෙන මැෂින් ගන්න. නැවත වැලි කැණීම් වලට කිසිම අවසරයක් දෙන්නේ නැහැ.නමුත් ගොඩ දාලා තියෙන වැලි ටික ඇදගන්න අපි අවසර දෙනවා."



අදහස් (7)

යාන් ඔයේ වැලි කැණිම් කළ බැකෝ යන්ත්‍ර යටවෙයි

රවින් Monday, 11 February 2019 06:18 AM

දැන් ඔය වතුර පිරුණේ එක දවසින්ද?

:       2       168

vipula Monday, 11 February 2019 06:25 AM

ලංකාවේ ජීවත් වෙන බව හැමවිටම සිහිතබාගන්න.

:       0       110

Amara Monday, 11 February 2019 07:21 AM

වැලි ඉතාමත් ගණන් කොච්චර අවසර දුන්නත්

:       1       47

kule Monday, 11 February 2019 07:54 AM

කොයි පැත්තෙත් පන්ඬිතයෝ ඉන්නවනේ

:       0       18

uddika Monday, 11 February 2019 11:42 AM

දැන් ඔය වතුර පිරුණේ එක දවසින්ද?

:       0       38

amila Monday, 11 February 2019 03:49 PM

කුඩා කිවේ ණය වෙලා ගන්න කියලා. තණ්හා තිබුණට වේලි ඔක්කොම ගොඩදාන්න දඟලන්න ඇති.. වතුර වැඩි වෙන එක තේරුනේ නැති එක මේ මෝඩයින්ට දැනුනේ නැති එක පුදුමයි. දැන් අායෙත් මේවට වන්දි දෙන්න කියලා මෙයාලා උද්ඝෝෂණයක් කරයිද දන්නේ නැහැ. බලෙන් වේලි හාරන්න කිව්වේ නැති නිසා රජයට කරන්න දෙයක් නැහැ. මේකෙදි අර ගෙවල් යටවුණු අය ගෙන බැලුවට කමක් නැහැ.

:       0       34

bo Thursday, 14 February 2019 12:37 AM

හොඳ වැඩේ, පරසරය වනසන අය. තණ්හාව නිමක් නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මිය ගිය පසුවත් ජනහද දිනා සිටීම පහසු කටයුත්තක් නොවේ
2024 පෙබරවාරි මස 22 357 0

ජීවත්ව සිටියදී මෙන්ම මිය ගිය පසුවත් ජනතාවගේ හදවත දිනාගෙන සිටීම ලේසි පහසු කටයුත්තක් නොවේ යැයි හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අභාවය පිළිබඳ ශ


සනත් නිශාන්තගේ මරණයේ ඇත්ත ඉක්මනින් සොයන්න
2024 පෙබරවාරි මස 22 383 0

සනත් නිශාන්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ මරණය සැලසුම් සහගත මිනීමැරුමක්ද? සාමාන්‍ය අනතුරකින් වූ මරණයක් ද යන්න කඩිනමින් සොයා බලා වැරදිකරුවන් සිටී නම් ඉ


අරගල භූමිය ආයෝජකයන්ට දෙන්නේ නෑ
2024 පෙබරවාරි මස 22 188 0

ගෝල් ෆේස් අරගල භූමිය කිසිදු ආයෝජකයකුට ලබාදී නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්


ලංවිම මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි
2024 පෙබරවාරි මස 22 558 0

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැව


ලංවිම මාධ්‍ය ප්‍රකාශකවරයා කණගාටුව පළ කරයි
2024 පෙබරවාරි මස 22 606 0

පෞද්ගලික රූපවාහිනී වැඩසටහනකදී තමන් කළ ප්‍රකාශයෙන් කිසියම් හෝ ජන කොට්ඨාසයකට සිත් රිදවීමක් සිදුවේ නම් එයට කණගාටුව පල කරන බව ලංකාව විදුලි බල මණ්ඩලයේ මා


විධායකයට ඡන්ද කල්දාන්න බලයක් දීලා නෑ
2024 පෙබරවාරි මස 22 196 0

ව්‍යවස්ථාවෙන් විධායකයට මැතිවරණ කල්දාන්න බලයක් දීලා නැති බවත් ව්‍යවස්ථානුකූලව නොගොස් ඡන්ද කල් දමනවා නම් එය වැරදි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 164 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 230 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 254 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site