(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සිව් හැවිරිදි දරුවා ඉන්ධන ටැංකිය මත තබාගෙන යතුරු පැදියක යමින් සිටි අඹු සැමි යුවලක් අද (21) පිළියන්දල ජාලියගොඩ දී අනතුරකට ලක්වීමෙන් එම දරුවා සහ දරුවාගේ පියා මිය ගිය බව පිළියන්දල පොලීසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ මිරිහාන ශාලාව පාරේ පදිංචි ව සිටි ප්‍රදීප් උදය කුමාර (32) හා ඔහුගේ පුතු වන සදෙව් අබිරාශ් ය( අවුරුදු 4).
එම අඹුසැමි යුවල කුඩා දරුවා සමග පිළියන්දල දම්පේ නිවසක තාවකාලිකව නැවතී සිටින අතර ඊයේ උදේ දරුවා දිවා සුරැකුම් මධ්‍යස්ථානයට යොමු කර ඔවුන් දෙදෙනා රැකියාවට යාම සදහා කොළඹ දෙසට යමින් සිටිය දී මෙම අනතුර වී ඇති බව පොලිසිය කියයි
හොරණ කොළඹ මාර්ගයේ ජාලියගොඩ ප්‍රදේශයේ මංතීරු දෙක වෙන් කිරීම සදහා යොදා තිබෙන මැද දූපතේ තබා තිබූ විශාල මල් පෝච්චියක යතුරු පැදිය ගැටී මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය කියයි.
අනතුර සිදු වීමට හේතුව නිශ්චිතව අනාවරණය වී නැතැයි පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ පාලකයින්ට තවම බැරිඋනානෙ මෝටර්සයිකල් සදහා අවශ්‍ය ආරක්ශක ක්‍රමවේද පිළිබද නීති සම්ප්පපාදනය කරන්න.අවුරුදු 16ට අඩු දරුවන් රැගෙනයාම සපුරා නැවැත්විය යුතුයි.
ආදරණීය අම්මා..... ඔබට දුක දරාගන්න ශක්තිය ධෛර්යය ලැබේවා....!!!
ඔව්, ළමයින්ව බෙන්ස්, බී.එම්.ඩබ්ලිව් වගේ කාර්වල එක්ක යන්න කියලා නීතියක් දමමුද?
රටේ පාලකයින්ට, මිනිස්සුන්ට මොලේ දෙන්න බැහැ. කතාවක් තියෙන්නේ මෝඩකමට බෙහෙත් නැහැ කියලා... අපරාදෙ පොඩි දරුවගේ ජීවිතේත් නැති වුණා තාත්තාගේ මෝඩකමින්...
අයියෝ... මොලයක් කියලා දෙයක් තිබුණා නම්... ඉන්ධන ටැංකිය උඩ යන කෙනෙකුට කිසිම ආරක්ෂාවක් නැහැ කියලා අමුතුවෙන් කියලා දෙන්න ඕනෑද?
මේ මනුස්සයා තම දරුවා සහ බිරිඳ යතුරු පැදියක ගෙන ගියේ ඔහුට කාර් එකක් ගන්නට වත් කමක් නොතිබුණු නිසා විය හැකියි. බොහෝවිට මේ අනතුර සිදුවුයේ මහා මාර්ගය අවහිර වන පරිදි තබා තිබූ විශාල මල් පෝච්චියෙන් විය හැකියි.
අනේ පව් දහසක් බලාපොරොත්තු ඇතිව හදා ගත්ත දරු පැටියව ආරක්ෂාකර ගැනුමට නොහැකිවීම කොතරම් ඛෙද ජනකද? නීතිරීති මොනතරම් තිබුනත් දැන් ඒ ගැන කතාකිරීම කිසිදු පලක්නොවෙනු ඇත. දෙමාපියන් තම දරු පැටවුන් රැගෙන යාමේදී ඔවුන්ගේ ආරක්ෂාව පිලිබදව දෙමාපියන්ට යහපත් සිතුවිලි ඇති වේවා...!!!