IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මුළු ඉතාලියම නිරෝධායනයට

කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ සමස්ත රටම දැවැන්ත නිරෝධායන ක්‍රියාවලියකට ලක් කිරීමට ඉතාලිය අද (10) පියවර ගත්තේය.

ගෝලීයව ව්‍යාප්ත වෙමින් තිබෙන කොරෝනා වයිරසයට එරෙහිව චීනය ගෙන යන සටනේදී ඔවුන් ප්‍රගතියක් පෙන්නුම් කර ඇති නමුත් ඉන් ඉතාලියට ඉන් බරපතළ බලපෑමක් එල්ල වී තිබේ.

නිරෝධායන ක්‍රියාමාර්ග හේතුවෙන් ඉතාලියේ මිලියන 60ක ජනතාව විවිධ බාධකවලට මුහුණ දී ඇතැයි ද වාර්තා වේ.

කොරෝනා වයිරසයේ බලපෑම නිසා ගෝලීය තෙල් වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් පහත වැටුණු අතර මූල්‍ය වෙළෙඳපොළවල ද දරුණු පසුබෑමක් පෙන්නුම් කළේය.

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් කොරෝනා වයිරසය මේ වනවිට 100කට වැඩි සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ගොස් තිබේ. කොරෝනා වයිරසයෙන් මියගිය ගණන 4,000ඉක්මවා ඇති අතර ආසාදිතයන්ගේ ගණන 110,000 ඉක්මවා ඇත.

කොරෝනා වයිරසය ලෝක වසංගතයක් බවට පත්වීමේ දැඩි අවදානමක් ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ අනතුරු ඇඟවීය.

කෙසේ නමුත් කොරෝනා වයිරසය මැඬීමේ සටනේදී චීනය මේ වනවිට සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කර ඇත. චීන ජනාධිපති ෂී ජින්පින්ග් ද අද වූහාන් නගරයේ නිරීක්ෂණ සංචාරයක නිරත විය. මාරාන්තික කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම ආරම්භ වූයේ මෙම වූහාන් නගරයෙනි.

ජනවාරි මාසයේ සිට චීනයේ හුබෙයි පළාතේ ගමන්බිමන් සීමා කරමින් දැවැන්ත නිරෝධායන ක්‍රියාවලියකට ලක් කර තිබේ. ඒ හේතුවෙන් මිලියන 56කට වැඩි පිරිසක් ඔවුන්ගේ නිවාසවලට කොටු වී සිටියහ. පනවා තිබූ සීමා ලිහිල් කිරීමට පියවර ගන්නා බව චීන බලධාරීහු ජනාධිපති ෂී ජින්පින්ග් වූහාන් නගරයේ සංචාරය කිරීමෙන් පසු ප්‍රකාශ කළහ. 

ඒ.එෆ්.පී.

055

 



අදහස් (0)

මුළු ඉතාලියම නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 978 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site