හදිසි අනතුරු හේතුවෙන් මොළය මියගිය රෝගීන්ගේ වකුගඩු ඇතුළු අවයව, වකුගඩු හා අනෙකුත් රෝගීන් වෙත බද්ධ කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද (9) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ සිදුවිය.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තැබිණි.
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා යන මහත්ම මහත්මීහු ඊට අත්සන් තැබුහ.
අමාත්‍ය රාජිත සේනාරත්න, රාජ්‍ය අමාත්‍ය ෆයිසල් කාසීම් යන මහත්වරුන් ද ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකායේ අධ්‍යක්ෂ අසේල ඉද්දවෙල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(28535)

(ඡායාරූප -ජනාධිපති මාධ්‍ය අංශය)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි දෙයක් කරපු එක හොඳයි..., පසුගිය ටිකේ... වැඩ කරපු හැටියට, මුළු රටම මළගෙයක් වගේ ඒ දවස්වල..
බොහොම හොඳ සත් ක්‍රියාවක ආරම්භයක්... මෙමගින් අවයව දන්දීම ලාංකිකයන් අතර තව තවත් ප්‍රචලිත කිරීමට හැකි වේවා...!!!
මේ අනුව පළමුවෙන්ම කළ යුත්තේ දියවන්නාවේ ඉන්නා සියලුම දෙනාට කිසියම් අධ්‍යාපනයක් ලැබුණු අයගේ මොළ සහ පපු කැවුතු බද්ධ කිරීම අත්‍යාවශ්‍ය කරන එකයි.
නමුත් දියවන්නාවේ 225 න් කිසිම අවයවයක් ගන්න බැහැ.
බලධාරීන් විසින් අවයව පිටරටට දන් දෙන මුවාවෙන් බිලියන ගණන් වලට ඒවා විකුණන ජාවාරමක් කරන්නට ඇති සියලුම මාර්ග වසා දැමිය යුතුය. ලේ බැංකුවේ ලේ ටික පුද්ගලික රෝහල් වලට විකුණා මිලියන ගණන් සෙවූ රටක දන් දෙන අවයව පිටරැටියන්ට බද්ද කර බිලියන ගණන් සෙවිය හැකි බව දනිමු.
වැඩේ නම් හරිම හොඳයි. මොලේ අමාරු තියන අයට මොකක්ද බද්ද කරන්නේ?