
( රොමේෂ් ධනුෂ්ක සිල්වා )
නව රජයේ කෘෂිකර්ම කැබිනට් අමාත්‍යවරයා ලෙස පත්වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිය ධුරයේ වැඩකටයුතු නිල වශයෙන් ඇරඹීම බත්තරමුල්ල, රජමල්වත්ත පාරේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද (14 ) සිදුකෙරිණි.
මහාසංඝරත්නයේ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව අමාත්‍යවරයා සුභ මොහතින් නිල ලිපියකට සිය අත්සන යොදමින් රාජකාරි කටයුතු ආරම්භ කළේය.
අමාත්‍යවරයාගේ දියණිය , පුතණුවන් ඇතුළු පවුලේ ඥාතීන් ද රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෂීන්ද්‍ර රාජපක්ෂ, අනුරාධ ජයරත්න ,ඩී.බී. හේරත් යන මහත්වරු ද අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතා සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක් හෝ රටේ කරුමයකට ආයෙත් ලැබිලා තනතුරක්... ඔය ළඟ ඉන්නේ තමුන්ගේ දරුවො දෙන්නා කියලා හිතන්න. ක්‍රීඩා ඇමති කාලෙ කරා වගේ, දරුවන්ට හෙන ඉල්ලන්න වෙන ජාතියෙ දේවල් නොකර මනුස්සයෙක් වගේ පවරලා තියන රාජකාරිය කරයි කියලා හිතනවා.
තව අමාත්‍යංශයක් විනාශ කරන්න හම්බවෙලා.
අනාගත අගමැති
පොහොර කොන්ත්‍රාත්තු අලුත් කිරීමේදී ඡන්දයට උදව් කලේ කවුද කියලා අැමැතිතුමාට මතක තිබුණොත් හොඳයි...
කළින් නම් කරපු වැඩක් නැහැ. මෙදා සැරේවත් කරන්න අනේ...
රටෙන් තුරන් විය යුතු මිනිස්සු... අලුතින් හදනවා කියන රටේ පරණ වයින් උඩ ඇවිත්...