IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මුහුදු මහා විහාර භූමියේ ඉදිකිරිම් 30 දා තෙක් අත්හිටුවයි

(වසන්ත චන්ද්‍රපාල  සහ යු .විජේසිංහ)

පොතුවිල් මුහුදු මහා විහාර භූමිය තුළ සිදුකරන අනවසර ඉදිකිරිම්  නැවැත්වීමට අද (16) දක්වා පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණය ලබාදී  තිබූ නියෝගය ලබන 30 වැනි දා තෙක් දීර්ඝ කිරිමට පොතුවිල් මහේස්ත්‍රාත් එම්.එච්  මොහොමඩ් මහතා නියෝග කළේය.

මුහුදු මහා විහාර භූමියේ සිදුකර අනවසර ඉදිරිකිරිම් නවත්වන්නැයි පසුගිය 2 වැනිදා අධිකරණ තීන්දුව ලබාදී තිබිණි.

ඒ අනුව අද නඩුව කැඳවු අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරයා එම තීන්දුව 30 වැනිදා දක්වා දිර්ඝ කළේය.

අම්පාර කොට්ඨාස බාර පොලිස් අධිකාරි අතුල මාරපාන මහතා පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයට කරුණු වාර්තා කරමින් මෙසේ පැවසීය.

‘මුහුදු මහා විහාරය ඉඩම් පිළිබඳව 1965 වසරේ නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් තියෙනවා. එම ගැසට් නිවේදනය අනුව මුහුදු මහා විහාරයේ  පුරා විද්‍යා රක්ෂිතයට අක්කර 30 ක භුමි භාගයක් ‍වෙන්කර  තියෙනවා. පසු කාලයේ දී මෙම ඉඩම් තුළ විවිධ පුද්ගලයින් විසින් ප්‍රකාශන ඔප්පු සකස් මෙම ඉඩම සංවර්ධනය කර තිබෙනවා. මෙයට අමතරව තවත් ඉඩම් කට්ටි 41 කට ඔප්පු ලබාදී තිබෙනවා.’

‘පුරාවිද්‍යා ආඥා පනත යටතේ එම ඉඩම් කිසිවක් බෙදන්න බැහැ. නමුත් ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් පුරාවිද්‍යා දෙපාර්මේන්තුවේ විමසීමක් නොකර මෙම ඔප්පු ලබාදීම සිදුකර තිබෙනවා. ඉදිරියේ දී මෙම ඉඩම් මැනීම් කටයුතු සිදුකිරිමට කටයුතු කරනවා. එතෙක් මෙම ඉඩමට ලබාදී තිබෙන තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලීමක් කරන බව පොලිස් අධිකාරීවරයා පැවසීය.

පුරාවිද්‍යා දෙපාර්මේන්තුවේ වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ රෝහණ කාරියවසම් මහතා මෙසේ කීය.

‘අද පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයේ දී මුහුදු මහා විහාරයේ ඉඩම් පිළිබඳ කරුණු ඉදිරිපත් කළා. මෙම ඉඩම් සම්බන්ධව සිතියම් දෙකක් පවතිනවා. ඒ අනුව අපි නීතිපතිතුමාගෙන් විමසීමක් කරා මෙයින් ක්‍රියාත්මක කළ යුතු සිතියම පිළිබඳව 1965 වසරේ නිකුත් කරන  ලද ගැසට් නිවේදනය අනුව කටයුතු කරන ලෙසට නීතිපතිවරයා උපදෙස් දුන්නා. ඒ අනුව අපි අද අධිකරණයට කරුණු දැක්වුවා. ඒ අනුව තහනම් නියෝගය තවත් දවස් 14 කට දීර්ඝ කරා අධිකරණයෙන් මැනුම් නියෝගයක් මගින් නිරාකරණ තෙක් එතෙක් කාටවත් ඇතුළු වෙන්න එපා කිව්වා කිසිම ඉදිකිරිමක් නොකරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.’



අදහස් (4)

මුහුදු මහා විහාර භූමියේ ඉදිකිරිම් 30 දා තෙක් අත්හිටුවයි

සේන Wednesday, 16 October 2019 08:38 AM

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කෙලින් හිටගන්න. මේ විනාශ වෙන්නේ රටේ සැබෑ ඉතිහාසය. අන්තිමට මිසදිටුවන් කියයි ඒවා එයාලගෙ කියලා.

:       0       134

susanthaWednesday, 16 October 2019 09:15 AM

අන්තිමට නෙමෙයි, දැනුත් මිසදිටුවන් කියන්නේ ඒවා එයාලගේ කියලා..! දැක්කේ නැද්ද අන්න දැන් උතුරෙනුත් කියනවා සියලු පුරාවිද්‍යා ඉඩම් මිනිස්සුන්ට නිදහස් කරන්න කියලා. ඔක්කොම මිසදිටු, ආත්මාර්ථකාමී අන්තවාදීන්ට ඕනෑ රටේ ඉතිහාසය වෙනස් කරලා එයාලට මේවා ලියාගන්න. කොන්ද පණ නැති නපුංසක ආණ්ඩු තියෙනකොට එයාලට ඉතින් බොහොම පහසුයි ඒවා කරගන්න...

:       0       115

Imalk Wednesday, 16 October 2019 08:55 AM

අයියෝ බෞද්ධ රටේ බෞද්ධයන්ට ගිය කලක්.

:       48       159

thilak Wednesday, 16 October 2019 09:21 AM

සංහිඳියාව යනු රටේ පුරාවිද්‍යා භුමි විනාශ කිරීම නොවන බව, උතුරු, නැගෙනහිර දේශපාලකයින් දැනගත යුතු කරුණකි.

:       0       55

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 74 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 876 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site