
(ඩයනා උදයංගනී)
චීනයෙන් ගෙන්වා ඇති කාබනික පොහොර තොගය මෙරටට ගොඩබානවාද නැද්ද යන තීරණය මත මෙරට කෘෂිකර්මයේ සහ පාරිසරික අනන්‍යතාවයේ ඉදිරිය තීරණය වනු ඇතැයි රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂි ජීව විද්‍යා පීඨයේ මහාචාර්ය නාලිකා රණතුංග පවසයි.
තුන්වන වතාවටත් නිරෝධායන පරීක්ෂණයෙන් අසමත් වූ එම පොහොර තොගයේ අන්තර්ගත ක්‍ෂුද්‍ර ජීවීන් අපේ පසට, බෝගයන්ට, සතුන්ට හා මිනිසුන්ට කවරාකාර බලපෑමක් එල්ල කරයි දැයි පුරෝකථනය කිරීමට සමත් කිසිවකු නැතැයි ද මහාචාර්යවරිය සඳහන් කරයි.
මහාචාර්ය නාලිකා රණතුංග මහත්මිය ඊයේ (23) මධ්‍යම රාත්‍රී 12.09 ට සිය මුහුණු පොතෙහි සටහනක් තබමින් මේ බව පවසා ඇත.
ඇය එහි මෙසේ ද සටහන් කර තිබේ.
අවසන් වරට නැවතත් මතක් කරමි.
තුන්වන වතාවටත් නිරෝධායන පරීක්ෂණයෙන් අසමත් වූ, ශාක රෝගකාරක බැක්ටීරියා ඇතුළු තවත් ක්‍ෂුද්‍රජීවීන් සිටින බව හොඳාකාරවම දන්නා, නයිට්‍රජන් ප්‍රභවය නොදන්නා චීන කාබනික පොහොර තොගය ශ්‍රී ලංකාවට අද රාත්‍රියේ පැමිණීමට නියමිතය.
එය ලංකාවට ගොඩබානවාද නැද්ද යන තීරණය අතර ඇත්තේ අත්සන් කිහිපයක් පමණි. එසේ ගසනු ලබන අත්සන් කිහිපය මඟින් මේ රටේ කෘෂිකර්මයේ සහ පාරිසරික අනන්‍යතාවයේ ඉදිරිය තීරණය කරනු ඇත.
මෙසේ ගෙනෙන ලද ක්‍ෂුද්‍ර ජීවීන් අපේ පසට, අපේ බෝගයන්ට, සතුන්ට හා මිනිසුන්ට කවරාකාර බලපෑමක් එල්ල කරතිදැයි පුරෝකථනය කිරීමට සමත් කිසිවෙකු නැත. මිනිසුන් මෙන්ම කාර්මීකරණය වූ ප්‍රදේශ බහුල චීන පසෙහි ඇති ක්‍ෂුද්‍රජීවීන්ද වඩාත් ආක්‍රමනශීලී වේ යැයි නිකමට මට සිතේ.
මේ වැරැද්ද මතු කිසිම දිනක නැවත හැරවිය හැකි එකක් නොවේ. යම් හෙයකින් රට සුරකින නිරෝධායන ආරක්ෂිත වලල්ල බිඳ හෙලුවහොත්, අනාගතයේ තව තවත් මෙවැනි ව්‍යසන අපේ මව්බිම කරා ඉතා පහසුවෙන් ලඟා වෙනු නොඅනුමානය.
කෙතරම් පොරොන්දු දුන්නද, මෙය අපගේ රට තුළට ඇතුලු නොකර සිටීමට තරම් බලය ඇත්තෝ සංවේදී වේ යැයි සිතීමට තරම් කිසිදු සාක්ශියක් මා සතුව නොමැත.
බලවත් සිත් තැවුලෙන් මෙසේ ලියා තබමි 23/10/2021 මධ්‍යම රාත්‍රී 12.09
මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තාක්‍ෂණික පීඨයේ ආචාර්ය ප්‍රදීප් ගජනායක මහතා ද සිය ෆේස් බුක් ගිණුමේ මෙලෙස සටහනක් තබා තිබිණි. “චීන කාබනික පොහොර රැගත් නැව ශ්‍රී ලංකාවට ලගා වූ බවට වාර්තා ලැබේ” එම නිසා මා හට අවසන් වශයෙන් පැවසීමට ඇත්තේ ශ්‍රී ලංකාව බොහෝ දුක් විඳිනවා, එය නරක මිනිසුන්ගේ හිංසනය නිසා නොව, යහපත් මිනිසුන්ගේ නිශ්ශබ්දතාව නිසාය. තීරණය ඔබේ අතේ.”



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ උගතුන්ට සවන් නොදෙනවනම් රටේ ඉරණම කුමක්ද?
ලංකාවේ මිනිස්සු අනාථයි
ඊශ්‍රාලය වැනි, රටක් නැතිව කලක් ඉබාගාතේ ගිය මිනිස්සුන් කොටසකගෙන් අහල දැනගන්න ජීවත්වෙන්න ජාතියකට රටක් හිමිවීම කොපමණ ඔවුන්ට වටිනවද කියල. මාල දිවයින් වැසියන්ගෙන් අහන්න ගෝලීය උෂ්ණත්වය නිසා මහ සාගරයේ ඔවුන්ගේ රට අතුරුදහන්වීමේ අවදානම ඔවුන්ගේ සිත් කෙතරම් කම්පා කරවනවද කියලා. උගතුන්ද වැදගතුන්ද පොහොසතුන්ද බලවතුන්ද කියා භේද නැතිව බහුතරයක් නිවට හා මුග්ධවී ඇති රටක මෑත කාලයේ මෙතුමිය වැනි කාන්තා චරිත කිහිපයක් නොබියව රටට ණය නොවී කිවයුතු දේ කීම ඉතා වටියි. භාග්‍යා සහ දේවානිගෙන් පටන් ගත් ඒ රැල්ලවත් රට බේරා දුන්නොත් අහිංසක අනාගත දරුවන්ට බලාපොරොත්තුවක් ඉතිරි වේවි.
මේ උගත් රටට ආදරය කරන විද්වතුන් ගේ නිර්දේශයට ඉහළින් ගොස් රටේ අනාගතයම භයානක අනතුරකට දමන්නට තාවකාලිකව බලයට ආ කිසිවෙකුත් උත්සහා නොකරනු ඇතැයි සිතමි.
කොහොමද සර්ගේ වැඩ?
සැබෑ උගතුන්ට මෙරට කල හැකි දෙයක් නොමැත. අපට එතරම් හැකියාවක් නොමැති වුවත් මා හැකි අයගෙන් ඉල්ලා සිටින්නේ ඔබේ දරුවාට හොඳ අනාගතයක් අවශ්‍ය වේ නම් හැකි ඉක්මනට මේ නරා වලෙන් පිටත්ව යන ලෙසයි. ඉතාමත් කනගාටුවෙන් ලියමි.
ලංකාවාසින්ගෙ කරුම බාවය ආරක්ෂා කරගන්න 69 ලක්ෂයක ඡන්දෙ දීලා පත් කරගත්ත මැති ඇමතිවරුන්ට ජයවේවා .
නුගතුන් පාලකයන් කරගෙන මිනිස්සු මොනවද බලාපොරොත්තු වෙන්නේ...?
මේ අතිදුෂ්කර අවස්ථාවේදීත් නිර්භයව රට වෙනුවෙන් තම යුතුකම ඉටුකරන මෙතුමියට මගේ හදපත්ලෙන් නැගෙන ප්‍රණාමය. කෘෂිකර්මය ගැන කිසිවක් නොදන්න මෝඩයින්ට කෘෂිකර්මය බාරදුන්විට නැගෙන විපත්තියයි මේ...
පිටරටවලින් පලතුරක්වත් ගෙන්වන්න දෙන්නේ නැති රටවලින් ඉගෙන ගන්න නැතිනම්, පයිනස් වගා කරලා කරගෙන තියෙන පාරිසරික හානිය, ජල උල්පත් හිඳෙන ඒවායින් ඉගෙනගන්න. රජපක්ෂලාටත් තියෙන හැම එකක්ම තමන් දන්නවා කියලා හිතන් ඉන්න උද්දච්චකමෙන් ලොකු විනාශයක් වෙන්න පුළුවන්...
අර බුදුසසුන බැබලේවා කියලා ඉස්සරහ ගහගෙන හොරහරක් පටවාගෙන යන මස්කඩේ ලොරිය වගේ... මේකෙත් ඉස්සරහ වියත්මග කියලා ගහගෙන පදවාගෙන යන්නේ 8 පාස් රත්තරන් හොරු, කුඩුකාරයින් සහ එතනෝල් මුදලාලිලා වගේ පිරිසක්.. ඒ මදිවට වීරසේකරත් මේක පිටිපස්සේ නැගලා ක්ලීනර්ගේ ජොබ් එක කරනවා.
මේ රටේ උගතුන් ලොවටම ආදර්ශයක් අ උනත් නිවට දේශපාලයකන් පිටරටවල ඕනෑම කුනුජරාවක් හිස්මුදුනින් පිලිගන්නවා නිවට කමට මේ වටිනා දේශය නැවත උගතුන් පාලනය කරන රටක් බවට කවදා පත්වෙයිද.?
මහාචාර්යවරු මොනව කිව්වත් අපේ සර් කිව්වොත් කෙරුව…!
මෙතුමියගේ පරීක්ෂණ විශ්වාශ නම් මෙයට විරුද්ධව අධිකරණ ක්‍රියා මාර්ගයකට යාමට නොහැකිද? එයින් යම් විසදුමක් නොවන්නේ නම් පක්ෂ භේදයකින් තොරව ජනතා විරෝධයකට යාමට විපක්ෂ දේශපාලන කණ්ඩායම් ක්‍රියා කළ යුතුයි. පාලකයාගේ ක්‍රියාකාරකම් තුළ ඔහුගේ බුද්ධිමත් භාවය කවරක්ද යන්න ජනතාව තේරුම් ගත යුතුව ඇත.