(නාලක සංජීව දහනායක)
මෙවර අයවැය පරාජය කිරීමට නොහැකි බව මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (25) පැවැසීය.
ජිනීවා මානව හිමික් කවුන්සිලයේ දී ලැබෙන පොරොන්දු අනුව විපක්‍ෂයේ දේශපාලන කණ්ඩායමක් වන ද්‍රවිඩ ජාතික සන්ධානය රජයට සහය දක්වන බව කී අලහප්පෙරුම මන්ත‍්‍රීවරයා ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු එක්සත් ජාතික පක්‍ෂයේ මෙහෙකාර සේවයට ඇතුළත්ව සිටින බවද මන්ත‍්‍රීවරයා කීය.
එබැවින් මෙවර අයවැය පරාජය කිරීමට හැකියාවක් නොලැබෙන බව මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ දී අද (25) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.
COMMENTS
දැන් යන පිළිවෙලට එක පවුලක් සියලුම තීන්දු තීරණ ගන්න ගියොත් කට්ටිය දෙකට තුනට බෙදෙන නිසා මැතිවරණයක් ජයගන්නත් බෑ රජෝ........
නැට්ටුවා බිම වැටුනෝත් එකත් නැටුමක්ලු
කලින්ම පරාජය බාර අරන්. පව් අනේ. මේ දවස්වල වැඩිය රෑට එලියට යන්න එපා. නිට්ටෑවෝ කියලා ජාතියක් ඉන්නවලු හැමතැනම.
ඔබ පක්ෂයේ සලකුණ පොහොට්ටුවද එසේ නොමැතිනම් බාගයට පිපුණු මලක්ද ?
අපි මෙයාලට මේක කිව්වා
එහෙමනං මහ ලොකුවට එදා කිව්වා නේද තව පෝය දෙකකින් වර්තමාන ආණ්ඩුව වට්ටනවා කියලා
මිදී තිත්තලු.
එහෙමනං මන්ත්‍රීතුමෝ, ජනාධිපති මැතිවරණයේදී ඔයාලගෙ අපේක්ෂකයාට අබ සරණයි.
මේ අය තාම කයිවාරු ගහ ගහ ඉන්නවනේ. ඉක්මනට ඡන්දයක් ආවොත් හරි ගෙදර යවන්න.
ඔබ තුමාගේ කතාව ඇත්ත
ලොකු දෙයත් .... බැරි වැඩ නොකර ඉන්න කොහොමත් ...
අහිංසකව හිටි අයටත් , සැප සම්පත් නිසා වුනු වැඩක් . අපරාදේ ආදර්ශමත් චරිතයක් , පාපිෂ්ටයෝ ආශ්‍රය කරන්න ගිහින් වුනු වැඩක් . තිබුණු පින්බර ගතිය අහෝසි වුනා .
බලාගෙන නිට්ටැවෙක් කියල මිනිස්සු අල්ල ගනියි !
කළු සිකුරාදා සිද්ධි මාලාවේ අතුරු පලයක් .