මාලි රාජ්‍යයේ දී එක්සත් ජාතීන්ගේ සාම සාධක බළ ඇණිවලට ත්‍රස්තවාදීන්ගෙන් එල්ල වූ ප්‍රහාර වලින් මියගිය ලාංකික රණවිරුවන්ගේ සිරුරු පෙබරවාරි 2 වැනි දා ලංකාවට පැමිණිමට නියමිත බව යුද හමුදාව පවසයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් විශේෂ ගුවන් යානයකින් එදින පස්වරු 3.10 ට පමණ රණවිරුවන්ගේ සිරුරු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට රැගෙන එන බව යුද හමුදාවේ උසස් නිලධරයකු සඳහන් කළේය.
එහිදී මියගිය රණවිරුවන් වෙනුවෙන් විශේෂ හමුදා උත්තමාචාරයක් ද පිරිනැමීමට නියමිතය.
පසුගිය 25 වැනි දා අල්කයිඩා ත්‍රස්තවාදීන් විසින් එක්සත් ජාතීන්ගේ සාම සාධක බලඇණිවලට එල්ල බෝම්බ ප්‍රහාරයකින් මෙම ලාංකික රණවිරුවන් දෙදෙනා මිය ගියේය.
මෙලෙස මරණයට පත් වුයේ මේජර් එච්.ඩබ්.ඩී. ජයවික්‍රම හා සැරයන් එස්.එස්.විජේකුමාර යන රණවිරුවන් දෙදෙනාය.
(28535)
ඡායාරූප - යුද හමුදා මාධ්‍ය අංශය



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රණවිරුවාණෙනි, ඔබ දෙපලට නිවන් සුව...!!
නිවන් සුව පතමු...!!!
විරෝධාර රණවිරුවන් දෙදෙනාට නිවන් සුව අත්වේවා !!!
නිවන් සුව පතන ගමන් පවුලේ අයට අපේ සංවේගය පල කරමු.