





(රොමේෂ් මධුෂංඛ)
ඓතිහාසික මන්නාරම මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය මහා දිව්‍ය පූජා දේව මෙහෙය බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිත පියවරයන්ට අනුකූලව පැවත්වූ බවට මඩු දේවස්ථානයේ පාලක පෙප්පි සුසෙයි පියතුමා පැවසීය.
අවසන් මහා දිව්‍ය පූජා දේව මෙහෙය ඊයේ (15) උදෑසන 6.15 ට පැවති අතර එම දේව මෙහෙයන් වෙනුවෙන් මහනුවර රදගුරු වියානි ප්‍රනාන්දු , ගාල්ල රදගුරු රේමන්ඩ් වික්‍රමසිංහ , මන්නාරම් රදගුරු එමානුවේල් ප්‍රනාන්දු, අනුරාධපුර රදගුරු නොර්බඩ් අන්රාඩි යන පියතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
දේව මෙහෙය අවසන් වීමෙන් පසුව මරදමඩු ජපමාල දේව මාතාවගේ පිළිරුව මඩු දේවස්ථානයේ රැස්ව සිටි බැතිමතුන් වෙනුවෙන් ප්‍රදර්ශනය කිරීම සඳහා වීදි සංචාරයක ද රැගෙන යාම සිදු කෙරිණි.
මන්නාරම් මරදමඩු දේවස්ථානයේ වාර්ෂික අවසන් දේව මෙහෙය වෙනුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි සිට බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වූහ.
එහිදී අවසන් දේව මෙහෙය පැවත්වූ අවස්ථාවේ බැතිමතුන් ඇමතු මන්නාරම් රදගුරු එමානුවේල් ප්‍රනාන්දු හිමිපාණෝ මෙසේ පැවසූහ.
‘මඩු මාතාවන්ගේ පාමුලට දිවයිනේ බොහෝ ප්‍රදේශයන්හි සිට බැතිමතුන් විශාල වශයෙන් පැමිණ තිබෙනවා. ඒ සියලු දෙනා සාදරයෙන් පිළිගනිමි. ඒ වගේම කොරෝනා වයිරසය සැමටම තර්ජනයක් වී ඇති මේ මොහොතේ සෞඛ්‍ය නීති වලට අනුව ඔබ මෙහි පැමිණ ඇත. එවැනි අවස්ථාවක පැමිණ ඇති ඔබ සියලු දෙනා මඩු මාතාවන විසින් අත්නොහැර රැක බලාගනු ඇත. යනුවෙනි.
මඩු වාර්ෂික දේව මෙහෙයන් වෙනුවෙන් සහභාගී වූ බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට මන්නාරම් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය ආරක්ෂක අංශ හා මඩු පොලීසිය විසින් අවශ්‍ය පියවර ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ කාලය, ශ්‍රමය, ධනය...
පිස්සු හැදෙනවා ඓතිහාසික වෙන්නේ කොහොමද අප්පා සුද්දගේ කලේ හදපු ඒවා? යකෝ එහෙනම් අපේ ඓතිහාසික දේවලට මොකක්ද කියන්නේ?
ඉස්සර ඔය දේවස්ථානය මහා ඝන කැලයකිනුයි වටවෙලයි තිබිලා තියෙන්නේ. එම කැලෑව තුල ගොඩක් නරි සිටි බව මම අසා තිබෙනවා. පහු කාලෙදී ඒ නරි රංචු පිටින් ගම් වැදුණා. ගම් වැදුණයි කියලා නරින්ට මනුස්සයින් වෙන්න බැහැනේ කවදාවත්.. මොකද, ආගමක් දහමක් හරයක් වැටහෙන එකක්යැ.. ඔවුන් අදටත් මිනිස්සුන්ව දැක්කම හූ කියනවා. අවසානයේ නරි දන්නෙත් නැහැ උන්ගේ ඓතිහාසික ගල් ගුහා ටික වෙන අය පැහැරගෙන...!!!
ශුද්ධ වූ බයිබලයේ මෙවැනි උත්සව නැත. මේවා ශුද්ධ බයිබලයට සම්පූර්ණයෙන්ම පටහැනි බව කිතුනුවෙක් වශයෙන් පැවසීමට හැකියි.
ඓතිහාසික ඇසළ පෙරහර සිදුවෙන කොට කිසිම ක්‍රිස්තියානි විශ්වාසකයෙක් මේ වගේ කතා කියලා තියෙනවද? මම නම් දැකලා නැහැ. එහෙම නම් 7%ක් පමණ වෙන කතෝලිකයන්ගේ විශ්වාසයට සම්බන්ධ මේ දේව මෙහෙය ගැන මේ තරම් පහත් කතා කියන්නේ තමන්ගේ පහත් මානසිකත්වය නිසාද? ලස්සනම කාර්යය තමයි සිංහල,, බෞද්ධ යැයි කියාගන්න නායකයෝ බොහෝමයක් මේ තැන්වලට ගිහින් වැඳලා එනවා. එතකොට කවුරුවත් කටවල් අරින්නේ නැහැ. සිංහල මිනිස්සු කියන්නේ කුහක ජාතියක් නෙමෙයි මම දන්නා තරමට... මේ කුහකකම පෙන්වන්නේ අර බද්‍රානි කියපු කැලෙන් පැනපු නරිම තමයි.