IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මරණ දඬුවම අත්හිටුවන්නැයි ගොනු කළ පෙත්සමේ තීන්දුව කල්යයි

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

මත්ද්‍රව්‍ය චෝදනාවන්ට වරදකරු වී මරණ දඬුවම ලැබූවන් අතරින් හතර දෙනෙක්ට එම දඬුවම ක‍්‍රියාත්මත කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගෙන ඇති තීරණය අත්හිටුවමින් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න මහතා විසින් ගොනු කර ඇති රිට් පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද යන්න පිළිබඳ තීන්දුව ප‍්‍රකාශ කිරීම ලබන ඔක්තෝබර් 31 වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද (17)  තීන්දු කළේය.

මෙම පෙත්සම විභාග කිරීම සඳහා අවසර ලබා දෙනවාද නැද්ද යන්න අද (17) දින ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබිණි.

කෙසේ නමුත් ඔක්තෝබර් 30 වැනිදා තෙක් මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කර ඇති හෙයින් මෙම අවස්ථාවේ තම තීන්දුව ප‍්‍රකාශ නොකිරීමට අභියාචනාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල තීන්දු කර ඇත.

මරණ දඬුවම ක‍්‍රියාත්මක කරමින් කිසිම පුද්ගලයෙකු එල්ලා මැරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු පුවත්පත් කර්තෘවරයෙකු වූ මාලින්ද සෙනවිරත්න මහතා ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණ සභාපති යසන්ත කෝදාගොඩ , දීපාලි විජේසුන්දර , ජනක් ද සිල්වා , අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.

මෙහි වගඋත්තරකරුවන් ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල් , වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා , අලුගෝසුවා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

 

 



අදහස් (1)

මරණ දඬුවම අත්හිටුවන්නැයි ගොනු කළ පෙත්සමේ තීන්දුව කල්යයි

Chanak los angeles Thursday, 18 July 2019 05:57 AM

දඬුවමට බිය වගේම වැරදි කරන්නත් බියවෙන්න ඕනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site