(නිමල කොඩිතුවක්කු)
මරණ දණ්ඩනය නියම වූ ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමෙන් පාර්ලිමේන්තු ඉතිහාසයට මකා දැමිය නොහැකි කළු පැල්ලමක් එක්වූ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹ දී අද (8) පැවසීය.
මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ තබා ලෝක ඉතිහාසයේ වත් මරණ දණ්ඩනයට ලක්වූ අයකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දී නොමැති බවද කිරිඇල්ල මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තුවට සහ ප්‍රජාතන්ත්‍රවාදයට ලෝකයෙන් ලැබී තිබූ කීර්ති නාමය මෙයින් අහිමි වී ගිය බව ද ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගය ජනබලවේගයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසීය.
රටට නීති සම්පාදනය කරන උත්තරීතර පාර්ලිමේන්තුවට මරණ දණ්ඩනය නියම වූවකු පත්කිරීම ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන රටේ සියලු දෙනා එක්ව ප්‍රතික්ෂේප කළ යුතු බව ද කිරිඇල්ල මහතා කියා සිටියේය.
සරත් ෆොන්සේකා මහතා සිරගත වූ අවස්ථාවේදී ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි කිරීමට නීති තර්ක මතු කළ පිරිස්ම මරණීය දණ්ඩනය නියම වූ ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීම සාධාරණීකරණය කිරීම ගැන විපක්ෂය කණගාටුවන බවද ඔහු වැඩිදුරටත් පැවසීය. මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ද එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මපා "කළු ඇල්ල" උන්නැහේට කියන්න අපි අදමනේ දන්නේ මෙය කළු පැල්ලමක් කියලා.. මේවාට අපේ වැඩිහිටියන් කියන්නේ කළු ඇල්ල ගොයියෝ....
නීතියක් නැති රටක් වෙලා...
මිරිස්කුඩු රතු පැල්ලමද?
ඒ විතරක් නොවේ... මෙවැන්නෙක් නීති සම්පාදනයට එකතු වීම. ශිෂ්ඨ සමාජය අනුමත කරන්නේ නැහැ. මෙය ආණ්ඩුවේ වැරැද්දක් නොවේ. නීතිමය හිදැසක්... මේ ක්‍රමයට ඕනෑම පක්ෂයක කෙනෙකුට පාර්ලිමේන්තු එන්න පුළුවන්.
එය සිදුවුණේ නීතියේ තිබෙන අඩුපාඩු නිසයි. එයට ඔබ සියලු දෙනාම වගකිව යුතුයි. මෙතන සිදුවුණේ නීතියේ හිදැසකින් රංගා යාමයි.
අපොයි ඔයිට වඩා සෙන්කෝලේ උස්සන් දුවපු මිනිස්සු.., තිත්ත කුණුහරුප පාර්ලිමේන්තුව තුළ කියපු මිනිස්සු, කතානායක ආසනේ වතුර වක්කරපු මිනිස්සු අද ඇමතිලා වෙලා අගේට ඉන්නේ... ඉතින් මේක මොකද්ද?
තමුන් ඇතුලු සියලුම අවස්ථාවාදී, දූෂිතයින් මේකට වගකියන්න ඕනේ...
මේක මොන කලු පැල්ලමක්ද? ඔතන ඉන්න හොරු කුඩු කාරයෝ.. අනික කෙනෙකුට උසාවියෙන් දඬුවමක් පනවලා ඒකට ඇපීල් එකක් දාලා තියෙද්දී ඔහු මරණ දඬුවමට යටත් වූ අයෙක් කියලා ආමන්ත්‍රණය කිරීමත් වන්දි ගෙවිය යුතු වරදක්ද? මම එහෙමනම් වන්දි ඉල්ලලා නඩු දානවා.
කියන කෙනා "සුදු ඇදගෙන කලු ඇවිදින්"
බමුණු හරි... මෙය නීතියේ පවතින හිදැසක්.. එය වසාදැමිය යුතුයි.
ජනාධිපතිට, අගමැතිට, පුතුන්ට, ඇමැතිලාට, ඔක්කොටම නඩු... ඔයාලා කලු පැල්ලම් ගැන කතා කරනවා.
මෙන්න හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලන කෙනෙක්...
කළු පැල්ලම් ගැන බැලුමට මම සුදුදැයි දන්නවද......? ඒ පැල්ලම් ගැන කීමට පෙර මගේ පැල්ලම් වහලාද...? විපක්ෂයට ගියවිට හැම කෙනාම සත්ගුණවත් අවන්කද....? හිතුවද මැරීලා අප ඉපදුනු බවට....?
සරත්ගේ මන්ත්‍රී දූරය නැති කරන්න අත්සන් කල අයම චොකා මල්ලිට මන්ත්‍රීකම දීම සාධාරණීය කරණය කරනවලු.
මේ ලෝක වාර්තාවක් රාජපක්ෂලාගේ පාලනයේ එකම රටක්, එකම නීතියක්... අපේ රටට දළදා හිමි සරණයි.
මරණ දඬුවම නියම වූ කෙනාට 1. නොමිනේෂන් දුන්නේ කවුද? මෙයාට ඡන්දෙ දුන්නේ අඳ, ගොලු, බිහිරි මිනිසුන්ද? කොයි ආණ්ඩුවේ කතානායක ඉදිරියේද දිවුරුම් දුන්නේ? මේ කාරණාව හොඳින් විමසද්දී ලෝකය ශ්‍රී ලංකාව පිළිබඳ හැමෝම හිතයිද මට මෙහෙම හිතෙද්දී...
රාජපක්ෂලාගේ ආණ්ඩු කෙරුවාවේ... මීට වඩා වෙන මොනවද වෙන්නේ? මේවා වහල්ලුන්ට රජ මගුල්... ජාත්‍යන්තරේට හිරිකිතයි ලෝකයා ඉදිරියේ මේ අය මොනවද මේ ප්‍රදර්ශනය කරන්නේ...
ළමයිනේ, ශ්‍රී ලංකාවේ තවම පවතින්නේ 19 වැනි ව්‍යවස්ථාවයි. මේකේ මෙහෙම නම් 20දී කොහොම වෙයිද? ඉවසන්න... හොඳ හොඳ සෙල්ලම් එළිවන ජාමෙට. එතකොට කට්ටියට සැපද?
මෙන්න 2/3 රඟේ දැන් පටන් ගත්තා විතරයි. කට්ටියට දැන් සැපද?