IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


මයිලවට්ටුවාන් ගඟේ වැලි කැණීමට එරෙහිව විරෝධතාවක්

(ටී. එල්. ජවුෆර්කාන්) 

මඩකලපුව ඒරාවුර්පත්තුව මයිලවට්ටුවාන්හි ගඟේ වැලි  කැණීම්  සඳහා අනුමැතිය  ලබානොදිය යුතුයැයි  ඉල්ලා අද (16)  මයිලවට්ටුවාන් ග්‍රාම සංවර්ධන  සමිතිය විරෝධතාවක් සංවිධානය කර තිබිණි.

මේ සඳහා ග්‍රාමීය ජනතාව සහ සිසුහු එක්ව සිටියහ.

මයිලවට්ටුවාන්  වීරකට්ටු ප්‍රාදේශයේ  ගංවැලි  කැණීම  සඳහා වෙනත් පළාතක පුද්ගලයකුට 10 දින සිට 25 දිනය දක්වා  විශේෂ අනුමැතිය  ලබාදීමට අදාළ නම්ලැයිස්තුව වාරිමාර්ග  දෙපාර්තමේන්තුවේ මඩකලපුව දිසා අධ්‍යක්ෂ පසුගිය  2 වැනි දින  භූ කැණිම්  මඩකලපුව ඉංජිනේරු කාර්‍යාලයට යවා ඇත. එබැවින් වාරිමාර්ග  දෙපාර්තමෙන්තුවේ ක්‍රියාවට එරෙහිව මෙම උද්ඝෝෂණය පැවැත්විණි.

උද්ඝෝෂණයට සහභාගී වූ මයිලවට්ටුවාන් ග්‍රාම  සංවර්ධන සමිතියේ ලේකම් ඉලට්චුමි යෝගරාසා මහතා පැවසුවේ සියලුම වර්ෂවලදී දෙසැම්බර් ගංවතුරට පීඩාවට පත්වන ප්‍රදේශයේ ජනතාව උස් ප්‍රදේශ වෙත යන බවයි.

ගංවතුර නිසා නිවාස දෙකක්  ගසා ගොස් ඇති අතර, තවත් නිවසක් හානිවීමේ අවදානමට ලක්ව ඇත.  මෙම ගඟෙන් වැලි කැණීම් නිසා ගංවතුර අවදානම වැඩි වී ඇති බවද, මේ නිසා වැලිගොඩදැමීම නතර කර තිබූ බවද, වර්තමානයේ දේශපාලන  නිර්දේශ  මත පිට පළාත්වල  අයට වැලි  කැණීමට ඉඩ දී  ඇති බවද, පැවසීය.

මේ හේතුව මත  කැණීම් සඳහා අනුමැතිය  වහා තහනම් කරන ලෙස  ඔවුහු ඉල්ලා සිටිති.



අදහස් (0)

මයිලවට්ටුවාන් ගඟේ වැලි කැණීමට එරෙහිව විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 194 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 376 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 384 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site