
(බන්දුල ඉලේපෙරුම)
එදා ජුලියස් සීසර් ඝාතනය කළේ ඇයි දැයි ඝාතකයාගෙන් ඇසූ විට ඔහු කීවේ “මම සීසර්ට ආදරෙයි නමුත් රෝමයට ඊට වඩා ආදරෙයි “ යනුවෙන් බවත් තමාත් විපක්ෂයේ සිට ඊයේ ගනු ලැබුවේ එවැනි තීරණයක් බවත් සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ ප්‍රකාශ කළාය.
අද(23) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන කොවිඩ් 19 වසංගත තත්ත්වය පිළිබඳ විවාදයට එක්වෙමින් ඇය මේ බව කියා සිටියාය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ අතපය බැඳ දමා ජනපතිට පීනන්නට කීවොත් පිහිනිය නොහැකි බවයි. එබැවින් ජනපතිට ඕනෑම සහායක් තමා ලබාදෙන බවද කොතරම් විනය පරීක්ෂණ තැබුවද තම හිතට එකඟව අවංකව කටයුතු කරන බවද සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මන්ත්‍රීතුමිය හිතාමතාම ඉතිහාසේ විකෘති කරනවා, නැත්නම් උඩින් පල්ලෙන් කියවල කපටිකමක් කරනවා. ටිකක් හෙව්වා නම් සෙනෙටර්වරුන්ගේ බලය කප්පාදු කරලා රජෙක් අධිරාජ්යයෙක් වෙන්න හදපු සීසර් වෙනුවට ඡන්ද බලයෙන් පත්වුණා සෙනෙටර්වරුන්ගේ බලය සහිත ජනරජයක් උදෙසා බ්රුටස් සහ අනුගාමිකයන් ඒ ඝාතනය කළා කියල ඉතිහාසේ සඳහන් වෙනවා කියල ඉගෙනගන්න තිබුනා, ඒත් අපේ මන්ත්‍රීතුමිය කලේ මන්ත්‍රීවරුන්ගේ බලය කපන්න ඒකාධිපතියෙක් හදන්න අසීමිත බලයක් දෙන්න ඡන්ද දුන් එක, අපට නම් මේවා මහා විහිලු.
මොලවල කිසිදෙයක් නැති දේශපාලුවන්ට නොතේරණ එකම දේ ජනතාව ඡන්දය දුන්නේ පුද්ගලයාට නොව පක්ෂයට බවයි. විපක්ෂයට ඡන්දය දී පිරිසක් පාර්ලිමේන්තු අරින්නේ එතන සිටීමට මිසක් හෘද සාක්ෂිය කියාගෙන ආණ්ඩුවට සල්ලි වලට කඩේ යැමට නොවෙයි..
සීසර්ට ඕක ඇහුනානම්...
නූතන පබා...
මේ මහත්මිය දෙපැත්ත නෙවෙයි හතර පැත්තම පටලවාගෙන්. ඇත්තටම මේතුමිය සීසර් කෙනෙක් උපද්දලා, තමයි මේ වැරදි උදාන වාක්‍ය කියන්නේ. විලියම් ශෙක්ස්පීයර් ඔහුගේ Tragedy of Caesar, කාව්‍යයෙහි රෝමයේ සිදුවූ සීසර් ඝාතනය, දේශපාලන මතය හකුලා කාව්‍යක් ලෙස ලොවට ඉදිරිපත් කරා. මෙහි ප්‍රස්තුත කතාව වන්නේ, ආසන්න වශයෙන්, ක්‍රි පූ 44, මාර්තු 15 වෙනිදා, ජුලියස් සීසර් නම් රෝමානු ඒකාධිපතියා ඝාතන සිද්දියයි. ඔහු මරා දැමුවේ, ඔහුගේම රජයේ තමන්ගේම දේශපාලන සගයින් හා සෙනේට් සභිකයින් විසින්, තම රාජ්‍ය සභාව පවත්වමින් සිටින අතරතුරදී. ඔහුට 26 වතාවකට වඩා පිහි පහර එල්ලකොට තිබුනා, ඔහුගේම පාර්ලිමේන්තුව තුලදී.
ඇත්තටම අපේ “යකඩ කාන්තාව”.
මිනිසා රුදුරුම සතා වන්නේ මේ නිසයි.
සීසර්ගේ ඝාතනය මෙම කාරණය සමඟ සැසඳීම නොගැලපේ. මෙය සැබවින්ම පාවාදීමකි.
මට හිනාව නවත්වාගන්න බැහැ .
හොඳින් කිව්වා ඔබතුමිය, ගවයින් කණ්ඩායමක් තුළ අවම වශයෙන් එක් අයෙකු හෝ මොළය ඇති බව.
මේ වගේ කෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා අපි දැනගෙන හිටියේ නැනේ.
ඒත්... ඔබත් බෘට්ස් කෙනෙක්ද.?
අනේද කියන්නේ...
ඔබතුමියගේ නිදහස් ස්වාදීන තීරණයට මම ගරු කරමි.
අද රටට අවශ්‍ය වෙලා තියෙන්නේ ඝාතකයෝ නොවෙයි, යහපාලක දේශපාලකයොයි.
ඔබත් බෘටස් කෙනෙක්ද.? එදා බෘටස්ගේ ක්‍රියාව කිසිවෙක් අනුමතකලේ නැහැ.
මෙයා... දේශපාලන වේධිකාවේ රාජපක්ෂලාට හොරු කිය කිය බැන බැන ඉඳලා, අන්තිමට බෝනස් මන්ත්‍රී කමත් පාවලා දීලා ජනාධිපතිතුමාගේ දෑත් ශක්තිමත් කරන්න පැන්නා.
බෘටස් ඊර්ෂ්‍යා කරමින් සිටියේය. වසරක් වැනි කෙටි කාලයක් තුළ සීසර් රෝම අධිරාජ්‍යය පුළුල් කිරීමට සහ මධ්‍යම රජය වන සෙනෙට් සභාව ශක්තිමත් කිරීමට විශාල දියුණුවක් ලබා දුන්නේය. බෘටස් සහ ඔහුගේ කල්ලියට බලය අල්ලා ගැනීමට අවශ්‍ය විය. 20 වන ව්‍යවස්ථා සංශෝධනය සඳහා ඡන්දය දීම කිසිසේත්ම බෘටස් කළ දෙයට සමාන නොවේ. විපක්ෂය විසින් ජාතික ලැයිස්තුවෙන් පත් කරන ලද මෙම මැය විපක්ෂය සමඟ බැඳී සිටිය යුතුය.
බෲටස්ටත් අවනම්බුයි මේ කියන කතාව. බෲටස්ගෙ අරමුණ මොකක් උනත් මිනිහා කලේ ඒකාධිපතියෙක් නැති කරන එක. එහෙම කිව්වේ ඒකාධිපතියගෙන් රට බේරගන්න ඒකාධිපතියව නැති කරා කියන එක.
හැබැයි නෝනා සජිත්ව සීසර්ට උපමා කරනවානම් ඒක සීසර්ට කරපු ලොකුම අවමානය. එත් ලෝකල් සීසර්ට ඩයනා ගත්ත තීරණය මම උසස් කොට සලකනවා. එත් නෝනා සීසර් මැරුවේ අන්තෝනියෝ නොවෙයි මාර්කස් බෘටස්. පාරලිමෙන්තුවේ සිටි කිසිවෙක් එය නිවැරදි කලේ නැහැ එකෙන් අපිට දේශපාලුවන්ගේ ලෝක ඉතිහාසය ගැන දැනීමත් අපි දැනගත්තා.
නෝනා යු ටියුබ් එකේ යන ඔබේ කතාවෙන් කියවෙන්නේ අන්ටොනියෝ සීසර් මරුවා කියලා. උජාරුවට කතාව කලාට සීසර්ව මැරුවේ ඇන්ටෝනියෝ නොවෙයි මාක්ස් බෘටස් කියලා දරුවන්ටවත් කියා දෙන්න.
බෘෘටස් හොද ඒකාධිපතියෙක් විනාශ කළා. ඹබ රටක් විනාශ කළා. අදබාල මෙවැනි පාවා දෙන්නෝ ඉන්නකම් මේ රට විනාශයටම යනවා. අපෝයි අපේ රට?
ඔයා නම් ආදරේ රටට නොවේ සීසර්ටයි.
මෙරට ජනාධිපතිවරණයකින් වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්තේ චන්ද්‍රිකා මහත්මියයි. 64%.ක්.. දෙවැනි වර එම ගණන බොහෝ දුරට අඩුවී තිබුණා. බලයට ආවට පසු වැඩකිරීම අනුවයි ජනප්‍රියතාවයට පවතින්නේ..
තවමත් කිසිවකු පත්කරන්නේ නැති එජාපයේ හෝ රතන හාමුදුරුවන්ගේ පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය බැසිල් රාජපක්ෂ මහතාට පිරිනමන්න රටට වැඩි සේවයක් කළ හැකි පුද්ගලයෙක්...
ඒ කියන්නේ ජනාධිපතිට රට පාලනය කරන්න විදේශිකයොත් ඔනෑ. එතකොට ගණන් පරීක්ෂා කළොත් රටපාලනය කරන්න බෑ කියලද කියන්නේ? මෝඩ වට්ටි අම්මලා ඔතනට ගියාම ඔක තමයි වෙන්නේ. මෙ මෑත කාලීන විනාශ බොහොමයක් රනිල් නිසා.
බලයට එන්න කළින් කියන කතා නෙමෙයි බලය ලැබුණට පස්සෙ කියන්නේ. ස්වාධීනත්වය කියන්නේ මෙවටද? එතකොට මෙවගේ අයට කතිරෙ ගහපු අය හරක් වෙන්න ඇති....
අන්තර්ජාලයෙන් "ජුලියස් සීසර් සාහසික ලෙස රෝම සෙනෙට් මණ්ඩල ශාලාව තුල ඝාතනය කළ ක්‍රි.පූ.44 මාර්තු 15 වැනි දින කුමන්ත්‍රණ කරුවන් ජුලියස් සීසර්ව එතෙක් දිවි හිමියෙන් ආරක්ෂා කළ වීරෝධාර සෙන්පති මාර්ක් ඇන්ටනීට සෙනෙට් මණ්ඩල ශාලාවට ඇතුලු විය නොහැකි වන සේ සැලසුම් කොට කුලී භටයින් යොදා තිබිණ. සීසර්ව ඝාතනය කෙළේ බෲටස්, කැස්කා ඇතුළු කුමන්ත්‍රණ කරුවන් පිරිසක් මිස මාර්ක් ඇන්ටනී නොවේ. මේ පිළිබඳ ඩයනාගෙන් ප්‍රශ්න කිරීමට ලංකාවේ පාර්ලිමේන්තුව තුල එකදු පුද්ගලයෙක් හෝ සිටියේ නැත. ඉතින් එහෙව් අය ඒකාධිපති සංශෝධනයකට තුනෙන් දෙකකටත් වඩා අත් ඉස්සීම ගැන පුදුම විය යුත්තේ මන්ද?" උපුටාගැනීම අවසන්...
ඩයනා, මුලින්ම ඔබ මතක තබාගත යුතුයි ඔබ ජනතාවගේ දියණියක් නොවෙයි. ජනතාවගේ චන්දයෙන් තේරී පත්නොවී ලිස්ට් එකෙන් නොහොත් " පිනට " දියවන්නාවට ආව ඔබ පිනා මන්ත්‍රී කෙනෙක් පමණයි. පිරුණු කලේ දිය නොසැලේ කියලා කියමනක් තියෙනවා. ඔබ ඉතිහාසය දන්නා බවක් පෙන්වන්නට ගිහින් බ්රුටස් ඇතුළු සෙනෙටර්ලා රාශියක් පිහියෙන් ඇන මැරුවා. සිසර්ගේ මරණයට ඇන්ටනිව පටලවනවා. ඒ එදා ...මෙදා ඔබ සජිත්ට පිටුපසින් ඇවිත් පිහියෙන් ඇන්නට ඔහුව " ඝාතනය " කරන්න ඔබට හැකිවුණේ නැහැ. මුළු ලෝකයේම අප්‍රසාදයට පත්වී ඇති, ලෝකයම පිළිකුල් කරන ඔබගේ ගෝඨාභයට රට කරගෙන යන්න බැරිවුන දවසක, එයාගේ පවර්ස් පෙන්වලා මිනි මරන්න පටන්ගත්තාම... මුළු රටේම ජනතාව සජිත් වටා එකතුවෙනවා. දැන් ගෝටාට ඔබව අවශ්‍ය නැහැ. ඔහු ඔබව " පාවිච්චිකොට " අවසන්. අද ඔහු ඒකාධිපතියෙක්...
සීීසර් මැරුවෙ කව්ද? දන්නෙ නැති මලකඩ කාපු යකඩ
සීසර්ට මළකඩකාපු පිහියෙන් ඇනපු 69 ලක්ෂයට දැන් හොඳට සැපයි...
ලංකා මාතාවට මළකඩ පිහියෙන් ඇන්නා වගේ...
ඇත්තටම සීසර්ගේ කතාව සජිත්වත් වෙන කවුරුවත් දැනගෙන හිටියේ නැද්ද.?
සීසර් ඉපදුනෙත් ලංකාවේ කියයිද දන්නේ නැහැ.
ආණ්ඩු පක්ෂයේ ඉන්නවා ඔය වගේ අය හුරතල් කරන්න ආස අය ඔනෙ තරම්. ඒ නිසා මෙයා ගොඩයනවා. සජිත් ඉල්ලගෙන කෑවා.
නෝනා ඔබ සීසර්ට කොහොම වෙතත් සජිත්ට බෘෘටස් වීම ගැන සතුටුවෙනවා. එත් අන්තිමට බෘෘටස් සියදිවි හානිකර ගන්නවා.