

(කේෂර ගුණතිලක)
කලට වේලාවට වැසි නොලැබීමෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ වැව්වල ජල මට්ටම 50% කින් පමණ අඩුවී ඇති අතර අමුණුවල ජලය ද සිඳී ගොසිනි.
මොනරාගල දිස්ත්‍රික්කයේ, ප්‍රධාන වැව් වන යුදඟනාව වැව, සද්ධාතිස්ස වැව, සුගලාදේවිය වැව, මුතුකණ්ඩිය වැව, දඹේ වැව, මහකුරුල්ලන් පැලැස්ස වැව, කහ කුරුල්ලන් පැලැස්ස වැව, මහවැව යන වැව්වල ද කුඹුක්කන, බුත්තල, හුලංදාව සුදුපානවෙල, පැල්වත්ත, හොරබොක්ක සහ කුකුරම්පොල යන අමුණුවල ද ජලය සිඳී ගොස් ඇති බව මොනරාගල ප්‍රධාන වාරිමාර්ග ඉංජිනේරු පියතිස්ස බණ්ඩාර මහතා පැවසීය.
වෙනත් වසරවලදී ඔක්තෝබර් මාසය ආරම්භයේ සිට මොනරාගල දිස්ත්‍රික්කයට වැසි ලැබේ. වාරිමාර්ග යෝජනා ක්‍රම යටතේ ඔක්තෝබර් 15 වන විට මහ කන්නය ආරම්භ කිරීමට ගොවීහු කටයුතු කරති. මේ හේතුවෙන් මහ කන්නයේ කුඹුරු අස්වැද්දීමේ කටයුතු මෙතෙක් ආරම්භ කිරීමට ගොවීන්ට නොහැකිවී ඇත.
මේ වන විට වැව් සහ අමුණවලට සම්බන්ධ “පෙර කන්න රැස්වීම්” පවත්වා ජලය මුදාහරින දින තීරණය කර ඇතත් වැසිජලය නොලැබීම නිසා කුඹුරු අස්වැද්දීම ආරම්භ කර නැත.
ඡායාරූපයෙන් දැක්වෙන්නේ සම්පූර්ණයෙන්ම සිදී ගොස් ඇති තණමල්විල මහවැව සහ දඹේවැවයි.
COMMENTS
මේ වැව් දැන් වතුර නැති කාලේ හාරලා ගැඹුර වැඩි කරලා තිබ්බා නම් ඊළඟ සැරේට වැඩි වතුර ප්‍රමාණයක් රඳවා ගන්න පුළුවන් බලධාරීන්ගේ ඇස් ඇරේවා...!!!
ඇත්තෙන්ම හරිම සුන්දර දර්ශනයක්. ඉදිරි අනාගතයේදී මීට වඩා සුන්දර කාන්තාර දැක ගැනීමට අපට පින තියේවි?
මෙහෙම වුනොත් කොවිඩ් වලට හපන්
බලන්න දැන් ලස්සන
කිඹුල්ලු නෑනේ?
අද මොනරාගල හෙට මුළු රටම... ස්වභාවික සම්පතක් වත් විඳින්නට අපට ඇති අයිතිය නැති කළ පව්කාර හැතිකරේ...
පින්වන්ත නායකයින් සිටිනකල රටම සශ්‍රීක වේ.