ඉන්දිකා රාමනායක
පාර්ලිමේන්තුවේ දී අද මන්ත්‍රීවරුන්ගේ ප්‍රහාරයට ලක්වූ පොලිස් නිලධාරීන් 12 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
ඔවුන්ට මේ වන විට ප්‍රතිකාර ලබා දෙමින් තිබෙන බව ද දැනගන්නට ඇත.
මන්ත්‍රීවරුන් නොසන්සුන් කාරීව හැසිරීම නිසා කතානායකවරයාගේ ආරක්ෂාවට පොලිසිය කැඳවා තිබිණි.
මන්ත්‍රීවරුන් පොලිසියට පුටුවලින් සහ පොත්වලින් ද මිරිස්කුඩුවලින්ද පහර දෙන අයුරු දැකගන්නට ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැජ්ජයි. පුද්ගලයින් එක්කෙනෙක් දෙන්නෙක්ගෙ බල තණ්හාව නිසා රටම අවුල් වෙලා.
මහින්ද මැතිතුමා මේ අවස්ථාවේදී අනපේක්ෂිතව ලැබුණු බලය, මැරබලය යොදා හෝ රැකගැනීමේ නින්දිත උත්සාහයක යෙදී සිටි, තුවාල ලැබූ අහිංසක පොලිස් නිලධාරීන් ගැන කණගාටු වෙමි.
වෙනදා මිනිස්සුන්ට ගහන්න පොලිසියට අණ දෙන අය අතින්ම අද පොලිසිය ගුටි කෑවා. සමහර විට ඔය ප්‍රහාරයට ලක් වූ පොලිස් නිලදාරීන් තමන්ට ගහපු ඔය මන්ත්‍රීවරුන්ට ඡන්දෙත් දීලා ඇති.
පොලිසිය කාගෙන්වත් හිරිහැර ලැබිය යුතු නොවේ. වගකිව යුතු සතුන්ට එරෙහිව නීතිය ක්රියාවේ යෙදිය යුතුයි.
සාමාන්‍ය පෙළවත් නොමැති නූගතුන් පාර්ලිමේන්තු එව්වහම ඔහොම තමයි. අඩුම ගානේ ඊළඟ මැතිවරණයේදී වත් සියලුම අපේක්ෂකයින්ගේ අධ්‍යාපන මට්ටම සහ රැකියාව සඳහන් කළා නම් අඩුම ගානේ මේ වගේ චරිත එනඑක අඩුවෙනවා....
රාජපක්ෂ රෙජීමෙ තක්කඩි 2015ට කලින් රට කරපු හැටි මතකයි. පොලිස් නිලධාරීන්ගේ ඇඳුම් ගලවල මහපාරේ ඇඟට මුත්‍ර කළා. නුවර ඩීඅයිජී ගේ ගෙදර තාප්පෙට හේත්තු කරලා පොලිසියේ අයට ගැහුවේ... යහපාලන කාලෙ සාමයක් තිබුණා. මේ අය පාර්ලිමන්ට් එකේදී මෙහෙම නම් ඡන්දයක් තියනකොට මිනිස්සුන්ට මොනවා නොකරයිද?
ගහලා ඇතුළට දාන උසාවියට, නීතියට උඩින් ඉන්න රටේ මුල් පුරවැසියාටවත් බලයක් නැහැ. එයාලා ගැහුවේ නීතියටයි.
ඔහොම පොලිස් නිලධාරීන් ඇතුළට යවලා හරියනවද? මොන ගොනාගේ වැඩක්ද ඕක? බොඩි ආමර් දා ගත්තු නිලධාරීන් යවන්න ඕනේ.. එ්කය් හරි ක්‍රමවේදය... ඕක ඇතුලේ ඉන්න ගොන්නු මොකකින් හරි ගහලා නිලධාරියෙක් මළොත් මොකද වෙන්නේ? මී හරක් ආරක්ෂා කරන්න පැත්තක ඉන්න මිනිස්සු බිල්ලට දෙනවා.
පොලිසියට පහර දෙන මැති ඇමතිවරුන්ට ඇමති ආරක්ෂක අංශයෙන් හෝ ප්‍රභූ ආරක්ෂක අංශයෙන් ආරක්ෂාව සැපයිය යුතුද?
ගුටි කාපු සහ ගුටි දීපු කට්ටියට මේක අදාලයි. උස් තැන් දැක හැකිළෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ නිවටුන් වග සිතමින්නේ...
මේ අයට විරුද්දව නීතිය නියමාකාරව ක්‍රියාත්මක කල යුතුයි. පොදු දේපළ විනාස කරන හැටි අපි රූපවාහිනියෙන් දැක්කා. මහජන දේපල විනාස කිරීම ඇප දිය නොහැකි වරදක්. පාර්ලිමේන්තුව තුලට පිහි ගේනවා මිරිස්කුඩු ගේනවා කියනවට වඩා බරපතල වරදක් මහජන දේපල විනාස කිරීම. ඇයි ඔය හැම බොරුවකට පෙනී සිටින සිවිල් සංවිදාන මේවට කැගහන්නේ නැත්තේ?
අමිල ඔයා කියන එක හරි, ඒ වුනාට මේ අය ඒවත් හොරට හදලා අපිට පෙන්නයි. මේ මට phd එකක් තියෙනවා කියලා.
ඕක රූකඩ නාඩගමක්! වේදිකාව පිටිපස්සේ ඉඳගෙන ඕක මෙහෙයපු අයට බොහොම සන්තෝස ඇති!
පේනවා නේද කොපමණ මහන්සියක් මේ මන්ත්රීතුමාලා ගන්නවද කියලා අපිට සේවය කරන්න?
මීට පස්සේ නම් පොලිසියේ පොඩ්ඩෝ දේශපාලුවන්ට දුටු දුටු තැන සැලියුට් ගහන එක නතර කළ යුතුමයි. පාර්ලිමේන්තුවේදී තමන්ට ගහපු අය ෆොටෝ වලින් හඳුනාගෙන ......