IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


මධුමාධව අත්අඩංගුවට ගන්න අවශ්‍ය නැතැයි නීතිපති දැනුම්දෙයි

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

ඉකුත් මැයි මාසයේදී මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිද්ධීන්වලට අදාළව දැනට සිදුකර ඇති පරීක්ෂණවලින් අනාවරණය වී ඇති කරුණු අනුව පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ උප නායක මධුමාධව අරවින්ද මහතා  අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවක් මතු නොවන බව නීතිපතිවරයා අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ඉඳුනි පුංචිහේවා මහත්මිය මෙසේ දැනුම් දුන්නාය.

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මධුමාධව අරවින්ද මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම  අද(13) බුවනෙක අලුවිහාරේ, එල්.ටී.බී.දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර එහිදී මෙම දැනුම්දීම කළාය.
 
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේ මිනුවන්ගොඩ කලහකාරී සිද්ධියට අදාළව පොලීසිය විසින් සිදුකළ පරීක්ෂණ පිළිබඳ වාර්තා නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති බවයි.
 
එම විමර්ශන වාර්තා පරීක්ෂා කිරීමේදී  මධුමාධව අරවින්ද අත්අඩංගුවට ගැනීමට තරම් මෙම අවස්ථාවේදී සාක්ෂි  මතු වී නොමැති බවද රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියාය.
 
එහිදී මධුමාධව අරවින්ද මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා විමර්ශන කටයුතුවලට පූර්ණ සහය ලබා දීමට සූදානම් බවත් අධිකරණයෙන් නොතීසියක් ලද විට අධිකරණය හමුවේ පෙනී සිටීමට සූදානම් වී සිටින බවත් දන්වා සිටියේය.

ඒ අනුව අදාළ ප්‍රතිඥාව සටහන් කරගත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගය අත්හිටුවීමට තීන්දු කළේය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මිනුවන්ගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා, බස්නාහිර පළාත් උතුරු ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා නම් කර තිබේ.
 
මධුමාධව අරවින්ද මහතා කියා සිටින්නේ ඉකුත් දා මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී ඇතිවූ කලහාකාරී සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානම් වන බවයි.
 
මෙම සිද්ධියට තමන්ගේ කිසිදු සම්බන්ධතාවක් නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කාර මධු මාධව අරවින්ද මහතා තමා මෙම කලහකාරි සිද්ධියට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් අනාවරණය වී නොමැති බවද සඳහන් කළේය.
 
මෙම වාතාවරණය මත තමන්ව සාධාරණ පදනමක් නොමැතිව ද්වේෂ සහගත ලෙස පොලිසිය විසින් අත් අඩංගුවට ගැනීමට සූදානම් වන බවත් එසේ අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් පොලිසිය වෙත නිකුත් කරන ලෙසත් මධුමාධව අරවින්ද මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.
 



අදහස් (5)

මධුමාධව අත්අඩංගුවට ගන්න අවශ්‍ය නැතැයි නීතිපති දැනුම්දෙයි

kap Thursday, 13 June 2019 08:53 AM

හැමදාම වෙන්නේ මේක තමයි.

:       0       139

dasun Thursday, 13 June 2019 01:26 PM

මදුෂ්ට මේ විදියටම දාපු නඩුවට මොකද වුනේ ?

:       0       29

Chanak los angeles Thursday, 13 June 2019 08:45 PM

මානසික රෝගීන් සමග ගැටෙන්න යාම නිෂ්පල දෙයක් ... මම එහෙම කීවේ මෙහෙ සිටින ලාංකික මානසික දොස්තර වරයෙක් මේ පුද්ගලයාගේ හැසිරෙන කතාකරන විලාශය තේරුම් ගෙන කල ප්‍රකාශය පදනම් කරගෙනයි .

:       47       110

ranjith Thursday, 13 June 2019 11:18 PM

කරකිය ගන්න බේරී අහිංසක එඋන්ට මේ වගේ සහන කොහෙන්ද ?

:       0       6

shehan Friday, 14 June 2019 01:52 AM

නීතිය ක්‍රියාත්මක කරන අයගෙන් බේරුනාට දෙවියන්ගෙන් බේරෙන්න බැරි බව හොඳින් මතක තියාගන්න.

:       18       86

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 38 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 148 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1001 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site