(රංජන් කස්තුරි)
මැතිවරණ රාජකාරී මඟහරින සහ මැතිවරණ කොමිසමේ විධාන උල්ලංඝණය කරන රජයේ සේවකයින්ට එරෙහිව අධිකරණයේ නඩු පවරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කොළඹ රාජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (13 ) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
මෙවර මැතිවරණ රාජකාරී මඟහැරීම සඳහා අසත්‍ය හා එතරම් පිළිගත නොහැකි හේතුවෙන් ඉදිරිපත් කරමින් රජයේ නිලධාරීන් පිරිසක් රාජකාරී මඟහැරීම කටයුතු කිරීමේ සුදානමක් පවතින බවද එහිදී දේශප්‍රිය මහතා කීය.
මැතිවරණ රාජකාරී මඟහැරීම සහ කොමිසමේ විධාන උල්ලංඝණය කිරීමට අධිකරණය මගින් වරදකරුවකු වන රජයේ සේවකයකුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් සමඟ වසර තුනක සිරදඬුවමක් ලබාදිය හැකි බවද දේශප්‍රිය මහතා කීය.
ගල්කිස්ස බඩෝවිට හතරවන අදියර නිවසක සිටි පුද්ගලයකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු ගෙන් අයකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
මාතර තංගල්ල සහ ඒ අවට ප්‍රදේශවල පැවැති සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රැස්වීම්වලට සහභාගි වී කතා පැවැත්වූ හිටපු
බංග්ලාදේශයේ ඇඟලුම් අංශය ගැඹුරු අර්බුදයකට ඇද වැටෙන ලකුණු පෙන්නුම් කරමින් පසුගියදා අශුලියා නගරයේ වසා දැමුණු ඇඟලුම් කම්හල් 219 න් 20 ක් හැර අනෙකුත් සියලුම
මෙරට යුරෝපා සංගමයේ තානාපති කාර්යාලවල සිටින රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ලබන 21 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වෙන අවස්ථාවේදී මැතිවරණ කොමිසමේ නිරීක්ෂණ කණ්ඩායමට
ජනාධිපතිවරණය අවසන්වී සති දෙකකට පසුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් කණ්ඩායමක් මෙරටට පැමිණීමට නියමිත බව මුදල් අමාත්‍යංශ නිලධාරියෙක් පැවැසීය.
මැතිවරණ කල්යාම ජනතාවගේ ඡන්ද අයිතියට හානියක් බවත් ඒ නිසා අධිකරණ තීන්දුව අනුව කටයුතු කරමින් පළාත් පාලන මැතිවරණය ඉක්මනින් පවත්වන බවත් මැතිවරණ කොමසාරිස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව
ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය
මැතිවරණ රාජකාරී මඟහරින නිලධාරීන්ට නඩු පවරනවා
Ruwan Thursday, 14 November 2019 02:48 AM
රාජ්‍ය නිලධාරීන්ට නඩු දාලා මැතිවරණ නීති කඩන අය දැක්කාම අහක බලන් ඉන්න
sugath Thursday, 14 November 2019 04:27 AM
මැකෝ නඩු දාන එක වරදක් නෙමේ. කෙනෙකුට රාජකාරියට එන්න බැරිනම් ඒ වෙනුවට වෙන රජයේ සේවකයකුට සහබාගි වෙන්න පුළුවන් විදියේ වැඩ පිළිවෙලක් හදන්න. ඕන තරම් ඉන්නවා කැමැත්තෙන් රාජකාරිය කරන්න.
AmaraThursday, 14 November 2019 07:21 AM
හොඳයි.
Karunarathna Gampola,. Thursday, 14 November 2019 12:17 PM
පළපුරුද්දක් තියෙන වගකීමක් දැරියහැකි අයගෙන් කැඳවීමක් කරතිබුණා නම් මේ ගැටලුව මතුවෙන්නේ නෑනේද? ඊට කැමති අයගෙන් අහලා බලන්න...