නාලක සංජීව දහනායක
 
වතුකම්කරුවන්ගේ ඉල්ලීම් සඳහා රජය යහපත් ප‍්‍රතිචාරයක් නොදක්වන්නේ නම් එම ජනතාව නියෝජනය කරන රජයේ අමාත්‍යවරුන් මෙවර අයවැය ඡන්ද විමසීමේදී අයවැයට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ යුතු යැයි මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කංචන විජේසේකර මහතා අද (26) පැවසීය.


එමෙන්ම ඉදිරියේ දී බලයට පත්වන මහින්ද රාජපක්‍ෂ මහතාගේ රජයක් මඟින් වතුකම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් දහස දක්වා ඉහළ දැමීමට අනිවාර්යයෙන්ම කටයුතු කරන බවද කීය.


බත්තරමුල්ල, නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (26) පැවැති  මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.