
(සුජිත් හේවාජුලිගේ )
මුතුරාජවෙල රක්ෂිතය සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලුව සම්බන්ධයෙන් විසඳුම් සෙවීමට මැති ඇමැතිවරුන් 8 දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කරනු ලැබ ඇත.
අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර සහ සී.බී රත්නායක, රාජ්‍ය අමාත්‍යවරුන්වන නාලක ගොඩහේවා, නිමල් ලන්සා, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලීන් ප්‍රනාන්දු, ජයන්ත වීරසිංහ සහ වීරසුමන වීරසිංහ යන මහත්ම මහත්මීන් මෙම කමිටුවට පත්කර ඇති බව නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙයට අමතරව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතාද මෙම කමිටුවට පත් කරනු ලැබ සිටී.
පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මෙම කමිටුව පත්කර ඇතැයි වාර්තා වෙයි.
මුතුරාජවෙල තෙත්බිම් සංරක්ෂණය කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට පැවරිමේ ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පසු ඒ පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධතා එල්ල වී ඇත. මෙම කමිටුව පත් කර ඇත්තේ එම විරෝධතාද සැලකිල්ලට ගෙනය .
නව ගැසට් පත්‍රයේ හඳුනාගෙන ඇති ක්ෂේත්‍රවල අන්තර්ගතයට යම් වෙනසක් යෝජනා කිරීමට පෙර ඒවා සමාලෝචනය කිරීම මෙම කමිටුවේ ප්‍රමුඛ කාර්යභාරයවී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.