
(බන්දු තඹවිට)
මතුගම බෝපිටිය නැගෙනහිර ශ්‍රී සාරානන්ද මාවතේ ඇළ මාර්ගයකට එන්නත් කුප්පි ,සිරින්ජර් ඇතුළු සායනික අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් දමා ගොස් ඇති බව ප්‍රදේශවාසීහු පවසති.
එම ඇළ මාර්ගය දිගේ එම සායනික අපද්‍රව්‍ය ගසා ගෙන ගොස් කුඹුරුවල රැදී ඇති අතර ප්‍රදේශවාසීන් මේ පිළිබඳව ග්‍රාම නිලධාරී සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුම්වත් කිරීමෙන් අනතුරුව මතුගම සෞඛ්‍ය වෛද්‍යනිලධාරී ඇතුළු නිලධාරීන් එම ස්ථානයට පැමිණ එම සායනික අපද්‍රව්‍ය පරීක්ෂා කර ඇති අතර එම එන්නත් කුප්පි අතර සුනඛ සලකුණු ඇතුලත් කුප්පි තිබීම නිසා මෙම අපද්‍රව්‍ය බොහෝ විට පෞද්ගලික සත්ව සායනයක අපද්‍රව්‍ය විය හැකි බවට සැක පහල වී ඇත.
අනතුරුව මතුගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී රුවන්දි ත්‍රිමාන්න මහත්මියගේ ඉල්ලීම අනුව මතුගම ප්‍රාදේශීය සභාවේ සේවක කණ්ඩායමක් විසින් එම සායනික අපද්‍රව්‍ය එම ස්ථානයෙන් ඉවත්කිරීමට කටයුතු කර තිබුණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෑම ආයතනයකම නිපදවෙන අප ද්‍රව්‍ය මොනවාද ඒවා බැහැර කරන්නේ කෙසේද යන කරුණු ඉල්ලා ප්‍රාදේශීය සභාවෙන් වාර්තා වසරක් පාසා අලුත් කළයුතු අතර රෝහල් කර්මාන්ත ශාලා වැනි ස්ථාන කාර්තුවක් පාසා විගණනයකට භාජනය කල යුතුයි. මෙම අපද්‍රව්‍ය බැහැර කිරීමට තුන්වන පාර්ශවයක් සම්බන්ධවේ දැයි විමසා එම පාර්ශව පිළිබදද විමර්ශනය නොකොලොත් වැඩිවන ජනගහනය සමග බීමට ගන්නා ජලයේ සුරක්ෂිතතාවය පිළිබද බරපතල ගැටළු නොබෝ දිනකින් ඇතිවේවි. දැනටමත් පිළිකා රෝහල පිරී යන එක් හේතුවක් මෙයදැයි අප නොදනිමු.