(නිමල කොඩිතුවක්කු)
පාර්ලිමේන්තුවේ බහුතර කණ්ඩායමට ඉඩදී රට යථා තත්ත්වයට පත් කිරීමට ජනාධිපතිවරයා දැන්වත් පියවර ගත යුතු බව ජාතික විද්වත් සංසදයේ සභාපති සහ කැළණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ප‍්‍රිශාන්ත ගුණවර්ධන මහතා කොළඹදී පැවැසීය.
දිනෙන් දින කඩා වැටෙන රට ශක්තිමත් කිරීම සඳහා රනිල් වික‍්‍රමසිංහ මහතා යළි අග‍්‍රාමාත්‍ය ධූරයට පත් කිරීම හැර ජනාධිපතිවරයාට වෙන විකල්ප නොමැති බවද ගුණවර්ධන මහතා සඳහන් කළේය.
ජාතික විද්වත් සංසදය රාජගිරිය පිහිටි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කාර්යාලයේ අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ප‍්‍රිශාන්ත ගුණවර්ධන මහතා මෙසේද කීය.
‘‘පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් අද විශාල සංවාදයක් රටේ යනවා. අපි ඒ ගැන විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස් සමාජයක් ඇතිවන ආකාරයට මෙවැනි පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතුයි.
නීත්‍යානුකූල ආණ්ඩුවක් පෙරලා දමා බලහත්කාරයෙන් ආණ්ඩුවක් පිහිටුවාගත්තා යැයි කියා ගන්නා පිරිසක් සිටින පරිසරයක් තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරකින ආකාරයෙන් මහ මැතිවරණයක් පැවැත්විය හැකිද කියන කාරනාව ගැන අපි ප‍්‍රශ්ණ කර සිටිනවා.
මේ පවතින තත්ත්වය මත පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වනවා නම් ඒක ඉතාම බරපතල ආකාරයක සමාජ ව්‍යසනයක් වෙන තත්වයක පෙර නිමිති පහළ වෙමින් තිබෙනවා. ඒ නිසා පාර්ලිමේන්තු මැතිවරණයක් මගින් මේ ප‍්‍රශ්නය විසදා ගැනීම සඳහා සියලූම දෙනා එකඟතාවයකට එනව නම් පෙර පැවති ආණ්ඩුව තිබුණ තැනට ගෙන ආ යුතුයි කියලා ජාතික විද්වත් සංසදය විදියට අපි කියනවා.
අද සමාජය ඉතාම ව්‍යාකූල තත්වයක තිබෙනවා. එක පැත්තකින් ජනාධිපතිවරයා ඡන්ද ලක්ෂ 62ක් අරගෙන ඔවුන්ගේ විශ්වාසය කඩකරලා තියෙනවා. අනික් පැත්තෙන් එතුමාට විරුද්ධව වැඩ කරපු පනස් අට ලක්ෂයක ඡන්ද ප‍්‍රමාණය විශ්වාසයත් අද එතුමා විසින් කඩ කරලා තියෙනවා.
මේ රට යළි ප‍්‍රජාතන්ත‍්‍රවාදි ආකාරයෙන් ඉදිරියට ගෙන යාමට යහපත් ආණ්ඩු ක‍්‍රමයක් මේ රටේ තියෙනවා කියන ඒ නිදර්ශනය අපි සමාජයට දිය යුතුයි. ඒ සඳහා ජනතා විශ්වාසය පලුදු වූ ජනාධිපතිවරයා විසින් ජනාධිපති මැතිවරණයත් පාර්ලිමේන්තු මැතිවරණයත් එකට තියලා මේ රට නැවත පෙර පැවැති තත්ත්වයට පත්කර ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා.
2025 දෙසැම්බර් මස 04
146
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
363
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බහුතර කණ්ඩායමට ඉඩදීමට ජනපති පියවර ගත යුතුයි - මහාචාර්ය ප‍්‍රිශාන්ත