(තිසර සමල්)
එප්පාවල ගල්මඩුව ප්රදේශයේ නිවෙසක සිටි එක්දරුමවකට තියුණු ආයුධයකින් පහර දී ඇය ඝාතනය කර යතුරු පැදියකින් පළා යමින් සිටි පොලියට මුදල් දෙන පුද්ගලයකු යතුරුපැදිය වන අලියකුගේ ඇඟේ ගැටී තුවා ලබා රෝහල් ගත කර සිටිය දී අත්අඩංගුවට ගත් බව එප්පාවල පොලීසිය පවසයි.
මෙම ඝාතනය අද අලුයම් කාලයේ සිදුව ඇති අතර, මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එක්දරු මවක වන 45 හැවිරිදි කාන්තාවකි.
ඇය 13 හැවිරිදි දියණියකගේ මවක් වන අතර, පොල් සංවර්ධන මණ්ඩලයේ ඉපලෝගම කාර්යාලයේ සේවය කරන්නියකි.
මුදල් ආරවුලක් හේතුවෙන් හෝ වෙනත් සම්බන්ධයක් හේතුවෙන් මෙම ඝාතනය සිදු කරන්නට ඇතැයි පොලීසිය සැක කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd