(රංජිත් රාජපක්ෂ)
හැටන් සිට බගවන්තලාව දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කළ පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් බස්රියේ ගමන් ගත් පාසල් ළමුන් 18 සහ වැඩිහිටියන් 10 දෙනෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කළ බව හැටන් පොලිසිය පවසයි.
අද (08) පස්වරු 3 ට පමණ මෙම අනතුර සිදුවී ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය වනරාජා වත්ත ප්‍රදේශයේදිය.
ධාවනය වෙමින් තිබු බස් රථයේ ඉදිරියට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ ලොරි රථයට ඉඩ ලබා දීමට යාමේදී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 පමණ ප්‍රපාතයට පෙරළී අනතුර සිදුවී තිබේ.
අනතුරෙන් තුවාල ලැබු ළමුන් වයස අවුරුදු 6 ත් 15 අතර වයස් කාණ්ඩවල පසුවන අය බවත්, තුවාල ලැබු පාසල් සිසුන්ගේ සහ වැඩිහිටියන්ගේ තත්වය බරපතල නොවන බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරු පවසයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මනින්ම මෙම දරුවන් ඇතුළු පිරිසට සුවය ලැබේවා