මේදිනවල කොළඹදී පැවැත්වෙන බෝරා මුස්ලිම්වරුන්ගේ ගෝලීය සමුළුවෙන් ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් මිලියන 31ක ආදායමක් උපයා ඇතැයි ජනාධිපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
සැප්තැම්බර් 1 වන දින සිට 10 දින දක්වා බම්බලපිටියේ පිහිටි බෝරා පල්ලියේදී පැවැත්වෙන මෙම සමුළුවට සහභාගී වීම සඳහා රටවල් 40ක බෝරා මුස්ලිම්වරු 21,000ක් ලංකාවට පැමිණ සිටිති.
අද (04) එම සමුළුවේ සිව්වන දිනයට ඊට සහභාගී වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිදු භේදයකින් තොරව, සාමය තහවුරු කිරීම සහ දිළිදුකම තුරන්කිරීම සඳහා සියල්ලන් එක්විය යුතු බවද බෝරා සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම ගෞරවයක් බවද පවසා ඇත.
(16844)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ හිඟන නිවුස් ඇෆ්රිකන් අන්ත දුප්පත් රටවල නං දැකලා තියෙනවා. අනේ කොහොම තිබුණු ලංකාවක්ද මේ...? හාල්, පොල්, මිරිස් පොලු තිබ්බ කාලේවත් මේ තරම් රට බාල්දු වුනේ නෑ...
මෙහෙමත් හිඟන රටක්...
සල්ලි කෑදරකමට රට පාවාදෙන්න එපා...!
සල්ලි දෙනවා නම් තම්බි වුනත් කමක් නැහැ..
බල්ලෝ මරලා හරි සල්ලි ලැබෙනවා නම් හොඳයි.
ලංකාව මහ අසහනකාරී රටක්. හැම දෙයක්ම සල්ලි වලින් මැනලා පත්තරවලත් විස්තර දාන්නේ.. ආගමික කටයුතුවල ක්‍රියාත් සල්ලි වලින් මැනලා දානවා නම් ලංකාවේ මිනිසුන් සල්ලි හැර වෙනදෙයක් ගැන කල්පනා කරන්නේ නැහැ වගේ... ලංකාවේ මිනිසුන්ට කරන දේවල් වලින් ටිකක් නතරවෙලා කොහොමද විනෝද වෙන්නේ කියලා ඉගැන්නුවොත් හොඳයි. හරි නම් හොඳට කලා බීලා විනෝදවෙලා විඩාවට පත්වුණාට පස්සේ නිදහසක් හොයාගෙන යන්න ඕනේ දේවල්.. පිළිවෙල වැරැද්ද ගෙන ආගම් පස්සේ ගිහින් විඩාවට පත්වෙලා, විනෝද වෙන විදිය කලින් කියලා දෙන්න වෙලා... නිදහස හොයාගෙන යන ගමන තවතවත් දුරස්වෙලා. ඊට කලින් මිනිස්සු මැරිලා වැටෙයි...
සල්ලි එනවා නම් බෝරා මොකද? තෝරා මොකද? නැද්ද සිරිසේන මහත්තයෝ...
මේ දවස් ටිකේම වෙලාවට වැඩට යන්න බැරිවුණා. කොහොමත් වාහන තදබදය නිසා පැය ගාණක් මහමඟ සිදුවන රස්තියාදුව මේක නිසා තවත් වැඩිවෙලා. පාරවල් වහගෙන පරීක්ෂා කරන්නේ එයාලගේ රට වගේ. මේවට බලය දුන්නේ කවුද දන්නේ නෑ. මිනිසුන්ට වෙන හිරිහැරයි රටට වන හානියයි ගැන නොබලා මේකට ඉඩ දුන්නේ මේ සන්තෝෂම ගන්නද?
සත පහක වැඩක් නොවී බිලියන ගණනක් වැය කළ චෝගම් එකට වඩා රටට ආදායමක් එන මෙවන් සමුළු පැවතීම හොඳයි. මේවා නිසා කලින් මෙරට සංචාරය කිරීමට අදහස් නොකළ අයට් සමුළුවට සහභාගී වීමට එනවා. ඔවුන් රටේ අසිරිය දුටුවිට සමහරක් වත් පසුව එනවා. ඔවුන්ගේ හිත මිතුරන්ට කියනවා. බෝරා වරුන්ට ඔවුන්ගේ සමුළුව ඕනෑම රටක පැවැත්විය හැකියි. මරාගෙන මැරෙන ත්‍රස්තවාදී මුස්ලිම් කණ්ඩායම් වලට ප්‍රතිවිරුද්ධ බෝරාවරුන් අප්‍රේල් ඝාතනය නිසාම මේ රට තෝරාගත්තා විය හැකියි. එසේ නැත්නම් සංහාර සඳහා අංක 1 ස්ථානය ලෙස ලංකාව නම් කර ඇති නිසා සමුළුව මෙහෙ සංවිධානය කලා වෙන්නත් පුළුවන්... සංචාරක ව්‍යාපාරය ගැන දන්නා අය තනි තනියෙන් සංචාරය, කණ්ඩායම් සංචාර, වෙළඳ ප්‍රදර්ශණ සංචාර වගේම සමුළු සංචාරත් ප්‍රවර්ධනය ගැන දන්නවා. නොදන්නා අය දෙශපාලනික කෝණවලින් බලනවා.
අනේ අපිට ඔය සල්ලි එපා. ඔවුන්ගේ තෙලුත් එපා. ඔවුන්ගේ රටවල්වල රැකියාත් එපා... අපේ තේ ඔවුන්ගේ රටවල් වලට අපනයනය කරන්නත් එපා. මුස්ලිම් රටවල ඉන්න අපේ අය කරුණාකරලා අපේ රටට එන්න. ඔබලා වෙනුවෙන් ජාති මාමක අය බලන් ඉන්නවා. රැකියා දීලා අපිව සෞභාග්‍යමත් කරන්න.
මේ ඇවිත් ඉන්නා 21000 ම අපහු යනවා නේද ...නැතිනම් කොටසක් විල්පත්තුවේ පදිංචි කරනවාද ...