(විනීතා එම් ගමගේ)
මැදින් පොහොය යෙදී තිබු අද (20) දවස තුළ මත්පැන් විකුණු බණ්ඩාරවෙල ඇල්ල සංචාරක කලාපයේ පිහිටි හෝටල් හතරක් වැටලු කොළඹ සුරා බදු විශේෂ වැටලීම් ඒකකය බියර් බෝතල් 600 කට අධික ප‍්‍රමාණයක් අත් අඩංගුවට ගෙන ඇත.
එම මත්පැන් අලෙවි කළ හෝටල් හිමියන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හල බව කොළඹ සුරා බදු විශේෂ වැටලීම් ඒකකය පවසයි.
මෙසේ අත්අඩංගුවට පත් සිව්දෙනාම බලපත‍්‍ර රහිතව මත්පැන් විකුණන පුද්ගලයින් බවත් බලපත‍්‍රලාභීන් සියලු දෙනා පොහෝ දිනවල එම අලෙවිසැල් වසා තබන අතර මොවුන් මත්පැන් අලෙවි කර ඇති බවත් එම ඒකකයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
මේ පිරිස බලපත‍්‍ර රහිතව මත්පැන් විකුණන බවටත් පොහෝ දිනවල ද මත්පැන් විකුණන බවටත් ලද පැමිණිලි මත වැටලීම සිදුකළ බව එම ඒකකයේ නිලධාරියෙක් සඳහන් කළේය.
සුරා බදු කොමසාරිස් නීති කි‍්‍රයාත්මක කිරීම්, වසන්ත දිසානායක, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ, සුරාබදු අධිකාරී චන්න වීරක්කොඩි යන මහත්වරුන්ගේ උපදෙස් මත කොළඹ සුරා බදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති, ප‍්‍රධාන සුරා බදු පරික්ෂක පී එන් හේමන්ත, සුරාබදු පරික්ෂකවරුන් වන ප‍්‍රදීප් සේනාරත්න, සුමිත් පේ‍්‍රමකුමාර ඇතුළු නිලධාරිහු මෙම වැටලිම සිදුකළහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිවිරෝධී ව්‍යාපාරවලට සම්බන්ධ හෝටල්වල බලපත්‍ර අහෝසි කළ යුතුයි.
බලෙන් සිල් දෙන්න බැහැ. කන මිනිසාට කන්නත් බොන මිනිහට බොන්නත් තිබුනොත්, ඉබේටම සිල් රකින්න ඕනේ කියල හිතෙයි. කන්න නැහැ, බොන්න නැහැ කියලා උහුල්ලා උහුල්ලා හිටියම අසහනය වැඩිවෙන එක විතරයි වෙන්නේ. මිනිස්සු හැමදාම බොන්න හොයන්නේ එතකොටයි. අසහනය වැඩි තැනයි, මත්පැන්වලට ඉල්ලුම තියෙන්නේ... හොඳට හම්බකරලා හොඳට බොන්න තිබුනොත් එක්කෝ නැතිවෙයි... එක්කෝ මත්පැන් එපා වෙයි.