
(රංජිත් රාජපක්ෂ)
තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් හය දෙනෙකු දික්ඔය මුලික රෝහලට අද (08) ඇතුළත් කල බව හැටන් පොලිසිය පැවසිය.
මෙසේ බඹර ප්‍රහාරයකට ලක් වි තුවාල ලබා ඇත්තේ හැටන් පොලිස් වසමට අයත් හැටන් දික්ඔය ඔටරි වතු යායේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් හය දෙනෙකි.
තේ වත්තේ ගසක් මත බැද තිබු බඹර කුඩුවක බඹර වදයකට උකුස්සෙකු පහර දිම නිසා බඹරුන් ඇවිස්සි තමන්ට පහරදුන් බවයි බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කල වතු කම්කරු කාන්තාවන් කියා සිටියේ.
රෝහල වෙත ඇතුලත් කල වතු කම්කරු කාන්තාවන් 06 රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයෙකු කියා සිටියේ. බඹර ප්‍රහාරය සම්බන්දයෙන් හැටන් පොලිසිය පරික්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඹරා වගේ ඇත, තවම විසේ. සල්ලි නැතේ... මට විස්කි නැතේ...