(ඉන්දිකා රාමනායක)
නිළ ඇදුමේ බඳ පටියේ සඟවාගෙන හෙරොයින් , අයිස්, සහ කේරළ ගංජා තොගයක් බන්ධනාගාර තුළට රැගෙන යාමට උත්සහ කළ බන්ධනාගාර නියාමකයකු බෝගම්බර බන්ධනාගාර නිලධාරීන් විසින් අද (7) අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු සන්තකයේ තිබී හෙරෙයින් ග්‍රෑම් 3 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 3 ක් සහ කේරළ ගංජා ප්‍රමාණයක් තිබු බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා සඳහන් කළේය.
සැකකරු අද පෙරවරුවේ රාජකාරියට පැමිණි අවස්ථාවේ ඔහු පරික්ෂා කළ නිලධාරීන්ට මෙම මත්ද්‍රව්‍ය හමුවී ඇති බවද චන්දන ඒකනායක මහතා පවසයි.
සැකකාර නියාම වසර 8 ක සේවා කාලයක් සපුරා ඇති නියමකවරයකු බවද පැවසේ. සැකකරු වැඩිදුර පරීක්ෂණ සදහා පොලිසියට බාර දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්ධනාගාරය තවත් එක් හොර ගුහාවක් පමණි.
ඕන ඔට්ටුවක්.., රජයේ උපදේශක මහත්තුරු කියයි නිල ආණ්ඩුවෙන් බැන්ද පටිය ඉවත් කලාම ප්‍රශ්නය ඉවරයි කියලා..