IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


‘බුද්ධිමත් නායකයකුට රට දුන්නොත් බේරගන්න පුලුවන් ‘

(අංජුල මහික වීරරත්න)

ඉදිරි මැතිවරණයක දී රට "කැහි ගෑනි"ගෙන් ගෙන "හොටු ගෑනි" ට දී පලක් නැතැයි ද රට ගොඩ ගන්න හැකි බුද්ධිමත් නායකයකුට බාර දුන්නොත් පමණක් ලංකාවාසී ජනතාවට නැවතත් හොඳ කලක් යනු ඇතැයිද එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

ආණ්ඩුවේ ඉවක් බවක් නැති මුදල් අච්චු ගැසීමේ කාර්යභාරය අවසන් වන්නේ තීන්ත සහ කොළ අවසන් වූ දාට බව කී රංගෙ බණ්ඩාර මහතා තව වැඩි දවසක් යන්නට පෙර ජනතාවට ආහාර නැතිව මුදල් කොළ ආහාරයට ගන්නට සිදුවනු ඇතැයි ද කීය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දී රංගෙ බණ්ඩාර මහතා මෙි බව කීය.

 



අදහස් (28)

‘බුද්ධිමත් නායකයකුට රට දුන්නොත් බේරගන්න පුලුවන් ‘

චන්දන Monday, 27 September 2021 03:50 PM

එහෙනම් පිටරටකින් ආනයනය කරන්න වෙයි නායකයො .

:       1       15

nimalMonday, 27 September 2021 04:27 PM

‘බුද්ධිමත් නායකයකුට රට දුන්නොත් බේරගන්න පුලුවන් ‘ සජිත්ට රට භාර දෙමු

:       17       9

RaveendraMonday, 27 September 2021 04:31 PM

රංගය හොරගල් අහුලන්නේ කුමකටද....... බූරුවා උනත් පොල් පැලයට හරුනාද..... මන්ද බුද්ධිකයා ලෙස කිවේ කාටද........ පුතානෝට මල පැනලා බව දන්නවද........

:       1       0

siripalaMonday, 27 September 2021 04:33 PM

ඉදිරි මැතිවරණයක දී රට ගොඩ ගන්න හැකි බුද්ධිමත් නායකයකු සමග අවංක කණ්ඩායමක් සිටිය යුතුම වේ . එසේ නොවන්නට රටට අනාගතයක් නොමැත

:       0       0

සිරිබිරිස් Monday, 27 September 2021 03:56 PM

දැන් ඉන්න එක්කෙනා බුද්ධිමත් නැත්ද ? අපිට නං හිතෙන්නේ බුද්ධිය උතුරනවා කියලයි .

:       2       14

Surain Monday, 27 September 2021 04:02 PM

ඒකටනම් ඔයා හරියටම ඇත්ත කියලා තියනවා .දෙවතාවක් රට්ටු කැහි ගෑනියි හොටු ගෑනියි ගත්ත එක හින්දා අපිට ඒ දෙන්නම ආයේ එපා හොඳේ

:       2       12

RaveendraMonday, 27 September 2021 04:20 PM

අපේ "රංගය" අදනම් ඇත්තමයි කියල තියෙන්නේ. අපේ රට කැහි ගෑණිව ඉස්සෙල්ලාම ගත්තේ 1977.නමුත් "රංගයට" ඒ වර්ෂය කියන්න අමතක වෙලා.මොකද වොඩ්කා බෝතලේ උනුකරල නිවාගත් තැබිලි වතුර බිලානේ ඉන්නේ.

:       8       11

Chandima Monday, 27 September 2021 04:08 PM

ඔය කියන්නේ එක්සත් ජාතික පක්ෂේ වල පල්ලට ඇදලා දාපු රනිල් ගැනද ?

:       4       19

විපරමා Monday, 27 September 2021 04:11 PM

කවුරු ගැනද දන්නේ නැහැ ඔය කියන්නේ? බුද්දිය විතරක් තිබුනම ඇද්ද ? නායකකම බදාගෙන බල තන්හාවෙන් ඉන්න අය තවත් කෙනෙකුට එන්ඩ දෙයිද?

:       3       14

කිරි පුතා Monday, 27 September 2021 04:17 PM

මෙයා මේ වහෙන ඔරෝ කියන්නෙ.....හි..හි..

:       4       8

Naushad Monday, 27 September 2021 04:19 PM

ඇයි දැන් ඉන්න එක්කෙනා මන්ද බුද්දිකද ?

:       1       11

Raveendra Monday, 27 September 2021 04:25 PM

රංගය හිතන්නේ බුද්ධිමතුන් ලෙස කව්රුන්ද...... ඇම්ඩන් අයිය බුද්ධිමතෙක් කියලද හිතන්නේ....... නපුන්ෂකයන් බුද්ධිමතුන් වන්නේ කෙසේද........ ඒ බව නොදත් අපේ රංගය අමු ගොනානේ.....

:       10       11

Rohana Monday, 27 September 2021 04:40 PM

ප්‍රශ්ණයකට තියන්නේ බුද්ධිමත් නායකයෙක් සොයා ගැනීමේ අපහසුවයි. දැනට සිටින නායකයින් කරපු දේවල් බලනවිට ඔවුන්ගෙන් වැඩක්ම නෑ.

:       0       0

ranjith Monday, 27 September 2021 04:58 PM

ඒක ඇත්ත ඒ වුනාට රට ගොඩගන්න හැකියාවක් නැති නිසයි ජනතාව රනිල් ප්‍රතික්ෂේප කලේ .තව දවල් හීන දකිනවා වගේ

:       0       0

jagath Monday, 27 September 2021 05:03 PM

හැමෝම හොයන ජාතියේ බුද්ධිමත් නායකයෙක් ඉන්නවා නාගානන්ද කොඩිතුවක්කු කියලා

:       0       0

SUNIL MILANO Monday, 27 September 2021 05:14 PM

කවුද බුද්ධිමතා...? බැංකු හොරකම් කරපු අයද? නැතිනම් පුතාණෝද?

:       3       6

Kumara Monday, 27 September 2021 05:23 PM

දැල් කාරයෙකුට දෙන්න...

:       0       1

Bamunuarachchi Monday, 27 September 2021 05:26 PM

2005-2015 තෙක් රට බේරාගෙන සංවර්ධනය කළේ අඟහරු ලෝකෙන් නායකයින් අැවිල්ලද? කොරෝනා වසංගතයෙන් ගැලවෙනකම් ටිකක් ඉවසන්න. මොකද මේ නායකයින් පුරුදුවෙන්න රට පාලනය කරන අය නොවෙයි. එජාප නායකයා එයාගේ හැකියාව උපරිමයට පෙන්නලා ගියා. ඊළඟට එන්න හදන්නේ පුරුදුවෙන්න රට පාලනය කරන්න හදන අය... අහලා තිබෙනවනේ දන්නා යකා නොදන්නා සුරදූතියට වඩා හොඳයි කියලා...

:       6       2

අතුලMonday, 27 September 2021 06:29 PM

සංවර්ධනේ මුවාවෙන් ඒ කරපු ගොන්කම් තමයි අද මිනිස්සු ගෙවන්නේ... නෙළුම් කුළුණ, මත්තල ගුවන් තොටුපොල, හම්බන්තොට වරාය, ක්‍රිකට් ක්‍රීඩාංගණය, සම්මන්ත්‍රණ ශාලාව, ඔය 4-5 ක් විතරයි. කොමිස් ගහගන්න කරපු බොරු මෝඩ වැඩ නිසා අද රටම අවසන් ගමනේ ඉන්නේ...

:       1       5

BamunuarachchiMonday, 27 September 2021 09:33 PM

ඔය පදනමක් නැති ගොන්කතා මෙතනට අදාළ නැහැ. හොරකම් කෙරුවා නම් අවුරුදු 5ක් පොල්ගෑවාද? හොරු අල්ලන්න තිබුණනේ. ඕවා හිතේ දුකට කියවන ඒවා. කව්රුහරි CID එකට කිව්වොත් අන්න මහත්තෙක් කියනවා ගිය ආණඩුවේ කට්ටිය හොරකම් කළා කියා.. එයා දන්නවා ඇති විස්තර ගෙන්නලා අගහන්න කිව්වාම තමයි ඔන්න ඇඳුම් මාරුකර ගන්න වෙන්නේ.

:       1       0

අගුපිලගේ Monday, 27 September 2021 06:45 PM

බමුණු මත කල්පැන ඇති බව පේන්නේ.. දැන් සිටින පාලකයා පුරුදු වෙන්න රට පාලනය කරන අය නොවෙයි කීම නිසායි.. වත්මන් පාලකයා 2019 වනතුරු කිසිම රටක පාලකයා නොවූබව නොදන්නා අයෙක් සිටියා නම් ඔහු බමුණුආරච්චි පමණි...

:       0       5

BamunuarachchiMonday, 27 September 2021 09:50 PM

රටේ පාලකය ජනාදිපති නොවෙයි හලෝ? ජානාධිපතිට බලතල වෙනම තිබෙනවා පටලවාගන්න එපා. ජනාධිපති රට පාලනය කරනවානම් කැබිනට්ටුවක් මොකටද? කැබිනට් අනුමැතිය මොකටද? පාර්ලිමේන්තුවක් මොකටද? ගූගල් කරන්න කියවන්න ජනාධිපතිට තිබෙන බලතල. ජනාධිපති පාර්ලිමේන්තුවට වගකිවයුතු බව සඳහන් වෙනවා.

:       1       0

chandimaMonday, 27 September 2021 10:20 PM

එජාපෙ නායකයා වැඩ පෙන්නලා ගිය නිසානේ බය ආයෙත් එයි කියලා

:       0       1

fairoos Monday, 27 September 2021 06:11 PM

මෝඩ ඡන්ද දායකයින් ඉන්නකම් මෝඩ නායකයින් බිහිවෙන එක නතර කරන්න බෑ...

:       1       5

BamunuarachchiTuesday, 28 September 2021 11:43 AM

මෝඩ ඡන්දායකයින් හිටපු නිසා තමයි රටේ වැදගත් අමාත්‍යාංශ 43 හම්බයින්ට දීලා දතනියවන්න වුනේ... මීට පස්සේ හමබයින් ගෑවිච්ච පක්ෂයකට ඡන්දය දෙන්නේ නැත.

:       1       0

Senaka ඉතාලිය Monday, 27 September 2021 06:35 PM

බයවෙන්න එපා මහත්තයෝ, තමුන්නාන්සේලා තුන්කට්ටුවට ආයිත් රටේ බලය දෙන්න තරම් රටේ ජනතාව ගොන්නු නෙමෙයි. ඒ ගොනා 2019දී විකුණුවා. ඉස්සර වගේ කසිප්පු කාරයින්ටයි, කුඩුකාරයින්ටයි ආයේ බලය දුන්නු කාලය ඉවරයි....

:       1       3

SUNIL MILANO Monday, 27 September 2021 08:33 PM

මේ අතුල.. ෆයිරූස්ලා වගේ අය මැව්වේ ඇයිද දෙවියනේ? කට ඇරියොත් පුතාණෝ වගේම තමයි..

:       1       3

chandima Monday, 27 September 2021 10:22 PM

ඔයාටම තමයි අරන් කරන්න වෙන්නේ .නැතුව අයෙත් නරින්ට කුකුල්ලු බාරදුන්නා වගේ හොරෙකුට රට බාර දෙන්න අපි හරක්ද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිස්පති අවුලට ව්‍යවස්ථා සභාවත් උණුසුම්
2024 ජුලි මස 27 1080 2

පොලිස්පතිවරයා පත් කළ ආකාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී අද (26) සිය විරෝධය පළ කර ඇතැයි වාර්තාවේ.


ආර්ථිකය හදන ගමන නොකැඩී ගෙන යමු
2024 ජුලි මස 26 596 1

මෙරට ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනිමට සහාය වූ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ වෙත සිය ස්තුතිය පළ කරන බ


සුමන්තිරන්ලා වෙනත් පක්ෂයක එල්ලෙති
2024 ජුලි මස 26 2546 6

දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම් .ඒ සුමන්තිරන් මහතා පැවසීය.


‘‘අගමැතිට නඩු අහන්න කියන්න‘‘
2024 ජුලි මස 26 2516 4

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දෙන නියෝග ක්‍රියාත්මක කිරීමට රටේ ජනාධිපතිවරයා හා ව්‍යවස්ථායකය බැඳී සිටිනවා , පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී එම අධිකරණ


විහාරහල්මිල්ලෑවේ ගොවීහු කුඹුරට යන්න පාරක් නැතිව හූල්ලති
2024 ජුලි මස 26 264 0

කැබිතිගොල්ලෑව විහාර හල්මිල්ලෑව ගමේ ’’මහ කාඩිගල’’ වැව යටතේ ඇති කුඹුරු යායට පාරක් නොමැති නිසා ගොවීන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බව මහා කාඩිගල කුඹුර


‘තරුණ පරපුර ඉල්ලූ වෙනස දෙන්න මම එනවා’
2024 ජුලි මස 26 2886 5

රටේ තරුණ පරපුර වෙනසක් ඉල්ලා ගාලුමුවදොර අරගලයක් කළ බවත් ඔවුන් ඉල්ලා සිටින වෙනස ලබාදීමට තමන් ඉදිරිපත්ව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1157 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site