IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බෝඩිමේ ඇන්ටිගේ පුතා ලක්ෂ තුනක විදුලි උපකරණ සොරාගනී

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
 
කිරුලපන නන්දමිත්‍ර පෙදෙසේ  නවාතැන්පොළක පෙට්ටියක බහා වැඩි පරිස්සමට තබා තිබූ රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා ඉදිකිරීම් කටයුතු සඳහා යොදා ගන්නා විදුලි උපකරණ සොරාගත්  බෝඩිමේ හිමිකාරියගේ පුත්‍රයා  අද ( 10 ) අත්අඩංගුවට ගත් බව කිරුලපන පොලිසිය  කියයි
 
සැකකරු එලෙස සොරාගත් අධි පීඩන ඩ්‍රිල් යන්ත්‍ර කීපයක්  ,ලී කපන මැෂිමක් ,තෙකලා විදුලිය සඳහා යොදාගන්න  මිටර් 150 වයර් රෝලක් ,ඇලුමිනියම් කටර් යන්ත්‍ර දෙකක්  හා රූපවාහිනී යන්ත්‍රයක පොලිස්  භාරයට ගෙන ඇත.
 
කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ  හෝටලයක ඉදිකිරීම් කටයුතු වල නිරත දඹුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් පස්දෙනෙකු එම  නවාතැනෙහි  සිටින අතර කොරෝනා වසංගතය හේතුවෙන්   ඉදිකිරීම් කටයුතු සිදු නොකළ බැවින්    සියලුම විදුලි උපකරණ බෝඩිමේ කාමරයක  පෙට්ටියක බහා එයට අගුළු දමා  බෝඩිම ද වසා දමා ඉකුත් ඔක්තෝම්බර් මස 28 වැනි දින  ගම් ප්‍රදේශය කරා  පිටත්ව ගොස් තිබූ බව පොලිසිය කියයි .
 
එම පිරිස ඉකුත් 8 වෙනි දින  බෝඩිම වෙත පැමිණීමේ දී  වසා දමා තිබූ  දොරවල් ද විවෘත කර තිබූ අතර කාමරයට ගොස් තවදුරටත්  සෝදිසි කිරීමේදී විදුලි උපකරණ බහා අගුළු දමා ගිය   පෙට්ටිය ද විවෘත කර තිබුණ අයුරු  දැක ගැනීමට හැකි වූ බැවින් එහි දමා තිබූ විදුලි උපකරණද නොමැති බවට  දැකගත හැකි වී තිබූ බව පොලිසිය කියයි .
 
ඒ පිළිබඳ බෝඩිමේ  හිමිකාරිය ගෙන් විමසීමේදී  පැහැදිලි පිළිතුරක් නොදීම හේතුවෙන්  පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනවලදී  එම සොරකම සිදුකර ඇත්තේ  බෝඩිමේම හිමිකාරියගේ පුත්‍රයා බවට අනාවරණ වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය .
 
එම සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී  සොරා ගත් එම විදුලි උපකරණ  රුපියල් 10000 කට ,  රූපවාහිනි යන්ත්‍රය රුපියල් 3000 කට   කිරුළපන ප්‍රදේශයේ   භාණ්ඩ කුලියට ලබා දෙන ස්ථානයකට  විකුණා ඇත්තේ  ඔහු  සේවය කරන ආයතනයෙන් අඩුම මුදලකට ලබා ගත් බවට  ව්‍යාජ තොරතුරු පවසා බව  සිදු කළ ප්‍රශ්න කිරීමේදී හෙලි වූ බව පොලිස් නිලධාරියා  වැඩිදුරටත් පැවසීය .
 
වයස අවුරුදු 23 ක් වන සැකකරු   තදින් මත්කුඩුවලට ඇබ්බැහි වූවෙක් බවත් පුනරුත්ථාපන මධ්‍යස්ථානය ක සිට  මීට දෙමසකට පෙර පැමිණි  අයෙක් බවට  විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වූ බව පොලිසිය කියයි .
 
සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

බෝඩිමේ ඇන්ටිගේ පුතා ලක්ෂ තුනක විදුලි උපකරණ සොරාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site