බිඟුන් මේනක ගමගේ
පාර්ලිමේන්තුව සම්මත කරන පනතකින් පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි නමුත් ඊට කිසිදු දේශපාලන පක්ෂයක් කැමැති නැතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ මහතා කීය.
පළාත් සභා මැතිවරණය පවත්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් කළත් පවත්වන මැතිවරණ ක්‍රමය ගැන නැවත ප්‍රශ්නයක් මතුවීම ඊට හේතුව යැයි ජයගොඩ මහතා කීය.
ඒ නිසා ජනාධිපතිවරයා පළාත් සභා මැතිවරණය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමෙන් කිසිදු පලක් නැතැයි හෙතෙම අවධාරණය කළේය.
ජයගොඩ මහතා මෙම අදහස් පළ කළේ මැතිවරණ කොමිසම පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසන්නැයි මැතිවරණ කොමිසම ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීම ගැන දේශපාලන පක්ෂවල මතය ගැන කළ විමසීමේදීය.
ජයගොඩ මහතා මෙසේ ද කීය.
ජනාධිපති මෙතැනදි ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමේ කිසි තේරුමක් නෑ. මොකද දැන් පළාත් සභා මැතිවරණ පැවැත්වීමට නොහැකි වී තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය නොදන්න නිසා නෙවෙයි. නව ඡන්ද ක්‍රමයකට තමයි පළාත් සභා ඡන්දය පවත්වන්නේ යැයි මුලින්ම පනතක් සම්මත කළේ පාර්ලිමේන්තුවෙන්. මේ නිසා පරණ ක්‍රමයට ඡන්දය තියන්නත් බෑ. ඒකට හදපු සීමා නිර්ණය වාර්තාව ඒක හදන්න මුල්වෙච්ච ඇමැති ෆයිසර් මුස්තාෆාගේ ඉදලා සියල්ලෝම එකතු වෙලා පැරැද්දුවා. ඒක මහ විහිළුවක්.
මේ නිසා අලුත් ක්‍රමයට ඡන්දය තියන්නත් බෑ. මේක පාර්ලිමේන්තුවෙන් අටවපු නීතිමය උගුලක්. මේක කොමිසමටවත් අධිකරණයටවත් බේරන්න බෑ. මොකද මැතිවරණය තියන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වත් කොට්ඨාස සීමාව නොදැන නැවතත් ඡන්දය තියන්න බෑ. මේක බෝලෙ තියෙන්නේ පාර්ලිමේන්තුවේ.
පාර්ලිමේන්තුවට පුළුවන් සීමා නිර්ණය අවසන් වනතුරු පරණ ක්‍රමයට ඡන්දය තියනවා කියලා නීතියක් සම්මත කරන්න. හැබැයි ඒ යෝජනාව ආණ්ඩුවෙන්වත් විපක්ෂෙන්වත් ගේන්නේ නෑ. මොකද මේ කාටවත් ඡන්ද ඕන නෑ. ඡන්දවලට මේ හැමෝම බයයි. මේක දේශපාලන අර්බුදයක්. මේවා කොමිෂන්වලින් බේරන්න බෑ.
COMMENTS
ඡන්ද 25000ක් වත් ගන්න බෑ. රටෙන්ම අඩුම ගානේ ප්‍රාදේශීය සභාමන්ත්‍රී කෙනෙක්වත් නැද්ද කොහෙද? හැබයි කිසිම වැඩකට නැති පළාත් සභාවක් ඉල්ලනවා. ඉල්ලන්න ඕනෑ ඕක අහෝසි කරලා දැනට තියෙන බලතල මධ්‍යම රජයට සහ ප්‍රාදේශිය සභාවලට දෙන්න කියලා...
පලාත් තියා ප්‍රාදේශීය සභාවක් වත් දිනා ගන්න බැරි මේ අය මොකට තප්පුලනවද?
මැතිවරණ කොමිසම තියෙන්නේ මැතිවරණ කරන්න. මොන දේ තිබ්බත් කරන්න පුළුවන් විදිහට මැතිවරණය පැවැත්වීම කොමිසමේ රාජකාරිය. ඒකට හේතු අවශ්‍ය නැත. කොමිසම මැතිවරණ නොපැවැත්වීම ජනතා පරමාධිපත්‍යය නොසලකා හැරීමක්. මෙය නීති විරෝධී ක්‍රියාවක්. අවශ්‍ය නීති පාර්ලිමේන්තුවෙන් සම්මත නොවේ නම්, තිබෙන ආකාරයට කටයුතු කළ යුතුය.
සහතික ඇත්ත
පළාත් සභා ඉක්මන් කරන්න කියන්නේ නැතිව පළාත් සභා අහෝසිකොට ඒ වෙනුවෙන් විනාශ වෙන මහා ධනස්කන්ධය රටේ ප්‍රයෝජනවත් දේකට යෙදවීමට මේ අය අරගල නොකරන්නේ ඇයි ? එහෙම කලොත් තම පටු අරමුණු ඉටුකරගන්න විදිහක් නැහැ.මේ අය පෙර සිටි පක්ෂයෙන් පළාත් සභා ගේනවාට නොයෙක් අරගල කරා.එදා හොද නැති දේ දැන් හොඳ වෙන්නේ තමන්ගේ වාසියට මිසක් වෙන දේකට නොවේ. මේ පුංචි රටට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ඇමතිවරුන් සිටියාම හොදටම ඇති.
මේක තමා පළාත් සභා ඡන්දයේ නියම යථාර්තය.
ඡන්දෙ තිබ්බොත් ඔයාලා තරග කරනවද? පළාත් දෙක තුනකටවත් ඉල්ලන්න අපේක්ෂකයෝ හොයාගන්න පුළුවන්ද?