IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


පළාත් මැතිවරණය ඉල්ලූ පෙත්සම විභාගයට දින නියමකෙරේ

(තිළිණි ද සිල්වා  සහ  රංජන් කටුගම්පොළ)

කල් තබා ඇති සියලු පළාත් සභා මැතිවරණය වහාම පැවත්වීමට අදාළ පියවර ගැනීමට මැතිවරණ කොමිසමට නියෝගය කරන රීට් ආච්ඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සත්‍ය ගවේෂකයෝ සංවිධානය විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) තීන්දු කළේය.

ඒ අනුව එම පෙත්සම ලබන සැප්තැම්බර් 09 වැනිදා විභාගයට ගැනීමටද අධිකරණය දින නියම කළේය.

එසේම මෙම පෙත්සම් විභාගයට සහායවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාටද දැනුම් දුන්නේය.

මෙම පෙත්සම ප‍්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ ගාමිණී අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බැලූ අතර එහිදී මෙම පෙත්සම විභාගය ගැනීමට දින නියම කෙරිණි.

සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැඳවුම්කරු එහි සාමාජිකයින් වන නීතීඥ දිනේෂ් සඳරුවන් ජයවීර මහතා ඇතුළු නමදෙනෙකු විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයින් නම් කරනු ලැබ සිටිති.

මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගළහේවා මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම පෙත්සමට අදාළව විරෝධතා ඉදිරිපත් කිරීමට තම සේවාදායකයින් අපේක්ෂා නොකරන බවයි.

කෙසේ වෙතත් සීමානිර්ණය කටයුතුවලින් පරිබාහිරව දැනට පවතින මැතිවරණ ක‍්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාවක් තිබේද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් නීතිමය අර්ථකථනයක් ලබා ගැනීමට මැතිවරණ කොමිසම අපේක්ෂා කරන බවද ජනාධිපති නීතිඥ ඉගළහේවා මහතා අධිකරණයට දන්වා සිටියේය.

මෙහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කනිෂ්ක විතාරණ මහතා අධිකරණයට දන්වා සිටියේ පළාත් සභා මැතිවරණය දිනෙන් දිනම කල් දැමීම හේතුවෙන් ජනතාවගේ සර්වජන ඡන්ද අයිතිය උල්ලංඝනය වන බවයි. මේ හේතුවෙන් අදාළ මැතිවරණ  කඩිනමින් පැවැත්වීම අවශ්‍ය  බවද පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණය හමුවේ දන්වා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල පෙත්සම විභාගයට ගැනීමට නියම කරමින් එහි වගඋත්තරකරුවන් වන මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයින් වෙත නොතීසි නිකුත් කිරීමට නියම කළේය.

විරෝධතා හෝ කරුණු දැක්වීම් තිබේනම් ඒවා අද දින සිට මාසයක් ඇතුළත ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත්,  ප‍්‍රතිවිරෝධතා ඇත්නම් ඒවා ඉදිරි සති දෙක ඇතුළත ගොනු කරන්නැයිද අධිකරණය මැතිවරණ කොමිසම ඇතුළු වගඋත්තරකාර පාර්ශවය දන්වා සිටියේය.

පෙත්සම සැප්තැම්බර් මස 09 වනදා කැඳවන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.



අදහස් (3)

පළාත් මැතිවරණය ඉල්ලූ පෙත්සම විභාගයට දින නියමකෙරේ

ප්‍රියන්ත Monday, 17 June 2019 01:08 PM

ඇයි ඉතින් ඕකට ඔය තරම් පරක්කු වුනෙ. රට බංකොලොත් වෙලා ඉවරයි. පලාත් සභා නම් ඔනෙත් නැ.

:       0       23

Sriyal Monday, 17 June 2019 03:53 PM

නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන ආයතනය එය අඩපණ නොකරයි නම් වැදගත්. මෙය මීට බොහෝ කලකට පෙර සිදුවිය යුතු දෙයක්. ජනතාව ට තිස්තුන් කෝටියක් දෙවි පිහිටයි

:       0       21

rasika Monday, 17 June 2019 09:00 PM

ජන්දයක් තියන්න මේ ආණ්ඩුව කොහොමත් දෙන්නේ නැහැ. මුලින්ම කරන්න ඕනේ මහා මැතිවරණයක් ඉක්මනටම තියල රට ස්තාවර කරන එක. මේවගේ ආණ්ඩුවක් නිසා වෙන්නේ රට අස්ථාවර වෙලා. මේකෙන් ප්‍රයෝජන ගන්නේ ඇමෙරිකාව, ඉන්දියාව , චීනය වගේ රටවල්. අපිට අවැසි ගිවිසුම් ගහල රටත් ආර්ථිකයත් නැතිම කරනවා. මේ බල ලොබි දේශපාලකයන්ව දැන්වත් ගෙදර යවන්න. චන්දය අනිවාර්යෙන්ම තියන්න ඕනේ. මේ ආණ්ඩුවට ඡන්දය නොතිය ඉන්න කිසිම අයිතියක් නැහැ. ජනතාව පෙළ ගැහෙන්න ඕනේ ඒ වෙනුවෙන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29617 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18228 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11807 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 733 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 218 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 869 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site