(ගම්පහ තිලකරත්න දිසානායක)
නයි පනික්කියෙකු ලවා පොළඟකු දෂ්ට කිරීමට සලස්වා සිය බිරිඳ මරා දැමීමට සැලසුම්කර දෙවරක් බිරිඳගේ ඇඟට පොළඟා දැමීමට සැලැස්වූ සැමියෙකු අත්අඩංගුවට ගැනීමට ගම්පහ පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.
අද (30) පෙරවරුවේ තම නිවසේ සිටියදී මෙම සිදුවීමට මුහුණපා ඇත්තේ ගම්පහ නගරයට නුදුරින් පිහිටි ප්‍රදේශයක පදිංචි 52 හැවිරිදි එක් දරු මවකි.
ඊයේ පෙරවරුවේ පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු ඇමතුමකින් දැනුම්දී ඇත්තේ තම සැමියා විසින් සර්පයෙකු ඇඟට දමා තමාව මරා දැමීමට තැත් කළ බවයි.
මෙම ඇමතුමට අනුව ගම්පහ පොලිසිය දැනුවත්කර ඇති අතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක රංගන මහතා නිලධාරීන් කිහිපදෙනෙකු සමග වහාම අදාළ නිවස වෙත ළඟාවී ඇත.
මෙහිදී සිද්ධියට මුහුණ පෑ එක් දරු මව පොලිස් පරීක්ෂකවරයා හමුවේ සිදුවීම පැවසීමෙන් පසුව පොලිස් නිලධාරීන් විසින් නිවස පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී නිවසෙහි කාමරයක් තුල සැඟව සිටි නයි පනික්කියා අල්ලා ගැනීමට හැකිව ඇත.
මේ අනුව පනික්කියාගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණයවී ඇත්තේ තමාට රුපියල් 25,000ක මුදලක් ලබාදීමට පොරොන්දු වීම මත නිවසේ හිමිකරු සමග පැමිණ තමා විසින් රැගෙන ආ පොළඟා ඇඟට දෙවරක් දැමුවද ඌ දෂ්ට නොකළ බවයි.
අනතුරුව ඇය කෑගැසීම නිසා ගෙහිමියා කාරයේ නැගී යනු දුටු බවත් පසුව පොළගා අල්ලා පෙට්ටියට දමාගෙන තම නිවසෙහි කාමරයක් තුළ සැඟවුණු බවත් පනික්කියා පොලීසියට පවසා ඇත.
බිරිඳ පොලීසියට පැමිණිලිකර ඇත්තේ මීට පෙරද නිවසේදී තමන්ට සර්පයෙකු දෂ්ට කිරීම මත තවමත් ප්‍රතිකාර කරන බවයි.
වැඩි දුරටත් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ මෙම කාන්තාවගේ සැමියා මීට සතියකට පමණ පෙර තමන්ට හමුවී රුපියල් 25,000 ක මුදලක් ලබාදීමට පොරොන්දු වීම මත පොතුහැර ප්‍රදේශයෙන් පොළඟෙකු අල්ලාගෙන විත් ඊයේ උදෑසන ගම්පහ දුම්රිය ස්ථානය අසළදී හමුවී නිවසට ගොස් මෙලෙස කටයුතු කළ බවය.
52 හැවිරිදි සැමියා මේ වනවිට පළා ගොස් ඇති අතර ඔහුගේ මෝටර්රථය අසළ නිවසක දමා ගොස් තිබියදී පොලීසිය සොයා ගෙන ඇති අතර ඒ තුළ පනික්කියාගේ නයෙකු සහිත නයි පෙට්ටියක්ද තිබී ඇත.
COMMENTS
හරියට කරුණු නොදන්නා නමුත් මෙතන තෙවන පාර්ශවයක සම්බන්ධයක් තිබිය හැක. අනාදිමත් කලක පටන් අපේ රටේ සිදුවෙන්නේ විවාහ ගැටළු වලට පිළියම් ලෙස අනෙකාව මරා දැමීමයි. කුලරත්න නඩුව, සතාසිවම් නඩුව සහ මැතිව් පීරිස් නඩුව, මුහුණු පොතේ පෙම්වතිය නිසා සිදුවූ මොරටුවේ මිනීමැරුම ඊට නිදසුන්ය. අපි මහා ලොකු සංස්කෘතියක් ගැන තෙපර බාමින් කරන්නේ ගල් යුගයේ වැඩ. අනෙක් රටවල මිනිසුන් නොගැලපේ නම් වෙන කරන්නම දෙයක් නැතිනම් වෙන් වී, දරුවන් සිටී නම් ඔවුන්ද අමතක නොකර කෙසේ හෝ ජීවත් වෙති.
අපි නම් අහලා තියෙන්නේ පනික්කියා කියන්නේ බෙර වාදනය කරන අයව අතීතයේ හැඳින්වූ නම කියලයි. නයි නටවන්නන් හැඳින්වුනේ අහිකුණ්ඨිකයන් කියලයි.
හයියෝ දෙයියනේ මෙහෙමත් මිනිස්සු.......
මට තියෙන්නෙ එක ප්‍රස්නයයි. රුපියල් 25000 කට. රුපියල් 25000 කට.
මොකක්ද මේ ශ්‍රී ලංකාවේ මිනිසුන්ට වෙලා තියෙන්නේ...
මේවා අහුවම මොළෙත් නිකන් කොලොප්පන් වෙනවා වගේ,
මේවගේ ප්‍රවෘත්ති ප්‍රසිද්ධ කිරීමෙන්, තව තව අය මෙවැනි උපක්‍රම භාවිතා කරන්න පෙලඹෙනවා කියන එකයි මගේ මතය...
මේ මිනිහ නම් යකාගෙ යකෙක්. නීති පොතේ මොන වගන්තිය යටතෙද මේ පෝරිසාදයාට නඩු දාන්න යන්නෙ?
52 හැවිරිදි එක් දරු මවකි.???? දොස්තර සාෆිද සිසරියන් කරේ
මේ වගේ මිනිස්සුන්ටත් ගැහැණු දෙනවනේ .. ! මේ වගේ අයනම් " විදුලි පුටුවෙම " ඉන්දවන්න ඕනේ ..!
"රුපියල් 25000 කට. රුපියල් 25000 කට." නයි පනික්කියාට රු 25000 ස්වීප් එකක් තමයි. හැබැයි නයිපනික්කියෝ පොළඟත් මේ උන්දැට බයයි වගේ. එහෙනම් අර අහිංසක මිනිහා ගැන කියනුම කවරේද? සමහර ගැහැණුන්ට සැපින්න වගේ කියන්නේ කටකසනවට නොවෙයි නේද?
ලංකාවේ මිනිස්සු හරි වෙනස් දැන්.