(යොහාන් භාසුර)
ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් පහත වැටීමට සමගාමීව ඉන්ධන මිල අඩු කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා ලිපියක් මගින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියි.
ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 62.14 ක් දක්වා ඊයේ (20) වන විට පහත බැස තිබූ බවත් කී රංජිත් විතානගේ මහතා මෙරට අවසාන ඉන්ධන මිල සංශෝධනය කරනු ලැබූ පසුගිය ජූනි 11 වැනි දින බොරතෙල් බැරලයක මිල සහ අද වන විට බොරතෙල් බැරලයක මිල සංසන්දනය කිරීමේදී ඇමරිකානු ඩොලර් 8.77 ක් අඩුවී එය ප්‍රතිශතයක් සියයට 12 ක් බවත් සඳහන් කරයි.
ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඉහළයාම හේතුවෙන් වර්තමාන මුදල් අමාත්‍යවරයා පත්වීමට පෙර මෙරට ඉන්ධන මිල ඉහළ දැමූ බවත් ඒ වන විට ලෝක වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 70.91 ක් වූ අතර පසුගිය ජූලි මස 30 වන දින විට බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 73.95 ක් දක්වා ඉහළ ගියද ඉන්පසු බොරතෙල් බැරලයක මිල සීඝ්‍රයෙන් පහත වැටුණු බවත් ඒ මහතා පෙන්වා කියයි.
මෙරට ඉන්ධන පාරිභෝගිකියින්ට දැනෙන ඉන්ධන සහනයක් ලබාදීම සදහා මෙරට ඉන්ධන මිල අඩුකළ හැකි බව පෙනී යන බවත් ලෝක වෙළදපොලේ බොරතෙල් මිල අඩුවීමේ වාසිය ඉන්දියන් ඔයිල් සමාගම (අයි.ඕ.සී.) ලබා ගැනීම නිසා එම සමාගම අධික ලෙස ලාභ ලැබීමෙන් මෙරට මුදල් විදේශ රටවලට ඇදීයාම සිදුවන බවත් විතානගේ මහතා වැඩි දුරටත් පෙන්වා දෙයි.
COMMENTS
මේ ආණ්ඩුව යටතේ ලෝකතෙල් මිල බින්දුවට බැස්සත් දේශීය වෙළඳ පලේ සතයක්වත් අඩු නොකරන බව ස්ථිරයි. මිල සූත්‍රයට මොවුන් විරුද්ධ වුණෙත් අඩුවනවිට අඩු නොකර සිටීමටයි...
වැටෙන වැටෙන වෙලාවට පාරිභෝගිකයාට අඩුකරන්න පුළුවන් ඔහෙලා දේශීය ආදායම් බදු ගෙවනවනම්. කොරෝන නෙමෙයි රටේ හුලන් ගියත් රජයේ සේවකයෝ කියල ගෙවල්වල ඉඳගෙන පඩි ගන්නවා මදිවට ආදායම් බදු ගෙවන්නෙත් නෑ , නිකම් අධ්‍යාපනය ඉල්ලනවා, පෞද්ගලික අංශ ඉදිකරන්න දෙන්නෙත් නැහැ, ( අඩුගනනේ රටට පෞද්ගලික අංශවලින් ආදායමක් ලබා දෙනවා ), ඔක්කොම තමාගේ වාසියට ඉල්ලනවා. මේ රටට කෙලවෙලා තියෙන්නෙත් ඔය ආකල්ප නිසාම තමයි. දැන් දස අතට ණයවෙලා නය ගෙව්වා කියල කියා කියා ඩොලර් හිදවාගෙන හුලන් ගිහින් කරකියාගන්න දෙයක් නැතුව ඉන්න වෙලාවේ, මෙයට හේතුපාදක වූ මහා පරිමාන මුදල් වංචා සහ හොරකම් කරපු පාපතරයින් අල්ලලා හිරේ දැම්මනම් අපිට මේ රට ගොඩ ගන්න උත්සාහ කරන්න පුළුවන්. හොරකම සඳහා මහජන සේවය කිරීමට කියාගෙන එන එවුන්ට නිසි දඬුවම් කිරීමට කොන්ද පන තියෙන කෙනෙක් මෙරටට පහලවෙනකන්, අපි හැමදාම වල පල්ලේ තමයි.
පිස්සු වැඩක්...
ඒ වාසිය ජනතාවට දිය යුතු වගෙම තවත් දේ තිබෙනවා . තෙල් මිල වැඩි කරනකොට දැන් ඔය කියන 73 කතාව කිව්වේ නැත්තෙ ඇයි ? එහෙනම් අපිට තෙරෙන්නේ මිල වැඩි කිරීම හරි කියල . අනෙක මම නම් IOC තෙල් ගහන්නේ නැහැ. තියෙන තැනකින් කල් ඇතිව සිපෙට්කෝ තමා ගහන්නේ . ඉතිං හැමෝම එහෙම කරමු .
මේ නන්දසේනට කඩේ යනවා නෙමෙයි.. ඉන්ධන මිල පහත දැමීමෙන් මේ රටේ වැඩිවුණු බඩුමිල අඩුවුණේ නැහැ. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ උගතුන්ට නොතේරෙන්නේ ඉන්ධන මිල අඩු කිරීමෙන් ඉන්ධන පරිභෝජනය ඉහළ යනවා. ඒකෙන් ලංකාවේ මුදල් පිටරටට ඇරියාම වේගවත් වෙනවා. මේවගේ කාබාසිනියාකාර යෝජනා කරන්නේ මොලේ වැඩිවෙලාද?
තෙල් නොමිලේ දෙන්න බැරිද? අධ්‍යාපනය, සෞඛ්‍යය වගේ පක්ෂ දෙක කරපු වංචා මුදල් එළියට දැම්මොත් ලංකාවේම ඉන්න ජනතාවට කෝවිඩ් එන්නත් 03 ම දෙන්න පුළුවන්.. මාස 02ක් කන්න දෙන්නත් පුළුවන්...
කළින් සැරයක් කියලා තියෙනවා ඉන්ධන මිල අඩුවුණාට ඒකේ වාසිය වහන අයිතිකාරයින්ට විතරක් දෙන්න බැහැ. දෙන්නේ සියලු ජනතාවට... සෞඛ්‍යය, අධ්‍යාපනය වගේ ඒවාට දීපුවාම සියලු රට වැසියන්ට වාසියි. මේක තේරෙන්නේ නැති මිනිස්සු ඩොලර් 10 කින් තෙල් බැරලය බැස්සාහම් ඉන්ධන සහනයක් ඉල්ලනවා. මෝඩ මිනිස්සු මොකක් හරි එකක් අටවාගෙන මහජනතාවමයි පෙළන්න හදන්නේ...
කොරෝනා නිසා රජයට ඇතිවූ අතිරේක වියදම ඔබ බාර ගන්නවාද. බැසිල් මහත්තයෝ මේ හාදයාගේ කන අතගාලා ඔය ටික අහන්න. මෙහෙමත් මැට්ටෝ ඉන්න රටකට හරියාවිද?