(යොහාන් භාසුර)

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාදේශීය කාර්යාල සීමිත සේවා ලාභීන් සඳහා පමණක් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන බවත් අත්‍යවශ්‍ය සේවා ලාභීන් පමණක් වෙබ් අඩවියට පිවිස දිනයක් වෙන්කරගැනීමෙන් පසුව පමණක් ආසන්නතම කාර්යාලයට පැමිණිය යුතු බවත් ආගමන හා විගමන පාලකවරයා නිවේදනය කරයි.

https://eservices.immigration.gov.lk/td යන වෙබ් දිගුවට පිවිස දිනයක් වෙන්කරගත යුතු බවත් බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයෙන් සහ ප්‍රාදේශීය කාර්යාලවලින් පෙරවරු 8.30 සිට පස්වරු 1.00 දක්වා පමණක් අයදුම්පත් නිකුත් කරන බවත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය (0707101060 හෝ 0707101070), මාතර ප්‍රාදේශීය කාර්යාලය (0415412212 හෝ 0415104444), මහනුවර ප්‍රාදේශීය කාර්යාලය (0815624509 හෝ 0815624470), වවුනියාව ප්‍රාදේශීය කාර්යාලය (0255676344 හෝ 0255676345) සහ කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලය (0375550562 හෝ 0375550563) යන දුරකථනවලට ඇමතීමෙන් වැඩි විස්තර ලබාගත හැකිය.