(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

බොහොම සරලව කියනවා නම් 22 දේශපාලන අළුගෝසු ව්‍යවස්ථා සංශෝධනයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"22 සංශෝධනය ගැන අද ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ලැබුණා.එම ව්‍යවස්ථා සංශෝධනය නිසා අධිකරණ ස්වාධීනත්වයට ම්ලේච්ඡ පහරක් එල්ල වන බව අප පක්ෂයේ මතයයි.යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියටත් නීතියේ ආධිපත්‍යයටත් මෙය මරු පහරක් බව අපේ කල්පනාවයි.බොහොම සරලව කියනවා නම් මෙය දේශපාලන අළුගෝසු ව්‍යවස්ථා සංශෝධනයක්.දේශපාලන අළුගෝසුවන් විසින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට නිර්මාණය කළ ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස මෙය හඳුන්වාදිය හැකියි.ඒ වගේම මේක ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයක් වගේම දේශපාලන කුමන්ත්‍රණයක්.ඒ වගේම අප 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම මේක ජන වරමට විරුද්ධයි.පොහොසත් රටක් ලස්සන ජීවිතයක් තුළින් පොරොන්දු වුණේ ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න.නමුත් මේ නරන වෙනස කරන්නේ අධිකරණ ස්වාධීනත්වයට මරු පහරක් යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.