(නිමල් ජයරත්න)
පාස්කු ප්‍රහාරයට තෙමසක් පිරෙන මොහොතේ ඊට සෘජුවම සම්බන්ධ ත්රස්තවාදීන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම පිළිබඳ තමාගේ කිසිදු විරුද්ධත්වයක් නොමැති බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පැවසීය.
අරලගංවිල මහවැලි ප්‍රතිභා ශාලාවේදී අද(22) පෙවරුවේ ජනහමුවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කීය. අමාත්‍යවරයා මෙසේද කීවේය.
“ඇතැම් මුස්ලිම් දේශපාලනඥයින්ගේ කට කැඩිච්ච කතා නිසා අහිංසක මුස්ලිම් මිනිසුන්ගෙන් පලිගන්න එපා කියලා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මුස්ලිම් ඇතැම් දේශපාලනඥයින් කියන කරන දේවල් අනුව ගොඩක් මිනිසුන්ට කළකිරීම් ඇතිවුණත් ඒවට මුස්ලිම් ප්‍රජාවම පලි නැහැ. සිංහල, බෞද්ධ ජනතාව කුපිත වන දේවල් නැවත මුස්ලිම් දේශපාලනඥයින් ප්‍රකාශ කරනවා. කබීර් හෂීම් වැනි මුස්ලිම් දේශපාලකයින් ඉතා වැදගත්. නමුත් මුස්ලිම් ඇමැතිවරු එකෙකෙනක් දෙන්නෙක් නිසා විවිධ ගැටලු ඇතිවෙනවා. ඒ ප්‍රකාශ නිසා අන්තවාදී හැඟීම්, බෙදීම් ඇතිවෙනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම් කරන මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට මරණ දණ්ඩනය ගෙනාවාට මගේ කිසිම විරුද්ධත්වයක් නැහැ. හැබැයි ඒ තැනට උසාවිය, පොලිසිය හැදිලා තාක්ෂණය අතින් සියලු පහසුකම් තිබිය යුතුයි. නමුත් මරණ දණ්ඩනයත් දේශපාලන පලිගැනීම්වලට හැරෙයිද දන්නෙ නැහැ. ඒ බය අපට තියෙනවා. ඉතිං දේශපාලන ප්‍රතිවිරුද්ධ අයට ඒක නොවෙනවා නම් ගැටලුවක්” යැයිද සේනානායක මහතා වැඩිදුරටත් පැවසීය.


COMMENTS
ඡන්දෙ ලං වෙනකොට හොද හොද කතා
මේ වැඩේට ආධාර අනුබල දුන්න ඔක්කොම කට්ටිය ඉන්නේ විල මැද බංගලාවෙනේ. ඒ කට්ටිය රොත්ත පිටින්ම එල්ලනවා දකින්න ලැබෙන එක තම රටේ බහුතරයකගේ ජනතාවගේ කැමැත්ත.
ඔබව විස්වාස කරන මිනිස්සු ඉන්නවාද? හෙට කියයි මරණ දඬුවමට මම විරුද්දයි කියලා අනිද්දාට කියයි මම එකඟයි කියලා.
මේ මනුස්සය මේ මුදල් තනතුරු වලට රටම වලපල්ලට අරින්න උනත් වැඩ කරන මනුස්සය නේ .
ඔං දෙපැත් නයා පෙනේ පුප්පන්න හදනවා . රෙදි ඇඳගෙනද මේ කියන්නේ?
ගුරා යන පාරෙම ගෝලයත් යන්න එපාය. අර 113 හොයාගන්න කොටි ගණන් බෙදපු කාලේ එහාට ගිහින් ආපහු මෙහාට ආවෙත් ගුරාගේ උපදෙස් අනුවනේ ඉතින්.
අනේ මෙහෙමත් නිවටයන් කටුසු න්‍යායෙන් මයි ජිවිතේ ගෙනියන්නේ. නිකන්ද රිලව් 225 කියන්නේ මේ හැත්තට...
මේ බලන්නකෝ මෙයා කවුද මෙයා කියන දේවල් පිළිගන්නේ .............
පාස්කු ප්‍රහාරයෙන් මැරුනේ ක්‍රිස්තියානින්. ඔවුන්ට තව කෙනකුගේ ජීවිතයට හානිකිරීමේ අයිතියක් නැත. ඔවුන්ගේ ආගම අනුව මනුෂ්‍ය ජීවිතයක අයිතිය තියෙන්නේ මැවුම් කාරයින්ට පමණි.