IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


ප්‍රහාරයෙන් පසුවත් සංචාරයට සුදුසු රටවල් අතර ලංකාව මුල්තැනට

(හර්ෂණ තුෂාර සිල්වා)

පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරුණු බෝම්බ් ප්‍රහාරවලින් පසුවද ශ්‍රී ලංකාව මේ වසරේදී සංචාරයට සුදුසුම රටවල් අතර මුල් ස්ථානයේ පසුවන බව ලෝ ප්‍රකට ලෝන්ලි ප්ලැනට්සඟරාව සඳහන් කරයි.

සිය නවතම ලිපිය පළ කරමින් ‘ලෝන්ලි ප්ලැනට්’ සඟරාව ඒ බව සඳහන් කර තිබේ. ලොව විශාලතම සංචාරක මඟ පෙන්වීම් පොත් ප්‍රකාශයා ලෙස හැඳින්වෙන ‘ලෝන්ලි ප්ලැනට්’ පසුගිය වසරේදී ප්‍රකාශයට පත් කරන ලද ‘බෙස්ට් ඉන් ට්‍රැවල් 2019 - ලෝන්ලි ප්ලැනට්’ කෘතියට අනුව මේ වසරේ දී සංචාරය කිරීමට හොඳම රට බවට ශ්‍රී ලංකාව තේරී පත්ව තිබිණි. 

අප්‍රේල් 21 වැනිදා (පාස්කු ඉරිදා) එල්ල වූ මරාගෙන මැරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පසුව ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සැළකිය යුතු පසුබැසීමකට ලක්වූ අතර ප්‍රහාරයට පසු සතියේදී ශ්‍රී ලංකාව තුළ නවාතැන් පහසුකම් වෙන් කරවා ගැනීම් 186%කින් පහත වැටුණු බව සංචාරක උපදේශක ආයතනයක් වන ‘ෆෝවර්ඞ්කීස්’ උපුටා දක්වමින් ‘ලෝන්ලි ප්ලැනට්’ සඟරාව සඳහන් කර ඇත.

දේශගවේෂණය, අධ්‍යාපනය ලැබීම, සංචාරය කිරීම යනාදිය වැළැක්වීමට පාස්කු ඉරිදා ප්‍රහාර වැනි සිදුවීම්වලට ඉඩ නොදිය යුතු යුතු බවත් එවැනි කනගාටුදායක සිදුවීමත් සිදුවුවත් ශ්‍රී ලංකාව තවමත් ‘බෙස්ට් ඉන් ට්‍රැවල් 2019’ මේ වසරේ සංචාරයට හොඳම රටවල් අතර මුල් ස්ථානයේ පසුවන් බවත් ‘ලෝන්ලි ප්ලැනට්’ සඟරාවේ නවතම ලිපියේ සඳහන් වේ. 

එක්සත් රාජධානිය ඇතුළු රටවල් කිහිපයක්ම ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් දන්වා තිබූ අනතුරු ඇඟවීම් පහළ දැමීමට කටයුතු කර ඇතැයි ද එම ලිපියේ සඳහන්ව ඇත.  

මේ වසරේදී සංචාරය කිරීමට හොඳම රටවල් දහය අතරේ දෙවැනි තැන ජර්මනියටත් තෙවැනි තැන සිම්බාබ්වේ දේශයටත් හිමිව ඇත. එහි ඉතිරි ස්ථාන හතට පිළිවෙළින් පැනමාව, කිර්ගිස්තානය, ජෝර්දානය, ඉන්දුනීසියාව, බෙලරූස්, සාඕ ටොමේ සහ පින්සිපේ සහ බෙලීස් යන රටවල් පත්ව ඇත. 

ඡායාරූප - ලෝන්ලි ප්ලැනට් 

(මිරිස්ස මුහුදු තීරය)

(පැරෑලිය තෙල්වත්ත)

(දේමෝදර - ආරුක්කු නවයේ පාලම)

  



අදහස් (0)

ප්‍රහාරයෙන් පසුවත් සංචාරයට සුදුසු රටවල් අතර ලංකාව මුල්තැනට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 306 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 418 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site