IMG-LOGO

පාර්ලිමේන්තු විදුලි සෝපානයේ යාහැකි ගණන සීමාකරයි

(නාලක සංජීව දහනායක)
 
දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, බන්දුල ගුණවර්ධන ඇතුළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දෙනෙකු ඊයේ (7) උදෑසන පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන්ගේ විදුලි සෝපානයේ සිරවීමෙන් පසුව, එහි ගමන් කළ හැකි මන්ත‍්‍රීවරුන් ප‍්‍රමාණය සඳහන් කරමින් දැන්වීමක් අද (8) එම විදුලි සෝපානයේ අලවා තිබිණි.

හය දෙනෙකුට පමණක් ගමන් කළ හැකි එම විදුලි සෝපානයේ මන්ත‍්‍රීවරුන් 12 දෙනෙකු ගමන් කිරීම නිසා එහි දොර විවෘත නොවීමෙන් මන්ත‍්‍රීවරුන් එම අවදානමට ලක්විය.

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

 

 



අදහස් (23)

පාර්ලිමේන්තු විදුලි සෝපානයේ යාහැකි ගණන සීමාකරයි

nuwan Friday, 08 February 2019 09:37 AM

ඕකෙ යන අයට කෑම ටිකක් අඩුකරලා බඩයි බරයි අඩුකරගත්තා නම් ප්‍රශ්නෙ ඉවරයි. ඔක්කොම ලොකු ලොකු තාර පීප්පනේ...

:       0       43

RaveendraFriday, 08 February 2019 12:11 PM

nuwan මයා වෙත, ඇත්තෙන්ම ඔබගේ අදහස් නිවැරදිය. පිනටම වේල් 2ක් 3ක් " බඩජහරිකමට කනකොට ඇති වෙන වෙනස අප සැමට හොඳින් පේනවා.. පිං ගවයන් ටික යවලා තියෙන විදිය දකින කොටම. සම "හරක්" ගවයන් පුපුරන්න ආසන්න බැලුන් වගේ...

:       0       102

RaveendraFriday, 08 February 2019 12:54 PM

ඇත්තෙන්ම තට්ටු කීපයක්වත් තම දෙපාවලින් " ගමන්කළ නොහැකි මෙවන් ලෙඩ්ඩුන් කෙසේ මහජන සේවයට මහන්සිවේද? මෙවන් අසනිප කාරයන් කුමට මහජන සේවයට තෝරා ගත්තේද?

:       0       89

ලසන්තSaturday, 09 February 2019 02:22 AM

පළමු මහලක පිහිටි අපේ ආයතනයේ ගැබිණි මව්වරුන් හැර අනෙක් හැමදෙනාම පඩිපෙල පාවිච්චි කරනවා. එක තට්ටුවයිලු නගින්න තියෙන්නෙත් ඒකටත් ලිෆ්ට් එකේම යන්න බලං ඉන්නවා. අනේ මෙහෙම අයනේ අපි පත්කරලා තියෙන්නේ...!

:       0       2

Kumar (Gulf)Friday, 08 February 2019 05:28 PM

මේ මීහරක් හතරක් නැග්ගහම අටදෙනෙක්ගේ බර. පිනා කාලා හරහට දිගට මහත්වෙලා.

:       0       3

රටෙ රාල - සිඩ්නි සිටSaturday, 09 February 2019 02:35 AM

මේ අය රට කාල කාල, පිං අගමැති, දැන් එ්කට රිපෝර්ට් එකක් ඉල්ලලාලු, රටේ මිනිසුන්ට ජීවත් වෙන්න විදිහක් නැහැ. මොවුන් ඒවට ඔච්චර උනන්දුවෙන් වැඩ කරන්නේ නැහැනේ... මෙ ගොන්රැල එතනම තියෙන්නේ නැතුව එළියට ගත්ත කෙනාට මරණීය දණ්ඩනය දෙන්න ඕනේ...

:       0       2

Buddika Friday, 08 February 2019 09:41 AM

6 දෙනෙකුට යන්න පුළුවන් විදුලි සෝපානයේ 12 ක් ගියේ අකුරු කියවන්න බැරි නිසාද? රටේ නීති හදන තැන නියෝජනය කරන්නේ මෙහෙම මිනිස්සුද?

:       3       374

මැම්බර් අයියාSaturday, 09 February 2019 01:52 AM

අකුරු නම් එක එක කියවලා ගැට ගහගන්න පුලුවන් වුණාට. පාර්ලිමේන්තුව වටේම තියෙන්නේ වතුරනේ... පනින්නම හිතෙනවා. තනිතනිව ගියොත් කවුරු හෝ පනීවී කියලා උපදෙස් දීලයි තියෙන්නේ. එ්කටම යන්න කියලා.

:       0       1

WELL WISHER Friday, 08 February 2019 09:55 AM

ඉස්සෙල්ලම පාර්ලිමේන්තුවට යන කට්ටිය සීමා කරන්න!

:       1       101

Janahitha Friday, 08 February 2019 10:00 AM

හය දෙනෙකුට යන්න පුළුවන් එකේ 6කට වැඩියෙන් ඉන්නවා නම් එයින් අනතුරු හැඟවීම් නාදයක් නිකුත්වෙනවා ස්වයංක්‍රීයවම... බොරුකියලා රට මුලාකළාට කමක් නැහැ. ලෝකේ හිනස්සවන්න එපා මෝඩයිනි...

:       4       61

අනුරFriday, 08 February 2019 11:34 AM

මේක බොහොම පරණ ඒකක්නේ. ඒ්වගෙ අනතුරු, සංඥා වැඩ කරන්නේ නෑ...

:       146       10

ChandimaFriday, 08 February 2019 11:56 PM

බොරු නම් කියන්න එපා

:       0       0

ravi Friday, 08 February 2019 10:16 AM

මේ විදුලි සෝපානයට ... හාමුදුරු කෙනෙකුත් පත්කළ යුතුයි ... එතකොට , හිර වෙච්ච ගමන්ම සෝපානය තුලදීම පාංශකූලය දෙන්නත් පුළුවන්නේ ..

:       591       49

tommy Friday, 08 February 2019 11:34 AM

මෙම දැන්වීම් පුවරුවේ මෙහි ගමන් ගන්නා අයගේ උදරයේ උපරිම වට ප්‍රමාණය සඳහන් කිරීම වැදගත් යයි සිතමි.

:       0       75

RaveendraFriday, 08 February 2019 12:48 PM

සහතික ඇත්ත. උසට වඩා උදරයේ වට ප්‍රමාණය වැඩි ගවයන්ට වෙනම විදුලි සොපානයක් යෝජනා කරමු.

:       0       2

dhamneth Friday, 08 February 2019 12:28 PM

විදුලි සෝපාන සවිකරන්න තරම් තට්ටු ඔය ගොඩනැගිල්ලේ තිබෙනවද?

:       0       7

Janahitha Friday, 08 February 2019 01:16 PM

එක තට්ටුවක් තිබුණත් සෝපානයක් තිබිය යුතුමයි. ඒ වගේම විදුලි සෝපානය නිතරම යහපත් තත්වයෙන් තිබිය යුතුයි.

:       0       1

පෙරුමාල් Friday, 08 February 2019 02:01 PM

හැමදේකම සීමාවක් තියෙන බව මේ අය දන්නෙ නැති එකයි ප්‍රශ්නෙ. විදුලි සෝපානයෙ මගී ධාරිතාව සහ කැබිනට් මණ්ඩලයේ සාමාජික ගණනත් ඇතුලුව

:       0       41

Sajaham wikramage Friday, 08 February 2019 02:40 PM

මේ පින් ගොන්නු, පීප්ප, බඩගෙඩියෝ කියලා මෙයාලව දැන් ආමන්ත්‍රණය කරන තමුන්ලාම තමයි කතිරෙ ගහලා මෙයාලව පාර්ලිමේන්තු යැව්වේ. දැන් ලෝක බැංකුවෙන් ගිනි පොලියට ණයක් අරන් ලොකු විදුලි සෝපානයක් දාලා දෙන්න. නැත්නම් කට වහගෙන ඉන්න බයිලා නොගහ.

:       0       41

smn Friday, 08 February 2019 04:13 PM

මුසාවාදී කටහැකර මූසල කපටි හැත්තට සාමාන්‍ය ජීවිතයකට අවශ්‍ය දැනුමක්වත් නැතිකොට විදුලි සෝපානයක යන්න කලියෙන් දැන සිටිය යුතු ක්‍රමවේද ගැන දැනගන්නෙ කොහොමද? හොඳ වැඩේ, ඉතිපිසෝ ගාථාව මතක් වන තරමටම සෙට් එක බයවුණා...

:       0       70

anura Saturday, 09 February 2019 02:14 AM

එදා සිදුවූ දේ ජාතික ආණ්ඩුවට විරුද්ධව දෙන ඡන්ද අඩු කිරීමට කළදෙයක් වීමට ඉඩ ඇත.

:       0       0

Ashan Saturday, 09 February 2019 03:13 AM

අපේ විමල් ලොක්කත් හිටි නිසා 6 ය 6 යෙන් බෙදුවම 0 කියල දොලහම නගින්න ඇති..

:       0       4

Rohana Saturday, 09 February 2019 06:12 AM

සැප වැඩිවුණාම බර වැඩිවෙනවා. බර වැඩිවුණාම ලෙඩ හැදෙනවා. ලිෆ්ට් එකේ යන ගණන සඳහන් කරලා තියෙද්ද්ත් වැඩිපුර එ්කේ නගින්න තරම් ඔයාල මෝඩද? ඉතින් කොහොමද රටක් පාලනය කරන්නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 795 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1206 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site