IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


පාර්ලිමේන්තුව කැඳවා රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන්නැයි කලාකරුවෝ ඉල්ලති

(නිමල කොඩිතුවක්කු)
 
ව්‍යවස්ථාවට පටහැනි ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කර නව අග‍්‍රාමාත්‍යවරයකු පත් කිරීම සහ පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණයට විරෝධය පළ කරන බව ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ කලාකරුවෝ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් පැවැසූහ.
 
ජනාධිපතිවරයාගේ මේ ක‍්‍රියාව නිසා රට බරපතල කඩා වැටීමකට ලක්ව ඇති බව සඳහන් කළ ඔවුන් හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවා රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.
 
ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ කලාකරුවෝ රාජගිරිය පිහිටි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කාර්‍යාලයේ අද (29) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළ අතර  එහිදී අදහස් දැක්වූ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා මෙසේද කීවේය.
 
    ‘‘රටේ බරපතල අර්බුදයක් ඇතිවී තිබෙනවා. පැරණි දුර්දාන්ත පාලන ක‍්‍රමය වෙනස් කර යහපාලන රජය ස්ථාපිත  කිරීමට කලාකරුවන් කැපවුනා.
 
කිසියම් දේශපාලනික  කුමන්ත‍්‍රණයක් ව්‍යවස්ථා විරෝධී ලෙස රටේ සිදුව තිබෙනවා.  අප විසින් පත්කරපු ජනාධිපතිවරයා විසින්ම එය සිද්ධ කරලා තිබීම පිලිබඳ අපි කණගාටු වෙනවා. ඒ නිසා අපිට මේක තවදුරටත්  බලාගෙන ඉන්න බැහැ.
 
ඒකාධිපති පාලනයට එරෙහිව  පැමිණි ජනාධිපතිවරයෙක්  විසින් අත්තනෝමතික  විදියට අගමැතිවරයෙක් පත්කරනවනම් අපේ රටේ  දේශපාලනය වෙනත් මගක යනවා කියලා තමයි කියන්න වෙන්නේ.
කලාකරුවන් , විද්වතුන්, සිවිල් ක‍්‍රියාකාරීන් ඇතුළු හැට දෙලක්ෂයක ජනතාවක් එක්ක මේ පාලන ක‍්‍රමය ස්තාපිත කරගත්තෙ මේ මග යන්න නෙමෙයි.
 
ඒකාධිපති ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීව කටයුතු කරන්නේ නැතුව වහාම පාර්ලිමේන්තුව කැඳවන්න කියලා කලාකරුවන් හැටියට අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.  මේ ගැන  ජනාධිපතිවරයාට බල කිරීමටත්  ජනතාව දැනුවත් කිරීමටත් කලාකරුවන් කටයුතු කරනවා.  
 
ව්‍යවස්ථාව උල්ලංඝනය නොකර  වහාම පාර්ලිමේන්තුව කැඳවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  අතරින් වැඩිම කැමැත්ත ඇති  අයෙකු අගමැති ලෙස පත් කරන්න කියලත් අපි ඉල්ලා සිටිනවා‘‘ යැයිද පැවැසීය.



අදහස් (14)

පාර්ලිමේන්තුව කැඳවා රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන්නැයි කලාකරුවෝ ඉල්ලති

rocky Monday, 29 October 2018 01:43 PM

ඇයි පාර්ලිමේන්තුව රැස් කරන්නේ නැත්තේ? යමක් කරන්න පැහැදිලි ක්‍රමයක් තියෙද්දී මොකෝ මේ රටේ මිනිස්සුන්ට කරදර කරන්නේ?

:       282       463

BamunuarachchiTuesday, 30 October 2018 11:18 AM

පාර්ලිමේන්තුව වැසුවා කියා ඔබට, මට තිබෙන ප්‍රශ්නය මොකක්ද? මන්ත්‍රීලට නම් දීමනාව නැතිවේවි ඔහෙට මොනවාද නැතිවෙන්නේ...? 2020 වනතුරු වසා තබන්න. ජනාධිපතිතුමාගේ කතාව අහපු කෙනෙක් රනිල්ව පාර්ලිමේන්තුවට නොවෙයි යවන්නේ...

:       0       0

Diyamantha Monday, 29 October 2018 02:10 PM

මෙම කලාකරුවන්ට නොතේරෙන කරුණු රාශියකි. මේ මොහොතේ ශ්‍රී ලංකාවට අවශ්‍ය වී ඇත්තේ දක්ෂ පාලකයෙකි. රට විකුණන ද්‍රෝහීන්, සොරුන් මේ රටට දැන් අවශ්‍ය නැත. ආර්ථිකය කඩා වැටී ඇති මේ මොහොතේ, එය ගොඩ නැගීම සඳහා අපට පිටරටින් ආයෝජන අවශ්‍යව ඇත. ඒ වගේම කොටි ඩයස්පෝරාව තුළින් කරන කූට ව්‍යාපාර නතර කළ යුතුය. රට නොවිකුණන පාලකයෙකුට එය පහසුවෙන් කළ හැක. එම නිසා රාජපක්ෂ අගමැති වීම උතුම් කරුණකි.

:       2057       3709

gunarathnaMonday, 29 October 2018 02:54 PM

කලාකාරයෝ හවුල්වෙලා ආණ්ඩුව පත්කරගත්තනම් මේ අවරුදු තුනට මේ ආණ්ඩුව මොනවද කලාකාරයන්ට කෙරුවේ? මොනවද රටට කෙරුවේ.

:       795       717

Ruwan Monday, 29 October 2018 02:14 PM

දැන් රනිල් වික‍්‍රමසිංහ මහතා 2015දී තිබුණු හැට දෙලක්ෂය, 2018 දී හතලිස් හය ලක්ෂයට බස්සගෙන ඉවරයි. කුමන්ත්‍රණය කලේ නිදහස් පක්ෂයේ අපේ නායකයාව මරන්න. ඒක නිසා අපි මේ වෙනසට කැමතියි. ඔයාලට ටටා බයි බායි.

:       273       1725

සුරන්ජන් Monday, 29 October 2018 03:14 PM

පාර්ලිමේන්තුවෙන් ජනතා ප්‍රජාතන්ත්‍රවාදයක් නොපෙනේ.. වහාම මහා මැතිවරණයක් කැඳවන්න.

:       104       290

Ranga Monday, 29 October 2018 03:16 PM

කලාකරුවෝ කියන බහු වචනයෙන් කියන්න එපා.. එතකොට ඔක්කොම කලාකාරයෝ වගේනේ... එක්සත් ජාතික පක්ෂයේ රනිල් පාර්ශවයට හිතවත් කලාකරුවෝ පිරිසක් කියල දාන්න.. එතකොට තමයි හරි...!

:       73       791

Ratne Monday, 29 October 2018 03:17 PM

පහුගිය අවු. 3ක කාලය තුළ ඡන්ද ලක්‍ෂ 62 ප්‍රමාණය රැක ගැනීම කෙසේ වෙතත්, ලක්‍ෂ 42 කට වඩා අඩු කර ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්තනෝමතික පාලනය හේතු වුණා. තවත් රට විනාශයට යාමට පෙර ජනපති ගත් තීරණය රට වෙනුවෙන් ගත් ඉතා වටිනා තීරණයක්. කෙසේ වුවත් විදේශ බලවේග සහ රාජ්‍ය නොවන සංවිධාන සමග එක්වී නැවත බලය ගැනීමට දරන උත්සහය ඉතා කණගාටුදායකයි. රටට අවශ්‍ය වී ඇත්තේ රට සහ සම්පත් වෙන්දේසි කිරීමට නායකයකු නොවන බැවින් රාජපක්‍ෂ මහතා පත් වීම ඉතා සුදුසුයි. නමුත් වංවා සහ නාස්ති වැලැක්වීමට ඔහු ක්‍රියා කිරීමට මතක තබා ගත යුතුය. ජය වේවා...!!!

:       446       1178

de silva Monday, 29 October 2018 03:36 PM

ඔච්චර බලයක් තිබෙනවා නම් පාර්ලිමේන්තුවට මෙච්චර බිය මොකද? එ්ක කැඳවලා බහුතරය පෙන්වන්න අද හෙටම...

:       1091       805

Darshana Tuesday, 30 October 2018 02:04 AM

අනේ පව් ....

:       0       2

Sanath Tuesday, 30 October 2018 04:07 AM

කවුද මේ කලාකරුවෝ? ඔබලාට මොනවද ලැබුනේ? සැබෑ කලාකරුවෝ ඇත්ත දන්නවා.

:       6       27

BamunuarachchiTuesday, 30 October 2018 11:22 AM

මේ කලාබරලා දැක්කෙත් අදයි. ටෙලි නාටකවල අලින්ගේ කකුල්, මැරිච්ච මිනිසුන්ගේ චරිත කරන්නේ මේ ගොල්ලන්ද කොහෙද?

:       0       0

KANDEPOLA Tuesday, 30 October 2018 04:38 AM

ව්‍යවස්ථාවට පටහැනි යමක් සිදු වී ඇත්නම් එය විසඳා ගත හැකි ස්ථානය පාර්ලිමේන්තුව නොවේ. ඒ සදහා ශ්‍රේෂ්ඨාධිකරණය විමසිය යුතු බව ව්‍යවස්තාවේම සඳහන් වෙනවා. පාර්ලිමේන්තුවේ බහුතර පිරිසක් කැමති වූ පලියට ඔහු අගමැති විය යුතුයි කියලා ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නේ නෑ. එය එසේ නම් අගමැති පත් කල යුත්තේත් පාර්ලිමේතුවේ ඡන්ද විමසීමකින්. එය එසේ නොවෙයි. 'පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනාගත හැකි යැයි ජනාධිපතිවරයාට හැඟෙන පරිදි' එම පත්වීම කල හැකියි. ඒජාප ය 'බහුතර විශ්වාසය' යන කොටසේ පමණක් එල්ලී වාද කරන බවක් තමයි පෙන්න තියෙන්නේ. ව්‍යවස්ථාවේ අර්ථ නිරුපනයන්ට අනුව ජනාධිපතිවරයා නීත්‍යානුකුලව ක්‍රියා කර තිබෙන බව පේනවා. නමුත් එය පිළිගැනීම පුද්ගලයාගෙන් පුද්ගලයාට සාපේක්ෂයි.

:       10       1

sathyapalaTuesday, 30 October 2018 05:17 AM

මේ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට කල හැක්කේ ව්‍යවස්ථාවට අර්ථනිරුපනයක් ලබා දීම පමණයි. ජනතා පරමාධිපත්‍ය පිහිටා ඇත්තේ පාර්ලිමේන්තුව තුළ බැවින් අගමැතිවරයා පත්කළ යුත්තේ පාර්ලිමේන්තුවේ බහුතරයගේ කැමැත්ත ලබා ගැනීමට හැකි පුද්ගලයකුට පමණය. එම වගන්තිය ව්‍යවස්ථාවට ඇතළත් කර ඇත්තෙම ජනාධිපතිවරයාට අන්තනෝමතිකව තීරණ ගැනීමෙන් වැලැක්වීමට මෙන්ම බහුතර බලය නැති අයෙක් පාර්ලිමේන්තුවේ අගමැති වුහොත් ඔහු විශ්වාසභංග යෝජනාවකින් පාර්ලිමේන්තුව තුළ පරාජය කිරීමට හැකිවන බැවින් වන අතර අද සිරිසේන ජනාධිපතිවරයා කුඨ ලෙස පාර්ලිමේන්තු කල් දමා කල්මරමින් ඉන්නේ මනින්දට බහුතරය මිලට ගන්න අවස්ථාව සලසා දීමේ නිහින උත්සාහයට වන අතර හැකි නම් වහා පාර්ලිමේන්තුව කැදවා තම අගමැතිවයාට බහුතරය ඇතිබව පෙන්වන ලෙස අභියෝග කල හැකිය.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 225 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 727 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site