අංජුල මහික වීරරත්න
ප්‍රධාන පෙළේ ඖෂධ 100ක හිඟයක් ඇතැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවැසීය.
එම ඖෂධ වලින් ඖෂධ 60ක් ඉතා අත්‍යවශ්‍ය ඒවා බවද ඔහු කීය.
සේනාරත්න මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
“මේ වනවිට මහනුවර රෝහලේ පිළිකා ඖෂධ කිසිවක් නැහැ. පිළිකා ඖෂධ ගන්නා විට රෝගීන්ගේ සුදු රුධිරාණු අඩු වෙනවා. සුදු රුධිරාණු වැඩි කිරීමට ගන්නා තවත් ඖෂධයක් තිබෙනවා. ඒ ඖෂධය නැති වුණොත් විෂබීජ වලට ප්‍රතිචාර දැක්වීමේ ශක්තිය නැතිව රෝගියා මිය යනවා. ඒ ඖෂධයත් නැහැ. ජලභීතිකාව සඳහා පාවිච්චි කරන කිසිදු එන්නතක් නැහැ.
මේ මොන අපරාධයක්ද? පිළිකා රෝගීන්ට රජයේ රෝහල්වල පිළිකා ඖෂධ නැති වූ විට බාහිර ඖෂධශාලා වලින් ඒවා මිලදී ගන්න කිසිම වත්කමක් නැහැ. එක එන්නතක් රුපියල් ලක්ෂයකට වඩා වැඩියි.”
දොස්තර රාජිත සේනාරත්න මහතා කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ අදහස් පැවසීය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ප්‍රධාන ඖෂධ 100 ක හිඟයක්
Viraj Wednesday, 05 December 2018 07:39 AM
එකතමා මේ දඟලන්නේ
Cisco Wednesday, 05 December 2018 09:00 AM
සෞඛ්‍ය අමාත්‍යාංශය ඖෂධ ලබාගැනීම කරන්නේ ප්‍රසම්පාදන කැඳවා. මේ සඳහා වසරක පමණ කාලයක් ගතවෙන්වා. පසුගිය වසරේ වැඩි කාලයක් මෙම අමාත්‍යාංශයේ ඇමති ලෙස වැඩ කලේ මෙතුමයි. ඉතින් මේ හිඟයට වග කියන්න ඕනේ කවුද කියල දැන් තේරෙනවා ඇතිනේ.
RaveendraWednesday, 05 December 2018 12:29 PM
Cisco මයා වෙත, ඔබගේ අදහස් අපද දන්නා තරමින් සත්‍ය වන අතර මේ අයට දැන් තමයි නැට්ට ගිනි අරන් තියෙන්නේ... අරව නැහැ මේවා නැහැ කියලා. හරියට අං මෝදුවෙන කාලේ ඇවිල්ලා වගේනේ තේරෙන්නේ.
සේනක Wednesday, 05 December 2018 09:02 AM
මේ විදිහට මාසයක් ඇතුළත හිඟයක් ඇති වුණානම් හිටපු සෞඛ්‍ය ඇමැති වශයෙන් තමුන්නාන්සේ ඒ වගකිම බාරගත යුතුයි. තමුන්නාන්සේලාගේ අවස්ථාවදී දේශපාලනය නිසා කට තිබුණ පලියට කියවන්න එපා. ඔබතුමා ඉන්න කාලයෙදි තමයි සෞඛ්‍ය ක්ෂේත්‍රය නැත්තටම නැති වුණේ කියලා මතක තියාගත්තොත් හොදයි.ඊට කලින් සෞඛ්‍ය සේවය සම්බන්ධ කිසිම ආයතනයක් මහා පාරට බැහැලා මෙතරම් ඉල්ලීම් ඉල්ලලා රටවටේ උද්ඝෝෂණය කලේ නැහැ .
චමින්දThursday, 06 December 2018 12:13 PM
ඇයි බෙහෙත් වර්ග රාශියක මිළ අඩුකරලා දුන්නා අමතකද සේනක මහත්තයෝ සෞඛ්‍ය සේවයේ ගාල්ලෙ කට්ටියක් අදත් වාහන පාක් කරන්න බැරිවෙලා ගහගන්නේ රාජිතගෙ වරදින්ද.
jagath Wednesday, 05 December 2018 09:51 AM
දවස් 7 ක් ඉවසන්න..... කියන්න. ජනාධිපතිතුමා මෙම අර්බුදය කරනකම්.
ravi Wednesday, 05 December 2018 10:56 AM
මේ.. වෙනකන් ඔලුව අස්සෙ ඔබාගෙන හිටපු... රාජිතට දැන් තමයි ඖෂධ ගැන මතක් වෙලා තියෙන්නේ...
Bandula. Wednesday, 05 December 2018 11:48 AM
අනාගත අගමැති හෝ ජනපති වෙන්න ඉන්න කෙනෙක් වත්ද?
විජිත් Wednesday, 05 December 2018 12:08 PM
මොනවා කරන්නද...? දැන් ඉතින් "කොමිස්" ලැබෙන්නේ නැහැනේ කොම්පනිවලින්.. අර මාරක බෙහෙත් හදන රුසියානු කොම්පැනියෙන් එහෙම..
Malathie Wednesday, 05 December 2018 03:30 PM
සමහර අත්‍යාවශ්‍ය බෙහෙත් ගේන සමාගම් කීපයක් මෙතුමා සහ පවුල සතුය. හිතාමතාම වෙළඳපළට නිකුත් කිරීම ප්‍රමාදකර බෙහෙත් හිඟයක් ඇතිකරනවා විය හැකිය.
විජිත් Wednesday, 05 December 2018 03:37 PM
මෙයා වෘත්තියෙන් දත් දොස්තර කෙනෙක්. නමුත් කතාකරන්නෙම පිළිකා රෝගීන් ගැන... පසුගිය කාලයේ පිළිකා රෝහලේ විශේෂඥයින් අනුමත නොකරන බෙහෙතක් මෙයා රුසියාවෙන් ලංකාවට ගෙන්නුවා. ඒ බෙහෙත තවමත් පරීක්ෂණ තත්වයේ තිබෙන බෙහෙතක්. එය භාවිතාකළ පළමුවැනි රට ලංකාවයි. අපේ රටේ සිටින දක්ෂම පිළිකා විශේෂඥයින් මේ බෙහෙත සුදුසු නැතිබව කීවාම මේ දත් දොස්තර එය පිළිගත්තේ නැහැ. පිළිකා රෝගය ගැන කතාකරන්න මෙයාට අවශ්‍ය සුදුසුකම්වත් නැතිකොට තවත් මොන කතාද..? මොනවා හරි කරලා කොමිස් ටිකක් කන්න නම හරිම ආසයි මෙයා...
Hafeel Wednesday, 05 December 2018 04:24 PM
හැබැයි සිංගපුරු එලිසබෙත් රෝහලේ නං හිඟයක් නැත.
Rasika Thursday, 06 December 2018 02:36 AM
කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැ නේද 'හිටපු ඇමතිතුමෝ ? ඕකම නේද කාලයක් තිස්සේ හැමෝම කිව්වේ ? ඔබතුමා ඕක පිළිගන්න එක හොඳයි වගකියන්න ඕන කවුද කියලා මෙහි ඒකමතිකව දක්වපු අදහස් වලින් පැහැදිලියි