ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට සහයෝගය දැක්වීම සඳහාම තරගයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් 13 දෙනකු හඳුනාගෙන ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද පැවසීය.
මෙසේ හඳුනාගනු ලැබ ඇති අපේක්ෂකයන් 13 දෙනකුගෙන් හත් දෙනකු එක් ප්‍රධාන අපේක්ෂකයකුට සහයෝගය දක්වන අතර, හය දෙනකු අනික් ප්‍රධාන අපේක්ෂකයාට සහයෝගය දක්වන බව ද මහින්ද දේශප්‍රිය මහතා “ඬේලි මිරර්” පුවත්පත සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කළේය.
මෙම අපේක්ෂකයන්ට එරෙහිව පියවර ගැනීම පිළිබඳව කොමිසම සලකා බලාගෙන යන බව ද ඔහු කීය.
මෙම අපේක්ෂකයන් ප්‍රධාන අපේක්ෂකයන්ට සහාය දෙන්නේ කෙසේ දැයි විමසූ විට දේශප්‍රිය මහතා පැවසුවේ ඔවුන්ගේ බලයලත් නියෝජිතයන් ප්‍රධාන අපේක්ෂකයන්ගේ වේදිකාවල සිටිනු කොමිසමේ නිලධාරීන් විසින් නිරීක්ෂණය කරනු ලැබ ඇති බවය. එපමණක් ද නොව, ඔවුන් නියෝජනය කරන දේශපාලන පක්ෂවල ලේකම්වරුන් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ මැතිවරණ වේදිකාවල සිට ජනතාව අමතා ඇති බව ද ඔහු කීය.
මැතිවරණවලට තරග කිරීමේදී තැන්පත් කළ යුතු ඇප මුදල වැඩි කිරීම සහ මෙවැනි ක්‍රියාවල යෙදෙන දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීම මෙවැනි ක්‍රියා වැළැක්වීමට ආධාර වනු ඇති බව ද දේශප්‍රිය මහතා පැවසීය.
මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 35 දෙනකු ඉදිරිපත්වීම මැතිවරණ කොමිෂන් සභාවේ රාජකාරි අනවශ්‍ය ලෙස වැඩිවීමට හේතු වී ඇති බව ද ඔහු සඳහන් කළේය.
මෙවර ජනාධිපතිවරණයේදී ඡන්ද පත්‍රිකාව ඉතා දිගු බවත්, මේ නිසා අමතර ඡන්ද පෙට්ටි අවශ්‍ය වී ඇති බවත් මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් පැවසීය.
ඩේලිමිරර්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ හරියට නාමයෝජනා බලලා ගත්තේ නෑ කියන එකනේ. තමුන් හරියට වැඩේ නොකර දැන් ඔහොම කියන එක වැරදියිනේ සභාපතිතුමා.
අමතර වියදම් මේ 13 දෙනාගෙන් අයකර ගන්න.
කොමිසම කරන්නේ හදපු නීතිය ක්‍රියාත්මක කරන එකනේ. නීති හදන කට්ටිය ඔය විදිහට රිංගන්න හිල් හදාගෙන ඉන්නේ ඔන්න ඔය වගේ වැඩවලටයි. කොමිසම ඇල්ලුවත් හපන්න බැරි ආයතනයක් වගෙයි මට නම් පේන්නේ.
අපේක්ෂකයෝ වැඩි වෙලා ඡන්ද වියදම තව කෝටි කීපයකින් ඉහළ ගියා කියලා පහුගිය කාලේ කිව්වා. දැන් තියෙන්නේ ඒ වැඩි උන මුදල මේ හොර අපේක්ෂකයන්ගෙන් අය කරගන්න එක. ජනතා මුදලෙන් මෙහෙම පිස්සු නටන්න දෙන්න බෑ. මේක වැරදි ආදර්ශයක්. මෙහෙම ගියොත් අනාගතයේ අපේක්ෂකයෝ 100ක් විතර ඉදිවී.
මේ ක්‍රියාවට නම් තදින්ම නීති ගෙනවිත් මේ වතාව අවසාන වතාව බවට පත් කළ යුතුයි. නැත්නම් මේක විහිළුවක් කරගන්නවා. රටේ මුදල් නාස්ති වෙන්නේ.
තනතුර දාලා යන්න කලින් ඔබ කියපු ඔක්කොම දේවල් කරලා යන්න. අම්බලන්ගොඩ කෙනෙක්ට හැර ඕවා කරන්න වෙන අයට කොන්දක් නැහැ. ඔබට නිරෝගී සුවය! මම ඔබේ ගෝලයන්ගෙන් කෙනෙක්. අපිට හරි ආඩම්බරයි අපේ සර් ගැන. අපේ අසල්වැසියා ගැන. අපේ නෑයා ගැන. අපේ රටේ තවමත් මෙහෙම කොන්දක් තියෙන අය ඉන්නවද කියලා හිතෙනවා. දැන්නම් ඔබට ලබන ජනාධිපතිවරණයට ඉල්ලුවත් දිනන්න පුලුවන්. ඒත් ඒ දේශපාලනයට කවදාවත් එකතු වෙන්න එපා. මම කවුදැයි ඔබ හොදින් දන්නවා. ඔබට නැවතත් නිරෝගි සුවය පතනවා!
මැතිවරණයට මුළු වියදම කෝටි 400 කින් පමණ කළ හැකිදේට කෝටි 700 ක් පමණ ජනතාමුදල් වැය කිරීමට කටයුතු කළ මොවුන්ගේ ප්‍රජා අයිතියද අහෝසි කිරීමට හැකියාවක් නැද්ද සභාපතිතුමනි? ඒ අතර මෙලෙස ජාතික ධනය කාබාසිනියා කරන ජාති ද්‍රෝහීන්වන මොවුන්ගේ පක්ෂද මැතිවරණයෙන් පසුව අවලංගු කිරීමට හැකියාවක් නැද්ද?
මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සමග සෙල්ලම් කරන මෙවැනි අපේක්ෂකයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතුයි.
නිකන් බොරුවට සංදර්ශන පවත්වන්න එපා. ඔබතුමා නෙමෙයි අපිනේ ඡන්දේ පාවිච්චි කරන්නේ. ඒක නිසා ඒ අපේක්ෂකයන්ගේ නම් ප්‍රසිද්ධියේ කියන්න. අන්න එතකොට තමයි මහජනතාවට සාධාරණයක් වෙන්නේ. නැතුව බොරු සංදර්ශන තිය තියා, මහජන මුදල් කකා අපිට හරස්පද ප්‍රහේළිකා ඉදිරිපත් කිරීමෙන් නෙමෙයි.
මෙතුමාගේ දෙවනියා සුළු ජාතිකයෙක්. එයා ප්‍රසිද්ධියේම කියනවා මේ ගමන විශේෂයෙන් සුළු ජාතීන්ට ඡන්දේ පාවිච්චි කරන්නලු. රටම දන්නවා සුළු ජාතික ඡන්ද වැටෙන්නේ කාටද කියලා. ඒ වගේ ප්‍රකාශයක් කරන මෙයාගේ නිලධාරියාව මෙයාට පේන්නේ නැහැ. හැබයි රටේම තියන අනිත් කුණුනම් හොදට පේනවා. අනේ මෙහෙමත් නිලධාරීන්.
රට හදන්න නේද මේ සෙල්ලම් ?
තුන් සැරයකට චැඩියෙන් පෙර ජනාධිපතිවරණ වලදී ඇප අහිමි කරගත් සහ 4 වතාවක් පැරදුන අපේක්ෂකයන්ට නැවත ඉල්ලන්න බැරි ලෙස නීති සංශෝධනය කරන්න.
මේ අය වක්‍රාකාරයෙන් කරන්නේ රාජ්‍ය දේපළ අවභාවිතයයි. නීතිමය කටයුතු තුලින් ඔවුන් කළ අලාභය නැවත අය කරගත යුතුයි.
අප මුදල වැඩිකළ යුතු බව බමුණුආරච්චි මෙතැන ලිව්වේ මැතිවරණ වියදම කෝටි 600 යි කිව්ව කාලේ. මේ 13 දෙනාට අමතක නොවන පාඩමක් දෙමු. ඒකත් යථා කාලයේ යෝජනා කරන්නම්.
මෙම ක්‍රියාව නිසා මිලියන 45 කින් පමණ කළහැකිව තිබූදේ මිලියන 75 කින් කරන්න වෙනවා. මෙයින් රටේ දුප්පත් ජනතාවගේ බදු මුදල් නිස්කාරනේ නාස්ති වෙනවා. ප්‍රධාන අපේකෂකයින් දෙදෙනාම මෙය වගකිවයුතු අතර මෙවැනි දෙයකට මානව හිමිකම් යටතේයැයි කියමින් ඉඩදුන් මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ද යම් පමණකින් මෙයට වගකිව යුතු වෙනවා.
ඇප මුදල ලක්ෂ 25ක් වගේ උනානම් හරි.
මෙයින් සනාථ වන්නේ නිරර්ථක පුද්ගලයින් මැතිවරණයට ඉදිරිපත් වීම වළක්වාලමින් මැතිවරණ පනත හැකි ඉක්මනින් සංශෝධනය කළ යුතු බවයි.
අපේ කාන්තාවන් මැදපෙරදිග කඹුරා හම්බ කරන සොච්චම මත තනන අහස් මාලිඟාවට රජතුමෙකු අපි වහ වහා වැඩම කරවමු.
කරුණාකර එවැනි අයට එරෙහිව නීතිමය පියවරක් ගන්න. මේ නරි ටික නිසා අපේ බදු මුදල් කොමපණ ප්‍රමාණයක් වියදම් වෙලාද දැන් වෙනකොට? මෙවැනි විහිලු නවත්වා අපි රට ගැන බරපතල ලෙස සිතිය යුතු කාලයක් මේ.
ඕනෑම දෙයකට නීති හදන රටේ මේකට නීතියක් හදන්න බැරිද? මේකට කොමිස් මුදලක් නැතිව ඇති. නිහඩ ඒකයි. දුප්පතාගේ දුක දැනෙන නායකයා කවදා පහළ වෙයිද?
රටේ මිනිස්සු හරියට කෙලින් තීරණයක ඉන්නවනම් කාටවත් බැහැ තව කාටවත් මුක්කු ගහන්න. වෙලා තියෙන්නේ රටේ මිනිස්සු පිස්සු නටන එක.
ගෝඨාභයට මුක්කු ගැහුවම එයා දේශප්‍රේමියා.
ප්‍රකාශිත මුළු ඡන්ද ප්‍රමාණයෙන් 10% ගැනීමට බැරිවුන අපේක්ෂකයන්ට දැරිය නොහැකි තරමේ දඩ මුදලක් අයකරන්න.
මුක්කු ගහන්නේ මිල මුදලට වාසියට බව නම් නොරහසකි. මේ වගේ අය තම ජිවිත කාලෙටම අඩු වශයෙන් ගමේ මරණාධාර සමිතියක සාමජිකත්වයක්වත් ගැනීමට බැරිවෙන ලෙස නීති සකස් කරන්නේ නම් එය ඉදිරියේදී මෙවන් නිවටයන්ට ඉදිරිපත්විමේදී සිය දහස් වාරයක් සිතීමට සිදුවෙනු ඇත.
ප්‍රධාන පක්ෂ දෙක තුනේ හැර අනෙක් අපේක්ෂකයෝ එක්කෝ කඩේ යන අය නැත්නම් මානසික රෝගීන් බව කොහොමත් ජනතාව දන්නවා.
හොදම දේ අවම තරමින් 1% වත් ජන්දය නොගන්නා අපේක්ෂකයන්ගෙන් අවම තරමින් මිලියන 10 ක වත් දඩ මුදලක් අයකරන්න.
ඡන්ද කඩන්න දාපු අය කියලා කාටත් තේරෙනවා. ගිය සැරෙත් එම්.කේ.සිරිසේන කියලා කෙනෙකුත් දැම්මනේ මෛත්‍රීගේ ඡන්ද කඩන්න. දුෂිත, බලලෝභී, බඩගෝස්තරවාදි දේශපාලුවෝ කරන වැඩ.
අවසන් ප්‍රතිඵලය වනුයේ 35 දෙනාගෙන් 30 කගේ පමණ පරාජය හේතුවෙන් ඇප රාජ සන්තක වීමයි. එසේ වූවත් මුක්කු ගැසූ එක කොටසකට නොයෙකුත් වරප්‍රසාද අත්වන බව නම් ෂුවර්.