(ඩයනා උදයංගනී)

ඒ අනුව බස්නාහිර සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. සබරගමුව පළාතේ සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර ඇතැම් ස්ථානයන්ට මිලිමීටර 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

බස්නාහිර පළාතේ ඇතැම් ස්ථානයන්ට මිලිමීටර 75 ක පමණ තරමක තද වැසි ඇතිවන අතර උතුරුමැද පළාතේ මද වැසි ඇතිවන බව ද ඔහු කීවේය.

දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර 40, 50 පමණ වේගවත් තරමක තද සුළං ඇතිවන අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් ,උතුරුමැද, වයඹ පළාත්වල සහ හම්බන්තොට, මන්නාරම, වව්නියා, කිලිනොච්චි සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර 60, 70 පමණ වේගවත් සුළං ඇතිවන බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.