IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පරීක්ෂණ කොමිෂන් සභා පනත 26 වැනිදා නැවත විවාදයට

(සුජිත් හේවාජුලිගේ)
 
පාර්ලිමේන්තුවේදී කල්ගිය පරීක්ෂණ කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳව විවාදය ලබන 26 වැනිදා සිකුරාදා නැවතත් පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය ‘ලංකාදීප‘ යට අද(16) පැවැසුවාය.
 
පරීක්ෂණ කොමිෂන් සභා ( සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඉකුත් 12 වැනිදා සිකුරාදා මැතිසබයේදී පැවැත්විණි.
 
මෙහිදී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත්වූ සංශෝධන තවදුරටත් අධ්‍යයනය කිරීමට ඇතැයි ප්‍රකාශවීම නිසා විවාදය වෙනත් දිනකට කල් තැබිණි.
 
විශේෂ පරීක්ෂණ කොමිෂන් සභා මගින් හෙළිකරගන්නා තොරතුරු හෝ සාක්ෂි පිළිබඳව නැවතත් වෙනම විමර්ශන නොපවත්වා ඒ තොරතුරු මත නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අදාළ විමර්ශන අංශවලට බලතල සපයා දීම මෙම පනත් කෙටුම්පත මගින් ප්‍රතිපාදන සැලසෙනු ඇත.
 
මෙම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තිවලට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විරෝධය පළවිය. 



අදහස් (0)

පරීක්ෂණ කොමිෂන් සභා පනත 26 වැනිදා නැවත විවාදයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 66 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site