IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


‘පෙබරවාරි 4 ට කලින් නව ව්‍යවස්ථා කෙටුම්පතක් ගෙන එනවා’

රොමේෂ් මධුෂංඛ

එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය ඇතිව එළඹෙන වසරේ (2019) පෙබරවාරි 4 වැනි දාට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට හැකිවනු ඇති බව දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ යාපනයේ පිහිටි සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ නිල නිවසේදී මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා මෙසේ පැවසීය.

“2015 අගෝස්තුවල ඉඳලම යහපාලන ආණ්ඩුවට එකතුවෙන්න කියලා දෙමළ සන්ධානයට ආරාධනා ලැබුණා. එක් වතාවක් ජනාධිපතිවරයාම කිව්වා ඇයි ඔයාලා එකතු වෙන්නේ නැත්තේ කියලා. මට පෞද්ගලිකව ආරාධනා ලැබුණේ නෑ. හැබැයි ආණ්ඩුවට එක්වෙලා ඇමැතිකම් බාරගන්න කියලා අපේ සන්ධානයට යෝජනා ආවා. නමුත්, දෙමළ ජනතාවගේ ගැටලුවට ජාතික විසඳුමක් ලබාදෙනතුරු කිසිම ආණ්ඩුවකට එකතුවෙන්න අපේ කිසිම සූදානමක් නෑ.

‘අපිත් ජනතා විමුක්ති පෙරමුණත් එකතුවෙලා තමයි නව ව්‍යවස්ථාවට අදාළ අතුරු කමිටු වාර්තාව ගෙන ආවේ. එහි උතුරු නැගෙනහිර පළාත් එකතු වෙන්න ඕන කියලා අපි සටහන් කරලා තියෙනවා.

මහජන එක්සත් පෙරමුණ විතරයි ඒකට අකමැති වුණේ. නමුත් ජනතා විමුක්ති‍ පෙරමුණ එයට අදහසක් දැක්වු‍වේ නැහැ ඔවුන් කිව්වේ දැනට එය නොවිය යුතු දෙයක් කියලා පළාත් ඒකාබද්ධ වෙනවනම් එහෙම එකතු වෙන්න පුළුවන් නමුත් එහෙම එකතු වෙන්න ජනමත විචාරණයකට යා යුතුයි කියලා එම වාර්තාවේ සටහන් කරලා තියෙනවා එම කරුණට ජනතා විමුක්ති පෙරමුණ එකඟයි.

 



අදහස් (13)

‘පෙබරවාරි 4 ට කලින් නව ව්‍යවස්ථා කෙටුම්පතක් ගෙන එනවා’

shan saudi Sunday, 30 December 2018 10:42 AM

සුමන්දිරන් ඔය කාගේ සහයෝගයෙන් මොන කෙටුම්පත් ගෙනාවත් රටට, ජාතියට, ආගමට හානිකර හෝ රටේ කිසිම පළාතකට වෙනම පාලනයකට නැතිනම් වෙනම ප්‍රාන්ත පාලනයකට කිසිම ඉඩක් නැහැ. එසේ ඉඩක් දෙන්න හැදුවොත් එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ විතරක් නෙවේ. ඔහෙලගේත් උන්හිටි තැන අහිමි වන බව හොඳින් මතක තියාගෙන ඉදිරි කටයුතු කරන්න කියලා බොහොම කරුණාවෙන් කියන්න කැමතියි. 30 වසරක කුරිරු යුද්ධයක් දිවි පුදා රටේ හමුදාව නිමා කලේ ඔහෙලටවත් වෙන කාටවත් ඕනේ විදිහට නටන්න නෙවේ. එ්ක හොඳින් මතක තියාගන්න.

:       458       1446

menna Sunday, 30 December 2018 11:21 AM

ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන හින්දා කරන දෙයක් ඉක්මන් කරන එක හොඳයි වගේ...

:       54       259

Raveendra Sunday, 30 December 2018 11:52 AM

පුදුම සද්දයක් නේ දාන්නේ. 2009 ට ඉස්සෙල්ලා වසුරු පිටකලෙත් දුව දුව හැංගි හැංගි. දැන් නිකන් එළු රැවුල බානවා වගේ..

:       115       336

Romesh Sunday, 30 December 2018 03:37 PM

ලක්ෂ 62 මී කුලයේ අයට නම් පුදුම සතුටක් ඇති...

:       133       270

විජිත් Sunday, 30 December 2018 04:24 PM

මේ ගොල්ලෝ ඔය මොන කෙටුම්පත ගෙනාවත් එයින් වැඩක් වෙන්නේ නැහැ.පාර්ලිමේන්තුවේ ඉන්න 225 වන මිගවයන් කකුල් දෙකම උස්සලා ඡන්දය දුන්නත් එය වලන්ගුවෙන්නේ " ජනමත විචාරණයකින් "ජය ලැබුවොත් පමණයි කියලයි මට හිතෙන්නේ.මොකද මේ පනත 12% වන ද්‍රවිඩ ජනතාවට විතරක් බලපාන දෙයක් නොවෙයි. එය 80% ටත් වැඩිය රටේ සිටින සිංහල ජනතාවටත් බලපානවා.පනත් කෙටුම්පත ඉදිරිපත්කලාට පස්සේ මෙය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්කළහොත් අනිවාර්යෙන්ම අවසන් තීරණය වෙන්නේ ජනමත විචාරණයයි. එකම ශ්‍රි ලංකික ජාතියක්ලෙස එකට එක්වී වැඩ කොට රට දියුණුවට පත්කිරීමට කැමති අය වැඩි වුණොත් මේ පනත ඉතිහාසයේ කුණු බක්කියට යනවා.එසේ නොවී දේශපාලුවන්ගේ බොරු පොරොන්දු වලට රැවටී, අරක්කු බෝතලේට, බත් මුලට,සාරියට, රුපියල් 1000 ට බහුතරයක් රට වැසියා තමන්ගේ වටිනා චන්දය පාවා දුන්නොත් එදාට අපේ රටේ අවසානය උදාවේවි.

:       3       117

mangala Monday, 31 December 2018 04:02 AM

ගෙන්නකෝ මහත්තයෝ ඕක

:       6       136

Chandima Monday, 31 December 2018 10:05 AM

ඔව්, ඉතින් එළාර මහ රජ්ජුරුවෝ අපේම නායකයෙක් වෙලා ඉපදිලා තියෙන නිසා ඔව්වා කරන්න බැරිවෙන එකක් නැහැ.

:       7       280

Lal Monday, 31 December 2018 11:17 AM

එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ අය මේ රටට ආදරය කරුණාව ඇති අය නොවෙයි. ඊළඟ මැතිවරණවලදී මේ පක්ෂ දෙකට අන්ත පරාජයක් අත්කරදිය යුතුයි. මේ මොහොතේ කෑලි කඩන්න හදන අපේ රට බේරාගන්න පරම්පරාගත සිංහළ බෞද්ධ එක්සත් ජාතික පාක්ෂකයින් ඔබලාගේ ප්‍රතිපත්තිය වෙනස්කර මාතෘභූමියේ ඒකීයභාවය ආරක්ෂා කරගන්න අදිටන් කළ යුතු නොවේද?

:       90       437

ධනුෂ්කTuesday, 01 January 2019 04:28 AM

ලාල් අනික් අය ගැනනම් දන්නේ නෑ.. ජ.වි.පෙ නම් දෙවෙනි සන්නද්ධ අරගලය කලේ. ලංකාව තුළ ඉන්දියානු හමුදා මැදිහත් වීමට හා ඊට ඉඩහසර ලබාදුන් එ.ජා.පයට විරුද්ධව. එතනදී සිල් අරගෙන යුද්ධ කරන්න බැරි නිසා නොවිය යුතු දේවල් වුණා. එ් වගේම එ්කාබද්ධව පැවැති උතුරු නැගෙනහිර පළාත් උසාවි ගිහින් වෙන් කලේ ඔවුන්. කොටින්ට පිළිගැනීමක් ලබා දෙමින් අාර්ම්භ කිරීමට ගිය සුනාමි සහන මණ්ඩලය නැති කලේ ජ.වි.පෙ. එ් වගේම බොරු සටන් විරාමයක් ගෙන ගිය එ.ජා.ප අාණ්ඩුව ගෙදර යවන්න කටයුතු කළා. 2005 මහින්ද මහතා ජනාධිපති කරවීමේ සිට යුද්ධය නිමාවන තුරු අාණ්ඩුව තුළ සිටත්, පිටත සිටත් සහය දුන්නා. ජ.වි.පෙ නැත්තන් එදා මහින්ද ජනාධිපතිත් නෙමේ. යුද්දේ ඉවරත් නෑ.

:       45       73

LalWednesday, 02 January 2019 10:29 AM

ධනුෂ්ක, ඒ එදා ක්‍රියාකාරීව සිටි ජ.වි.පෙ එක ගැන බහුතර ජනතාවගේ ඇල්මක් තිබුණා. ඒත් ජ.වි.පෙ අංශක 360 කැරකිලා තිබෙන බව පේනවා වර්තමානයේ. ඒ වෙනස දකින්න ලැබුණා පසුගිය මාස කිහිපය තුළ... ජ.වි.පෙට දැන්අකුලාගෙන යන්න කාලේ ඇවිත් බව පැහැදිලියි.

:       159       339

nihalThursday, 03 January 2019 10:35 AM

ලාල් 2006 වෙනකම් ජවිපෙ යුද්දෙට සහයෝගය දුන්නා.. එදා යුද්ධය කරගෙන යන අවස්ථාවේදී අද ඉන්න ජේවීපී නායකයා අයවැයක් වෙලාවේදී අනුර බණ්ඩාරනායකත් සමග විපක්ෂයේ වාඩි වුණා.. එදා හිටපු ජේවීපී නායකයාත් යූඑන්පී එකේ 18 සමග එදා අයවැයට ඡන්දය දීපු නිසයි එදා රජයත් බේරිලා රටත් බේරුනේ... එදා අයවැය පරාද වුණානම් අද අපිට රටක් නෑ. ඔවුනුත් සැබෑ ජාතික වීරයන් ලෙසයි මම සලකන්නේ.. අද ජේවීපී නායකයා එදා කළ දේමයි කරන්න යන්නේ...

:       160       1

ChandimaTuesday, 01 January 2019 06:24 AM

ජවිපෙ ඊළඟ මැතිවරණයේදී පාර්ලිමේන්තු දේශපාලනයෙන් සදහටම විශ්‍රාම යන බවත් පසු කලෙක රටේ දේශපාලනයෙනුත් අතුගෑවී යන බවත් දැන් දැන් පෙනී යනවා.

:       8       129

bandula. Wednesday, 02 January 2019 07:21 AM

අනේ ඉතින් අපේම මෝඩයෝ ටිකක් අල්ලාගෙන දවල් හීන දකිනවා. නැවතත් ත්‍රස්තවාදය පතුරවලා මිනිසුන් කොටවලා සාක්කු පුරවාගන්න නම් අදහස ඒවාට ඔය කාටකාටත්... දෙවියනේ සාපය වෙලාවට ලැබේවි...!!!

:       0       35

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 515 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 106 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 317 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site