IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


පුපුරණ ද්‍රව්‍ය සහිත වාහන 20 ක් උතුරට

(ඉන්දිකා රාමනායක සහ රොමේෂ් මධුෂංක)

පුපුරණ ද්‍රව්‍ය සවිකළ  වාහන 20 ක් දකුණේ සිට  උතුරට පැමිණ ඇති බවට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී  ඇති හෙයින් උතුරට  ඇතුළුවන සහ පිටවන සියලු වාහන  දැඩි පරීක්ෂාවකට ලක්කරන බව  හමුදාව පවසයි.

මෙම වාහන බොහොමයක්  පාස්කු දින මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කර මියගිය ත‍්‍රස්තවාදියකුගේ නමින් ලියාපදිංචි කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව උසස් හමුදා නිලධාරියෙක් සඳහන් කළේය.

මෙම වාහන අතර  යතුරු පැදි 12 ක්, වෑන් රථය දෙකක්,  කැබ් රථය දෙකක්,  ති‍්‍රරෝද රථයක්,  ඩිමෝ බට්ටා ලොරියක්, මෝටර් රථ දෙකක්  ඇතුළත් බව  එම හමුදා නිලධාරියා කීය.

බුද්ධි අංශ තොරතුරු අනුව  මෙම වාහන අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ මාර්ග බාධක 4ක්  ස්ථාපිත කර ඇති බවද  එම උසස් හමුදා නිලධාරියා කියා සිටියේය.

වව්නියාව නගරයේ, හොරොව්පතාන මාර්ගයේ, තාන්ඩිකුලම් ප‍්‍රදේශයේ,  ඉරට්ටපෙරියකුලම් යන ප‍්‍රදේශවල මෙම මාර්ග බාධක ස්ථාපිත කර ඇති බව හමුදාව ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සැකසහිත වාහන 20 අංක සහිත දැන්වීම් මහජනයාට දැන ගැනීම පිණිස  ඇතැම්  මාර්ගවල  ප‍්‍රදර්ශනය කර ඇති බවද ආරක්ෂක අංශ කියයි.

 

(ඡායාරූප - රොමේෂ් මධුෂංක)

 



අදහස් (10)

පුපුරණ ද්‍රව්‍ය සහිත වාහන 20 ක් උතුරට

thushara Thursday, 02 May 2019 10:25 AM

අනේ සංහිදියාව නිසා රටකට කර ගත්ත විනාශයක්..විදේශ රටවලට හොද හිත පෙන්නන්න ගිහින් ලංකාවේ මිනිසුන්ට එදා වේල කන්න හොයා ගන්න බැරි තරමට රටේ ආරක්ෂාව විනාශ කරා

:       543       2431

සේන Thursday, 02 May 2019 10:46 AM

තත්ත්වය ඉතා බරපතලයි නේද ? පාලනයේ ඉන්න දේශපාලකයින් තම පෞද්ගලික වාසි සහ න්‍යාය පත් වෙනුවෙන් රටේ ආරක්ෂාව තව තවත් අනතුරේ නොදමයි කියා හිතනවා. තමා බලයේ සිටින එක නෙවෙයි ප්‍රශ්නය.

:       70       832

PATHUM Thursday, 02 May 2019 11:18 AM

දැන් ඔය පාරෙන්ම ඒවි, අනේ මෙහෙමත් තොරතුරු දෙනවද බුද්ධි අංශ

:       274       652

chathuri Thursday, 02 May 2019 12:23 PM

අපේ රණවිරුවන් හරිම අසරණයි. ඕනෑම දෙකට මුණ දෙන්න එඩිතරයි. තමන්ගේ ආරක්ෂාවත් බලා ගන්න. සැක වාහන නතර කරලා ඒවා ඇතුලට එක පාරට ඔලුව දමලා පරීක්‍ෂා කරන්න එපා. සියලුම දෙනාට වාහනයෙන් බහින්න කියන්න. අත්‍ දෙක උඩට ඔසවා ඔවුන්ව පළමුව පරික්ෂ කර පසුව වාහනය සෝදිසි කරන්න. පාස්කු ඉරිදා සිට කරන.මෙහෙයුමේදී කිසිම ප්‍රභූ කෙනෙක් දැක්කේ නැහැ රවිරුවන් සමග යනවා මෙහෙයුම් වලට. නමුත් කතාව දෝලාවේන් ,මේ සටන ඉවරවූ බව දැනගත්තම් මහපොළොව ඉඹලා මමයි මෙය නතර කෙරුවේ කියල කියන කෙනා බලමු.

:       2369       2392

ඈපා Friday, 03 May 2019 06:05 AM

ජනාධිපතිට අගමැතිට යුද්ධ කරන්න යන්න කියලා නෑ කොහේවත් ..ඒ අයට තියෙන්නෙ ඊට අවශ්‍ය උපදෙස් දී බලතල ක්‍රියාත්මක කරන එකයි..

:       0       43

sirimal Thursday, 02 May 2019 12:37 PM

තුර්කියේ ෆ්ට්තුල්ලා සංවිධානයේ ත්‍රස්තවාදීන් 50 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව කොළඹ තුර්කි තානාපති කාර්යාලය මඟින් රජයට දන්වා ඇති බව අද දැනගන්නට ලැබුනා.

:       0       292

පිටිගල මිලානෝ Thursday, 02 May 2019 01:39 PM

අන්තවාදීන් සහ පුපුරන ද්‍රව්‍ය සඟවා ඇති ස්ථාන පිළිබඳව ඔත්තු සපයන සාමය අගයන ලේබ්බේලාට සාමය අගයන ජනතාවගේ ප්‍රසාදය හිමිවෙනවාමයි.

:       1       347

M. හලිම් Thursday, 02 May 2019 03:08 PM

මෙසේ පරික්ශා කිරිමට මාර්ග බාධක හා ආරක්ෂක අංශ ක්‍රියාත්මක වන ස්ථාන මාධ්‍යය තුලින් ප්‍රසිද්දියට පත්කිරීම හොද දෙයක් නොවේ. එවිට ත්‍රස්තවාදීන් විකල්ප මාර්ග හො වෙනත් මාර්ග තෝරා ගමන් කිරිමට ඉඩ ඇත. ආරක්ෂක අංශයෙ මෙවැනි කටයුතු ප්‍රසිද්ද නොකරන්න. මේ අවස්තාවෙ අප කලයුත්තේ උපරිම සහයෝගය ඔවුන්ට ලබාදිමයි..

:       0       147

chandima Thursday, 02 May 2019 06:26 PM

ඒක නම් ඉතාම හොඳ දෙයක්.

:       10       9

ක්‍රිෂාන්ත Friday, 03 May 2019 02:27 AM

දැන් ඉතින් යු-ටර්න් එකක් ගහලා දකුණටම ඒවි.

:       0       25

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28339 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18191 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10885 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 672 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 197 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 855 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site