(දයාරත්න ඇඹෝගම)
ධාතුසේනපුර කලාවැව දියවර ගම්මානයේ අද (06) සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය රැසක් සමඟ මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට ගත්බව ඉපලෝගම පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කලාවැව විජිතපුර පදිංචි 50 හැවිරිදි මුස්ලිම් ජාතිකයෙකි.
ඉපලෝගම පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබුණි.
ඩෙටනෙටස් 145 ක්,වෙඩි බෙහෙත් සහිත සේවා නුල් මීටර් 786 ක්,ජෙලිග්නයිට් කරල් 243 ක්,වෙඩි බෙහෙත් කිලෝ 12 ක් සහ ඇමෝනියා නයිට්රේට් කිලෝ 36 යි ග්‍රෑම් 600ක් පොලිසිය විසින් අත්අඩංගුවට සොයාගෙන තිබේ.
සැකකාර මුස්ලිම් ජාතිකයා හෙට 07 කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඡායාරූප - කුෂාන් ජයවර්ධන

2025 දෙසැම්බර් මස 18
226
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
171
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
976
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුපුරණ ද්‍රව්‍ය රැසක් සමඟ මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට
PA - RA Monday, 06 May 2019 02:57 PM
එයාටත් ඇප දෙයි.
ManojTuesday, 07 May 2019 04:44 AM
අනිවරෙය්න්ම. ඕවා ගල් කඩන්න ගෙනාපුවා කියලා ඇපත් දීලා බඩුත් ආයෙත් එයාටම දෙයි. අනේ මන්ද අපේ ලංකාවට ගිය කලක්..
Amarabandu Tuesday, 07 May 2019 02:43 AM
නඩු අහන තැනක පිපිරෙනකම් ඇප ලැබේවි
imesh Tuesday, 07 May 2019 04:07 AM
නිකන් බොරුවට මහන්සි වෙන්න එපා. ඔන්න ඔය මනුස්සයව ඇත ඇරලා දාන්න දැන්මම. උසාවි දැම්මත් ඕකම තමා වෙන්නේ.